බූරු කුට්ටමක කොළ හතරක් උපයෝගී කර ගනිමින් ප්‍රදේශයේ සති පොළවලට ගොස් සූදු ක්‍රීඩාවක් පවත්වා එහි පැමිණෙන වෙළෙඳුන්ගේ හා පාරිභෝගිකයන්ගේ මුදල් ගසා කෑ පුද්ගලයකුට අපූරු සංග්‍රහයක් පැවැත්වූ පාරිභෝගිකයකු පිළිබඳ පුවතක් වියලුවේ සති පොළකින් අසන්නට ලැබිණි.
සිද්ධිය මෙසේය.
එය විශාල පිරිසක් පැමිණෙන ප්‍රදේශයේ ප්‍රසිද්ධ සති පොළකි.
කලක් තිස්සේ එහි පැමිණෙන එක්තරා මැදිවියේ පුද්ගලයකු බූරුවා කුට්ටමේ කොළ හතරක් යොදාගෙන දිනුවොත් මුදල් හතර ගුණයක් ලබාදෙන බව පවසමින් අපූරු සූදු ක්‍රීඩාවක නිරත වූයේ කිසිවකුටත් සැක නොසිතෙන අන්දමිනි.
සතිපොළට පැමිණෙන විශාල පිරිසක්ද මොහුගේ මෙම ක්‍රීඩාවට ඇබ්බැහි වී සූදු ක්‍රීඩාවේ නිරත වුවත් ඔවුන්ට දිනුමක් ලැබුණේ බොහෝ කලාතුරකිනි.
තම බඩඉරිඟු වගාවට යෙදීම සඳහා පොහොර මිටියක් රැගෙන යාමට පැමිණි තරුණයකු ද මේ උප්පරවැට්ටියට හසුවී තම අතේ තිබූ රුපියල් හාරදහසක මුදල් අවසන් වනතුරුම ඔට්ටු ඇල්ලුවේ ඒ පිළිබඳ ඇතිවූ දැඩි ආකර්ෂණය නිසාය.
කෙසේ වෙතත් විනාඩි කිහිපයක් තුළ තමන් රැගෙන ආ සියලු මුදල් මේ සූදුකාරයාට පැරදී ඇති බව දැනගත් ඔහුගේ හිසට යක්ෂයා ආරූඪ වූයේ පොහොර මිටිය මතක් වෙද්දී ය.
සූදු ක්‍රීඩාවේ යෙදීමට පැමිණි පිරිස අවසන් බව දුටු සූදුකරු ද සිය බඩු භාණ්ඩ තොගය අකුලා ගත්තේ බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි මුදලක් එදින තමන් සතු කර ගන්නට ලැබීම ගැන උදම් අනමිනි.
ඒ අවස්ථාවේ වහා ක්‍රියාත්මක වූ පොහොර රැගෙන යාමට පැමිණි තරුණයා “ඉඳා ඔය බඩු ටිකයි සල්ලියි එක්ක මේ දෙකත් අරං පලයන්” කියමින් සූදුකරුගේ කම්මලට වැරෙන් පහර දෙක තුනක් එල්ල කළේ බලා සිටියවුන්ගේ ප්‍රීති ඝෝෂා මැද්දේය.
(වියලුව වාර්තාකරු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදලට සුදු කරන්න ලංකාවේ තහනම් ....පිටකොටුවේ හැමතැනම මේවා සිද්ද වෙනවා (ම)
තමන්ගේ අධික තණ්හාව නිසා සිදුවෙන විපත් වලට අනෙක් අය මොනවා කරන්නද? (නි)
කුසල විපාක පළදෙනතාක් සූදු නෙමෙයි මොනවා කරලා හම්බ කළත් පළදෙනවා. ඔය ලංකාවේ ඉන්නේ ලොකු සූදු කරවපු අය ඉහළ තැන්වල වැජඹෙමින්. පෙර කුසල විපාක අවසන් වෙනකොට තමයි කාටත් වරදින්නේ (නි)
සූදුවට කිසිවෙක් බලෙන් සහභාගි කරවා ගන්නේ නැහැ. තම කැමැත්තෙන් සහ මෝඩකමෙන් සූදුවට සහභාගී වී මුදල් අහිමිකර ගත්තාට කව්රුවත් පළි නැහැ. ඒ වාගේම තමයි සූදුකරුවන්ටත් මෙයින් ලැබෙන මුදල් කවදාවත් පළදෙන්නේ නැහැ (නි)