මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් වැටලීමකට එන බවට ලද දුරකථන ඇමතුමකින් කළබලයට පත්වු ව්‍යාපාරිකයකු එහි සිටි ගනු දෙනුකරුවන්ට හදිසි තත්ත්වයක් මවා පා කඩිමුඩියේ වෙළෙඳ සල වසා දමා පිටවගිය පුවතක් පසුගිය දා වයඹ පළාතේ ගමකින් වාර්තා විය.
එම වාර්තාවට අනුව මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර පාන අලෙවි කරන ආපන ශාලා ඇතුළු වෙළෙඳල් වටලා වැරදිකරුවන් වන වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නිරන්තරව කටයුතු කරති.
මෙම නිලධාරීන් වැටලීම සඳහා හදිසියේ ගමකට හෝ නගරයට පැමිණ වෙළෙඳ සලක් දෙකක් පරීක්ෂාවට ලක් කරන විට ඒ බව සෙසු ඇතැම් වෙළඳුන්ට සිය හිතවතුන් මගින් දැන ගන්නට ලැබෙන අවස්ථාද නැතුවා නොවේ. එසේ ලැබෙන පණිවිඩයට අනුව තම වෙළෙඳ සල පිරිසුදුවට හා පිළිවෙළකට තබාගන්නා වෙළඳුන් මෙන්ම ඒ මුකුත්ම නැතිව කඩිමුඩියේ වෙළෙඳ සල වසා දමා හීන් සීරුවේ මාරු වී යෑම ඇඟට ගුණ යැයි සිතන වෙළඳුන් ගැනද අසන්නට ලැබෙන අතර මෙයද එවන් සිදුවීමකට අදාළ කතාවකි.
අදාළ ගමේ සිල්ලර වෙළෙඳසලක මුදලාලි සිය රාජකාරියේ යෙදෙන අතර තුර හදිසියේම දුරකථන ඇමතුමක් ලැබී ඇත. ඊට කලබලයෙන් මෙන් ප්‍රතිචාර දැක්වූ මුදලාලි “හා හොඳයි හොඳයි මම දැන්මම එනවා” යැයි පවසා ඇත. අනතුරුව මුදලාලි එහි සිටි තම ගනුදෙනුකරුවන් අමතා “අනේ සමාවෙන්න මට හදිසියේ කඬේ වහල ගෙදර යන්න වෙලා. මොකද පොඩි කරදරයක් කියලා පණිවිඩයක් ආවා. බඩු ගත්තු අයගෙ ගනුදෙනු පස්සෙ බලා ගමු” එසේ කී මුදලාලි වෙළඳාම පසෙක ලා කඩිමුඩියේම වෙළෙඳසැල වසා එහි ඉදිරියේ නවතා තිබූ කුලී ත්‍රිරෝද රථයක නැගී පිටව ගොස් ඇත.
මුදලාලිගේ මෙම හදිසි කලබලයට හේතුව කුමක්දැයි හිතවත් ත්‍රිරෝද රථ රියැදුරා ගමන යන අතරේ මුදලාලිලාගෙන් විමසා ඇත. එවිට මුදලාලි තමන් වෙළෙඳසල හදිසියේම වහපු ඇත්තම කාරණාව එම රියැදුරාට පවසා ඇත.
(කරුවලගස්වැව ජයන්ත වික්‍රමආරච්චි)
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
874
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘සැන්ටිපෝට්’ භීතිකාවෙන් මුදලාලි කඬේ වහලා
පිටබැද්දර ජයා Saturday, 16 July 2016 12:12 PM
හැමදාමත් පැනලා යන්න බැහැනේ මුදලාලියෝ. දවසක අතටම අහුවෙනවා. එතකොට පොළියත් එක්කම ගෙවන්න ලැහැස්ති වෙලා ඉමු (නි)