කඩ පරික්ෂාවට ගිය සෞඛ්‍ය මහත්තුරු දැක සිල්ලර කඩේ මුදලාලිට හෘදයාබාධයක් ඇති වී එලොව පොල් පෙනුණු සිද්ධියක් තල් අත්තට වැටුණු ගෙඩියක නමක් ඇති ප්‍රසිද්ධ පෙදෙසකින් වාර්තා වෙයි.
සිද්ධිය සැකෙවින් මෙසේය.

මහජන සෞඛ්‍ය පරික්ෂක මහත්වරු කිහිප දෙනෙක් සිල්ලර වෙළෙඳ සල් සහ හෝටල් පරීක්ෂාවකට ගියහ. එය ආහාර ද්‍රව්‍ය ඇතුළු සිල්ලර භාණ්ඩ අලෙවිසලකි. මහජන සෞඛ්‍ය පරික්ෂකවරු එම අලෙවිසලට ද ඇතුළු වූයේ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය තිබේ දැයි පරික්ෂා කිරීමටය. එහෙත් ආහාර පරික්ෂා කිරීම පසෙක ලා වෙදකම් කරන්නට මහජන පරීක්ෂක මහතුන්ට සිදු විය.
මහජන පරික්ෂක මහත්වරු වෙළෙඳසලට ඇතුළුවනවිට කාකි ඇඳුම් දුටු විගස වෙළෙඳසලේ මුදලාලිට හදිසියේ හෘදයාබාධයක් හටගත්තේය. සිදුව ඇත්තේ කුමක් දැයි ඉක්මණින් හඳුනාගත් නිලධාරීහු වහාම ක්‍රියාත්මක වූහ. හදිසි හෘදයාබාධයකදී ගත යුතු බෙහෙත් මුදලාලි සතුව තිබූ හෙයින් මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන්ට මුදලාලි මහතා හදිසියේ රෝහල් ගත කිරීමට අවශ්‍ය වූයේ නැත. මුදලාලි සතු වූ බෙහෙත් සොයා ගෙන ඔහුට ඒවා ලබාදීමට මහජන සෞඛ්‍ය මහතුන්ට සිදුවිය. මිනිත්තු කිහිපයකින් මුදලාලි මහතා යථා තත්ත්වයට පත් වූයේය.
මුදලාලි අසනීපවීම හේතුවෙන් ආහාර පරික්ෂා කිරීම පසෙකලා වෙළෙඳසලෙන් පිටව යාමට මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන්ට එදින සිදුවිය.
සිටිනාමළුව අනීෂා මානගේ
2025 ඔක්තෝබර් මස 08
1813
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1476
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සැන්ටිපෝට් දැක්කම මුදලාලිගේ පපුව පත්තුවෙලා