IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


සාදයේදී ගුටිකා කමිසයක් ඉල්ලන්න නිවෙසකට රිංගලා

සිය සැමියා වෙනත් කාමරයක නිදාසිටි අවස්ථාවක නිදන කාමරයේ හුදෙකලාව නිදාසිටි කාන්තාවක් අසලට අඩ නිරුවතින් ආ පුද්ගලයකුට නිවසේ සිටි සැමියා ඇතුළු පිරිසක් පහරදීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු කළ පාපෝච්චාරණය නිසා ඔවුන් අන්දමන්දවීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතෙනි. කමිසය ඉරීගොස් කලිසමේ බොත්තම් ද ගලවා ගෙන සිටි නිසා මේ තැනැත්තා කාන්තාවට අතවර කිරීමට පැමිණියකු ලෙස සැක කළත් ඒ නිවෙසට පහළින් වූ ආපනශාලාවක රාත‍්‍රී සාදයකදී ඇති වූ ගුටිබැට හුවමාරුවක දී හොඳටම ගුටිකා හෙම්බත්ව සිටි ඔහු ඒ වනවිටත් මෙහි විවෘතව තිබූ දොරෙන් ගෙට ඇතුළු වූයේ හොඳ කමිසයක් ඉල්ලා ගැනීමට බව පසුව පවසා තිබේ. 
මේ පැමිණිල්ල විභාග කිරීමට ආ පොලිස් නිලධාරීන්ට මේ ප‍්‍රකාශය සත්‍ය බව පෙනී ගියත් ඒ වනවිටත් දැඩි බීමතින් පසුවූ නිසා ඔහු අත්අඩංගුවට ගැනීමට සිදුවූ බව එම පළාතේ පොලිසිය කියයි.



අදහස් (0)

සාදයේදී ගුටිකා කමිසයක් ඉල්ලන්න නිවෙසකට රිංගලා

හජ්රින් Thursday, 31 July 2014 05:06 AM

බලන්න මිනිස්සු අසරණ වෙන විදිහ මෙවැනි අවස්තාවල අපිත් මිනිසුන් හැටියට අසරණයට උදව් කිරීම යුතුකමක්. මොකද අපිටත් කවද හරි මෙහෙම උදව් ඉල්ලන්න වෙන අවස්ථාවක් උදා වෙන්න පුළුවන්. හදිස්සියේ ගං වතුරකවත් ගහගෙන ගිහිල්ල ඇඳුම් ටික නැති උනොත් අපිට වෙන්නෙත් මේ ටිකමයි නේද. (නදී)

:       0       0

රත්නායක Tuesday, 05 August 2014 04:13 PM

නොගහ ඉදිද (දී)

:       0       0

ප්‍රනාන්දු Friday, 01 August 2014 10:52 AM

ගහෙන් වැටුන එකාට ගොනා ඇන්න වගේ. (නදී)

:       0       0

සෑම් Wednesday, 30 July 2014 07:38 AM

තමන්ගේ ඇඳුම් ඉරිලා කියලා තේරෙනවා නම් , ඒවා ඇඳගෙන යන්න ලැජ්ජා හිතෙන තරමට සිහිය හොඳනම් දැඩි බීමතින් කියලා කියන්නේ කොහොමද?? පැමිණිල්ල විභාගෙට ගිහිල්ල හිස් අතින් එනවාට වඩා නඩුවකුත් අරගෙන එන එක හොඳයි කියලා හිතෙන්න ඇති. (නදී)

:       0       0

අජන්ත Thursday, 31 July 2014 08:52 PM

ප්‍රසිද්ධ ස්ථාන වල බීමතින් හැසිරීම දඩුවම් ලැබිය හැකි වරදක්. එහෙමයි නීති පොතේ තියෙන්නේ. එ්ත් මේ නීතිය සමහරුන්ට පමණයි. ඒකයි අත්අඩංගුවට පත් වෙන්නේ. හැමෝටම මේක අදාළ වෙන්නේ නැහැ.(නදී)

:       0       0

වික්ටර් Wednesday, 30 July 2014 02:49 PM

ගෙදර දොරත් ඇරගෙන ජෝඩුව කාමර දෙකක වෙන වෙනම නිදාගත්ත එකත් ප්‍රශ්නයක්! (නි)

:       0       0

පිටිගල Sunday, 03 August 2014 08:46 AM

පව් මෙයාලා.! (නදී)

:       0       0

ගයනී Wednesday, 30 July 2014 04:47 AM

රාත්‍රියේ නිවසේ දොරවල් විවෘර්ත කර තබා නින්දට ගිහින් තිබෙන්නේ අඹු සැමි යුවලත් ඩෝප් මරගාතයෙන් ද කොහෙද (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1257 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1214 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 443 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site