(තිහගොඩ - උපසේන ලියනගම)
ඔහු දිගු කලක සිටම සුරා සොඬෙකි. ඒ ආකාරයට සූදුවට ද ඇබ්බැහි වූවෙකි. පසුගියදා ගමේ අවමඟුල් ගෙදරක රාත‍්‍රි මත්පැන් බී සු¥වේ යෙදි හොඳටම පරාජය වී ගෙදරට දුව ආවේ අලූතෙන් ගෙනා රූපවාහිනිය විකුණා දමා යළි සූදුවට යාමටය. ඒ මොහොතේ ගෙදර කිසිවකු නොසිටියෙන් රූපවාහිනිය සිත්සේ පන්නාගෙන ගමේම දුප්පත් ගෙදරකට වික්කේ අඩු මුදලකටය.
නැවත සූදුපිටියට ගිය ඔහු ලොකු මුදල් ඔට්ටුවට අල්ලා ඒවාද පරාජයවීමෙන් පසු ගෙදරට ගොස් නිදා ගත්තේය.
පසුදා උදෑසන අවදිවන විට වෙරි සිඳී තිබූ නිසා බිරියගේ කන්දොස් කිරියාවෙන් බේරීමට බැරි තැන රූපවාහිනිය මිලදී ගත් ගෙදරට ගොස් කනිපින්දම් කියා යළි රූපවාහිනිය ගෙනාවත් මුදල ආපසු නොගෙවීම නිසා ඒ ගෙදර බිරිය සැමියාට දොස් දෙවොල් කියා බනිනවාලූ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
සූදුපොළේදී පැරදී නිවසේ රූපවාහිනියත් විකුණලා
පිටිගල Wednesday, 05 November 2014 05:59 AM
මේකත් මීට වඩා සංවේදී කතාවකි. කුඩා දරුවන් තිදෙනෙක් සිටින ඔවුන්ගේ පවුල සාමයෙන් සමගියෙන් සිටියහ.ගෙය සාදා තිබෙන පර්චස් 4 හැරෙනවිට වෙනත් ඉඩම් කඩම් නැති ඔවුන්ගේ පියා කල සුළු රැකියාව අහිමිවිය. දරුවන්ගේ කුසගිනි නිවීමට ගෙයි තිබුන සියල්ලම විකුණා හෝ උගස් කර අවසානයේ ගෙදර තිබුන රුපවාහිනියද විකුණා දැමීමට ඔහුට සිදුවිය. දරුවන්ට තිබුන එකම සතුට එය පමණකි. කුසෙන් අඩක ආහාර ගෙන හෝ ඔවුන් රුපවාහිනිය බලමින් සතුටින් සිනාවෙන් සිටියද ඊට පසු ඒ නිවසේ තිබුන සතුට සිනාව අතුරුදහන් විය. මෙය ඉවසීමට නොහැකි නූගත් පියා මදපමනින් සුරා පානය කර ගෙදර විත් දරුවන් හා විනෝදයෙන් සිටියත් කල් යාමේදී ඔහු සුරාවට ඇබ්බැහි වී දැන් ඒ නිවස යකුන් නටන පිටියක් බවට පත්වී ඇත.දැන් ඒ පවුල ගොඩ ගැනීමට කිසිවෙකුට බැරි බව පැහැදිලිය.දරුවන් අනාතය, බිරිඳ හැඬු කඳුලෙනි. පියා අමු බේබද්දෙකි. දරුවන්ටත් බිරිඳටත් ආහාර ලබා දීම අහල පහල කාරුණික මිනිසුන් කලත් ඒ කෙතරම් කාලයකටද? වරද කොතනද? (බ)
සමන්ත Tuesday, 04 November 2014 10:55 PM
බිරිය බනින්නේ රූපවාහිනිය මිලදීගත් සැමියාටද , නැත්නම් සුදු අන්තුවාටද දන්නෙ නැහැ (නි)