IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සන්තකේම දන්දී බිරිය හැඩ කළ සැමියාත් ලස්සනට ඇන්දිලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
බිරිය තිරිහන් කර ලස්සන කරන්නට අතේ අන්තිම සතේ දක්වාම වියදම් කළ සැමියකුට මාස කිහිපයක් තුළදී බිරිය සදහටම අහිමි වූ පුවතක් සියනෑවේ ගම්මානයකින් වාර්තාවේ.


ආරක්ෂක අංශයක සේවය කරන තරුණයෙකු වසර විස්සකට පමණ පෙර තරුණ වියේ වූ ඇය හා පෙමින් වෙලී පවුල් දිවිය ආරම්භ කළේ දෙපක්ෂයේ ඥාතීන් ඇතුළු පිරිසකගේ විරෝධය මැදය. දරු පවුල එකා දෙන්නා ලෙස වැඩිවී සවු දෙනෙක් දක්වා ඉහළ ගියේය.


මේ අතර සැමියාගේ මව අසනීප වූවාය. දිනක් ඇගේ දුක සැප බලන්න සැමියා සේවය කරන ආරක්ෂක ඒකකයේ ඉහළ නිලධාරියෙක් නිවසටවිත් මවගේ දුක් සැප බැලූ අතර ඔහුට බිරියගෙන්ද නිසි සැලකිලි ලැබුණි. ඇය සැමියාගේ ප්‍රධානියාට ඇහෙන්ද කතා කළේය.


ආපසු යන්නට සැරසුණු ප්‍රධානියා අර ඉන්නේ ඔබේ අක්කාද කියා බිරිය පෙන්වා විමසීය. ඒ වදන් සමඟ ඔහු වික්ෂිප්ත වූයේය. කිසිත් නොදෙඩූ ඔහු ප්‍රධානියාට සමු දුන්නේය. සවසම බිරිය සමඟ ගියේ රූපලාවන්‍යාගාරයකටය. බිරිය තිරිහන් කර ලස්සන කරන්නට ඇවැසි ප්‍රතිකාර කරන්නට අවශ්‍ය කරන සියලු මුදල් අත දිග හැර වියදම් කළේය.


ඔහු රැකියාවට ගියේ බිරියට නිසි පරිදි අවශ්‍ය සේවාවන් ලබාගන්නට උපදෙස් දීමෙන් පසුවය. මසකින් ආ සැමියාට බිරියගේ තරුණ පෙනුමක් දකින්නට ලැබිණි. ඔහු සතුටු වූයේය. තව තවත් එම ප්‍රතිකාර කරන්නට අවශ්‍ය මුදල් හදල් දුන්නේය.


මාස කිහිපයක් ගතවිය. බිරිය දැන් රූමතියක්සේය. ඇය ගැන විවිධ කතා සැමියාගේ කනට ද ගියත් ඔහු ඒවා බැහැර කළේ අලුයම ලූ කෙළ පිඩක් සේය. මේ අතර මව මියගියාය. මවගේ මරණයේ කටයුතු ඉහළ අන්දමින් කරනු ලැබූයේ සැමියා තම ප්‍රධානියාගෙන් ලත් සහාය ද ඇතිවය.


හත්දොහේ දානයෙන් පසු බිරිය අතුරුදන් වූවාය. සොයා ගන්නටද නැත. නිවසේ තිබූ සියලු වටිනා දේද අරගෙන ඇය පිටවගොස් ඇති බව හෙළිවිය. සැමියා දරුවන් සමඟ නිවසේය. ඔහුට රැකියාවට යන්නට අවස්ථාවද නැත. ගෑනි ලස්සන කරන්න ගිහින් මට වෙච්ච දෙයක් ඔහු කා සමගත් කියන්නට වූයේය.


මේ අතර ආරංචියක් ලැබිණි. බිරියත් තමන්ගේ ප්‍රධානියාත් පවුල්කමින් දිවිය ගත කරන බව එයින් කියැවිණි. සොයා බලද්දී ඒ බව සනාථ විය. තවදුරටත් කළ සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ බිරිය කලක් තිස්සේම සැමියාගේ ප්‍රධානියා සමඟ දුරකථන ඇසුරක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඒ බවක් නොදැනෙන්නට නිවෙසට ආ අවස්ථාවේ ඇය අක්කාදැයි බොරුවට ප්‍රශ්න කර ඇති බවත්ය.

 



අදහස් (1)

සන්තකේම දන්දී බිරිය හැඩ කළ සැමියාත් ලස්සනට ඇන්දිලා

nikam Thursday, 27 June 2019 05:24 AM

ඔහොම දේවල් ඔය ඕනතරම් ආරංචි වෙන්නේ මේකත් තව එකක්

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 585 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site