IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


සාදයේදී සූර්වී මනාලියගේ පියා කුසලානයෙන් කිරිකාලා

ඌව පළාතේ එක්තරා ගමක තරුණයෙක් අසල්වැසි ගමකින් මනාලියක් කැන්දාගෙන ආවේය. එම මංගල්‍යය ජයටම පැවැත්විණි. ඒ අනුව මනාලිය නිවෙසට කැන්ඳාගෙන පැමිණි මනාලියගේ පිරිස වෙනුවෙන් මධුවිතෙන්ද සංග‍්‍රහ කෙරිණි.

මත්පැනට ලොල් පුද්ගලයකු වූ මනාලියගේ පියාද සිත්සේ මත් පැන් පානය කර, දිවා ආහාරයට එක් වූයේය. නමුත් අධික බීමතින් සිටි ඔහු කෑම ගැන උනන්දුවක් දැක්වූයේ නැත.

‘‘බත් නං කන්න බැහැ... ඒත් කිරි හැන්දක් නං කන්න පුළුවන්’’ එසේ කී ඔහු කිරි කෑමට සූදානම් වූයේ කිරි කෑමට ලොල් අයෙක් නිසාමය.

‘‘අනේ මේ පුංචි කප් එකකට කාල මොකටද..?’’ එසේ කී ඔහු වට පිට බලද්දී දුටුවේ අසල කැබිනෙට්ටුව මත යම් බඳුනක් ඇති අයුරුයි.

‘‘ආ... මේ ලොකු කිරි කප් එකකුත් තියෙන්නේ...’’ එසේ කියා එම බඳුනට කිරි හැඳි කිිහිපයක්ම දමා කෑමට සූදානම් වෙද්දී මනාලයාගේ ඥාතීන් මහත් විමතියෙන් බලා සිටියත්, මනාලියගේ ඥාතීන් මහත් ලැජ්ජාවට පත් වූයේ ඔහු එසේ කිරි කෑමට රැුගෙන තිබුණේ මනාලයාට ක‍්‍රීඩා තරගයක ජයග‍්‍රහණය වෙනුවෙන් ලැබී තිබූ කුසලානයක් වීම හේතුවෙනි.
 



අදහස් (0)

සාදයේදී සූර්වී මනාලියගේ පියා කුසලානයෙන් කිරිකාලා

කොකිලා Saturday, 12 July 2014 05:30 PM

ආ ඕක මොකක්ද ? අරයා විසි හතර පැයේම වෙරි මර ගාතේ වගේනේ වැඩ කරන්නේ (නදී)

:       0       0

චන්දික Tuesday, 08 July 2014 06:34 PM

තාත්ත අපහු ගෙදර යාවි. මනමාලිට තමයි ලැජ්ජාව. බේබදුකම නිසා ස්ත්‍රීන්, කුඩා ළමුන් ලජ්ජාවට අපහසුතාවයට පත් වෙනවා. (අ)

:       0       0

මාලිකා Friday, 11 July 2014 08:13 AM

දැන් ඒ මනමාලිට මොනවා වෙලාද දන්නෙ නැහැ (නි)

:       0       0

රූපවතී Tuesday, 08 July 2014 07:37 PM

ඇත්තටම හිනා ගියා ඒ සිදුවීමට (නි)

:       0       0

දිසානායක Thursday, 10 July 2014 09:01 AM

අපොයි ඕක මොකක්ද දැලි පිහියෙනුත් කිරි කන්නේ. (ස)

:       0       0

අබ්දුල් Wednesday, 09 July 2014 01:23 AM

සුපිරි වැඩක්නේ! (නි)

:       0       0

සුජිත් Tuesday, 08 July 2014 09:59 AM

බේබද්දෝ බොහෝ ලජ්ජා නැති වැඩ කරන්නෝය. එහෙත් උන්ගේ ලජ්ජා නැති කමට යලි යලිත් මත් පැන් බොති. යලි යලිත් ලජ්ජා නැති වැඩ ම කරත්. එහෙත් උන් අනුකරණය කරමින් මත්පැන් බොන්නන් මිස උන්ගේ ගොන්කම් දැක මත් පැන් අත් හරින්නන් ගැන අසන්නට නැත. මෙවැනි කතා වලින් වත් හැදෙන්න හිතන්න. (ස)

:       0       0

බමුණු Tuesday, 08 July 2014 01:22 PM

ඇත්තටම කුසලානයේ ඉතිහාසය බැලුවොත් කුසලානය දුන්නේ වයින් බොන්න. ඇත අතීතයේ කුසලානය දිනු තැනැත්තා කුසලානය පුරවා වයින් බීව. ඉතින් කුසලානයෙන් කිරිකෑම මහදෙයක් නොවෙයි එයා දිනපු කුසලානයක් නම්. අනුන්ගේ කුසලානයෙන් කිරිකෑවනම් එක හොදමදී (දී)

:       0       0

පද්මිණි Friday, 11 July 2014 04:57 AM

මම සිතුව දේම දිසා ලියලා. දැන් ඉතින් මේ මනමාලිට මේ ගෙදර ගෙවන්න වෙන ජීවිතය දැලි පිහියෙන් කිරි කනවා වගේ නම් වෙන්න එපා. (නි)

:       0       0

ධම්ම Wednesday, 09 July 2014 04:21 AM

මිනිස්සු බීලා කරන විකාර දැක්කම මේවා මොනවද කියලත් වෙලාවකට හිතෙනවා (නි)

:       0       0

බමුණු Saturday, 12 July 2014 03:29 PM

"දැන් ඒ මනමාලිට මොනවා වෙලාද දන්නෙ නැහැ" මනමාලිට මුකුත් වෙන්නේ නැහැ එයාගේ මහත්තයත් බොනවා නම්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 620 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 525 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site