බාලිකා ව්දුහලක බාලිකාවෝ තම පාසලට මුදල් ලබා ගැනීමේ අරමුණෙන් වාහන සේදීමේ කටයුතුවල යෙදුණහ. පසුබිමින් ඇසෙන සංගීතය මැද්දේ ඔවූන් තම කාර්යය ඉටුකළේ සංගීතය අනුව ඉඟ-සුඟ නළවමිනි. ඒ අසළම මගීන් මාරුවන කහඉරයි. එහි සේවයට යොදවා සිටියේ තරුණ පොලිස් භටයෙකි. පදිකයින්ට කහ ඉරෙන් මාරුවීම සඳහා වාහන නවත්වමින් ඔහු තම රාජකාරියේ නිරත විය.
මේ අතර පදිකයෝ පිරිසක් පාර මාරුවීමට කහඉර අසලට පැමිණියහ. පොලිස් නිලධාරියා පාර මැද සිට හස්ත සංඥාවෙන් වාහන නවත්වා පදිකයින්ට පාර මාරු වීමට ඉඩ සලසාදුන් අතර එම අවස්ථාවේදී කන්කළු බටහිර ගීතයක් පසුබිමින් ඇසිණි. එම ගීතය රස විඳිමින් පොලිස් භටයාද පාර මැද සිට වාහන සෝදන හැටි බලා සිටින්නට විය. පාර අයිනේ සිටි අනෙකුත් බාලිකාවෝද ගීතයට අනුව පැද්දෙන්නට වූහ. පදිකයින් කහඉර පැන අවසාන වුවත් පොලිස් භටයාගේ වාහන නැවැත්වීමට එසවූ අත පහළට වැටුණේ නැත. නවතා තිබූ වාහනවල පෝලිම බලා සිටියදී දික්විය. එක් රියදුරෙක් තමා අසල සිටි බාලිකාවකට එම පොලිස් භටයා පෙන්වීය. වාහන පෝලිම දෙසට අත දිගු කළ බාලිකාව ”අයියේ x අයියේ” යැයි ඇමතූ විට පොලිස් භටයා පියවි ලෝකයට පිවිස අත පහත දැම්මේය. (ක‍්‍රිස්ටෝපර් සීපියන් x අනුරාධපුරය*

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අනේ කවුරුත් මිනිස්සුනේ (දිල්)
පිස්සු හැදෙන පොලිස් කියන්නේ මේවටද මන්දා.(නදී)
ගොඩක් අයට මෙහෙම දේවල් වෙනවා (දිල්)
කරුණාකර මානුෂිය හැගීම් වලට ඉඩ දෙන්න.ඔහුද සාමාන්‍ය මිනිසෙකි...! තෙරුවන් සරණ පතමි....(අ)
මේ සිද්ධිය දැක්කම මට අපේ පාසල් කාලය මතක් වෙනවා .(දිල්)
ඒකාකාරී ජීවිතයෙන් පොඩ්ඩක් ඈත් වෙලා නේ.ඔයවගේ දේ කා අතිනුත් සිදු වෙන්න පුලුන්.එත් ඒ වෙලේ අනතුරක් නොවුන එක ලොකු දෙයක් අනතුරු වැඩි හරියක් සිදුවන්නේ කහ ඉරේ නිසා.(දිල්)
අද මුළු රටේම තියෙන්නේ නටන සංස්කෘතියක්. කන්න නැතත් නටනවා (දී)
පොලිසියේ උනත් සාමාන්‍ය මනුස්සයෙක්නේ ඒ (දී)
හොද පුරුද්දක් නම් නොවෙයි , රාජකාරිය හරියාකාරව කරන්න නැත්නම් දන්නවානේ (දී)