IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


සූදුපොළේ ලොක්කා දැක්කාම පොලිස් ලොක්කා අන්ද මන්ද වෙලා

වයඹ පළාතේ පොලිස් බලප‍්‍රදේශයක කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය සූදුපොළක් වැටලීමට ප‍්‍රදේශයේ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් පසුගියදා ගියේ ගමේ අයකුගෙන් ලැබුණු ඔත්තුවකටය. එහිදී සූදුවේ නිරතවී සිටි කීපදෙනකු අල්ලාගත්තත් සූදුපොළේ ලොක්කා අල්ලා ගැනීමට බැරි වූයේ ඔහු තම යතුරුපැදියෙන් පැන ගිය හෙයිනි. අල්ලාගත් සැකකරුවන්ගේ පාපෝච්චාරණ මත ලොක්කා අල්ලා ගැනීමට ස්ථානාධිපතිවරයාද තවත් නිලධාරීහු දෙදෙනෙක්ද යළි එහි ගියහ. එන කවර අභියෝගයකට වුවද මුහුණ දීමේ අරමුණක් ඔහු තුළ විය. කෙසේ වෙතත් දැඩි අපහසුතාවක් නැතිව ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවූ අතර අල්ලාගත් සැකකරුවාගේ මුහුණ බැලූ පොලිස් ස්ථානාධිපතිවරයාට දෙවියන් සිහිවූයේ මෙයට සති කීපයකට පෙර තම දරුවකුගේ උප්පැන්න සහතිකයකට වූ වරදක් නිවැරදි කිරීමට දිවුරුම් පෙත්සමක් අත්සන් කළ සාම විනිසුරුවරයා ඔහු වූ බැවිනි.



අදහස් (0)

සූදුපොළේ ලොක්කා දැක්කාම පොලිස් ලොක්කා අන්ද මන්ද වෙලා

සිල්වා Wednesday, 21 November 2012 01:28 PM

අයියෝ සල්ලි

:       0       0

සුමිත් Friday, 23 November 2012 04:20 PM

අද කාලේ වෙන දේවල් දිහා බලද්දී ඕවා මොනවද? (නි)

:       0       0

ලාල් Tuesday, 20 November 2012 12:47 PM

අමතර රැකියාවක් වගේ

:       0       0

කිත්සිරි Tuesday, 20 November 2012 12:30 PM

අද කාලේ සාම විනිසුරු කියන්නේ දේශපාලන ආධාරකරුවන්ට දෙන තනතුරක් නේද? මෙයා ඒකට ගැලපෙනවා (ස)

:       0       0

දයා, සෞදියේ සිට Tuesday, 20 November 2012 12:50 PM

වැඩේ හබක් (ස)

:       0       0

ඉසුරු Tuesday, 20 November 2012 11:08 PM

නමේ තේරුම නියමෙටම තේරුම් අරන් තියෙනවා (ස)

:       0       0

ඉසුරු Tuesday, 20 November 2012 11:15 PM

නමේ තේරුම මනාවට තේරුම් අරන් තියෙනවා (ස)

:       0       0

උදයංග Tuesday, 20 November 2012 12:48 PM

සාමවිනිසුරුවරුන්ගෙන් වැඩි හරිය හොරු, මංකොල්ල කරුවන්, ස්ත්‍රී දූෂකයන්, ළමා අපචාර කරුවන් තමයි . නිවැරදිව සේවට ඉටු කරන අය‍ටත් නිග්‍රහයක් (ස)

:       0       0

චරිත් Tuesday, 20 November 2012 01:09 PM

මුළු දිවයිනටමද ??? (ස)

:       0       0

විශ්ව Wednesday, 21 November 2012 11:00 AM

අයියෝ සල්ලි

:       0       0

දයානන්ද Wednesday, 21 November 2012 03:06 PM

තව නූලෙන් මාත් මාට්ටුයි........ (ස)

:       0       0

සිල්වා Wednesday, 21 November 2012 12:13 AM

අපූරුයි. (නි)

:       0       0

නාලක Tuesday, 20 November 2012 01:06 PM

අපේ පළාතේ ඉන්න සාම විනිසුරු තමයි කසිප්පු බිස්නස් ඒක කරන්නේ (ස)

:       0       0

හේරත් Wednesday, 21 November 2012 12:40 AM

අපි සාමදානයෙන් සෙල්ලම කරද්දී පොලිසිය මොකටද එතෙන්ට ආවේ? (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 21 November 2012 12:52 AM

සාමවිනිසුරු වුණාට එයාට ජීවත්වීමටත් ක්‍රමයක් එපායැ. ඔහු කළේ කාටත් කරදරයක් නැති ක්‍රමවේදයක් සොයාගැනීමයි. (නි).

:       0       0

ප්‍රසන්න Sunday, 25 November 2012 03:19 PM

එයා ගමේ සූදු විනිසුරු කළා නම් හරි. (නි)

:       0       0

අනුර Sunday, 25 November 2012 03:17 PM

පිස්සු හැදෙයි

:       0       0

සම්පත් Wednesday, 21 November 2012 11:34 AM

ඔන්න මිනිස්සු අසරණ වෙන තැන

:       0       0

වරුණ Tuesday, 20 November 2012 01:51 PM

අයියෝ සල්ලි

:       0       0

ශ්‍යාමල් වික්‍රමසිංහ Sunday, 25 November 2012 04:24 PM

සර්ට මාරුවීමක්,‍‍ ජේ.පී ට පළාත් සභා‍වේ සභාපතිකමක්. එහෙමවුණත් පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)

:       0       0

ඉන්සාෆ් Thursday, 22 November 2012 11:58 PM

ජේ.පීද? ජේ.වී.පී. ද? (නි)

:       0       0

පසන් Tuesday, 20 November 2012 07:22 PM

කගේ වැරදිද මේවා?(දී)

:       0       0

එවිල් Tuesday, 20 November 2012 07:16 PM

අයියෝ ඕවානම් මොනාද ,අද රටේ වෙන දේවල් වල හැටියට (ස)

:       0       0

රංජනී Tuesday, 27 November 2012 11:05 AM

තනතුර සල්ලි තන්හාවෙන් යට වෙලා (ස)

:       0       0

ශිෆා Friday, 23 November 2012 01:54 PM

නියම මිනිහෙක් (දී)

:       0       0

සරත් Tuesday, 20 November 2012 02:28 PM

පොලිස් මහත්තයාට අතීතය මතක තිබිලා. (නි)

:       0       0

බුද්ධික Wednesday, 21 November 2012 11:42 PM

නියමයි සර් (ස)

:       0       0

සදුන් Tuesday, 20 November 2012 10:19 AM

මෙහෙමත් දෙයියෝ සාක්කි

:       0       0

පහන් Tuesday, 20 November 2012 02:36 PM

උදයංග ,නාලක ,කිත්සිරි ඔබලා නිවැරදියි .ස්ත්‍රී දුෂනයකට ජීවිතාන්තයට හිරේගිය කෙනෙක්ව එලියට අරගෙන ජේ .ආර් විසින් ලංකාවටම බලපාන්න සමාදාන විනිශ්චයකාර කලා . (ස)

:       0       0

බන්දුල රත්නායක Tuesday, 20 November 2012 07:57 PM

අනේ අපොයි ලංකාවට ගිය කලක් මේ වගේ දේවල් අහන්න අපි අවාසනාවන්ත උනානේ. (අ)

:       0       0

හේමන්ත Tuesday, 20 November 2012 10:39 AM

එහෙනම් සාමදානයෙන් වැඩේ ගොඩදාවි. (ස)

:       0       0

පාලිත Tuesday, 20 November 2012 10:24 AM

සාම විනිසුරුකම ගරු සේවයක් බැවින් ආදායමක් ලබන්නත් මොනව හරි කරන්න ඕනි නේ. (ස)

:       0       0

සත්‍යා Monday, 26 November 2012 10:24 PM

අපේ පැත්තෙත් සාම විනිසුරු කෙනෙක් ඉන්නවා. ඒත් ඉතින් අකුරක්වත් ලියාගන්න දැනුමක් නැහැ... වාසනාව තමයි. (නි)

:       0       0

වරුණ Tuesday, 20 November 2012 11:03 AM

දෙපැත්ත මාරු වෙලා

:       0       0

උදයංග Thursday, 22 November 2012 12:34 PM

අතහැරලා දාන්න සර් ඕක. කළගුණ සළකන්න ඕනෑ මොනවා නැතත්. (නි)

:       0       0

චින්තක Tuesday, 20 November 2012 11:23 AM

තනතුර සල්ලි තන්හාවෙන් යට වෙලා (ස)

:       0       0

ලංකා Wednesday, 21 November 2012 09:29 AM

පිස්සු නොහැදී තියෙයිද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1107 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1130 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 424 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site