වයඹ පළාතේ පොලිස් බලප‍්‍රදේශයක කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය සූදුපොළක් වැටලීමට ප‍්‍රදේශයේ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් පසුගියදා ගියේ ගමේ අයකුගෙන් ලැබුණු ඔත්තුවකටය. එහිදී සූදුවේ නිරතවී සිටි කීපදෙනකු අල්ලාගත්තත් සූදුපොළේ ලොක්කා අල්ලා ගැනීමට බැරි වූයේ ඔහු තම යතුරුපැදියෙන් පැන ගිය හෙයිනි. අල්ලාගත් සැකකරුවන්ගේ පාපෝච්චාරණ මත ලොක්කා අල්ලා ගැනීමට ස්ථානාධිපතිවරයාද තවත් නිලධාරීහු දෙදෙනෙක්ද යළි එහි ගියහ. එන කවර අභියෝගයකට වුවද මුහුණ දීමේ අරමුණක් ඔහු තුළ විය. කෙසේ වෙතත් දැඩි අපහසුතාවක් නැතිව ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවූ අතර අල්ලාගත් සැකකරුවාගේ මුහුණ බැලූ පොලිස් ස්ථානාධිපතිවරයාට දෙවියන් සිහිවූයේ මෙයට සති කීපයකට පෙර තම දරුවකුගේ උප්පැන්න සහතිකයකට වූ වරදක් නිවැරදි කිරීමට දිවුරුම් පෙත්සමක් අත්සන් කළ සාම විනිසුරුවරයා ඔහු වූ බැවිනි.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
අද කාලේ වෙන දේවල් දිහා බලද්දී ඕවා මොනවද? (නි)
අමතර රැකියාවක් වගේ
අද කාලේ සාම විනිසුරු කියන්නේ දේශපාලන ආධාරකරුවන්ට දෙන තනතුරක් නේද? මෙයා ඒකට ගැලපෙනවා (ස)
වැඩේ හබක් (ස)
නමේ තේරුම නියමෙටම තේරුම් අරන් තියෙනවා (ස)
නමේ තේරුම මනාවට තේරුම් අරන් තියෙනවා (ස)
සාමවිනිසුරුවරුන්ගෙන් වැඩි හරිය හොරු, මංකොල්ල කරුවන්, ස්ත්‍රී දූෂකයන්, ළමා අපචාර කරුවන් තමයි . නිවැරදිව සේවට ඉටු කරන අයටත් නිග්‍රහයක් (ස)
මුළු දිවයිනටමද ??? (ස)
අයියෝ සල්ලි
තව නූලෙන් මාත් මාට්ටුයි........ (ස)
අපූරුයි. (නි)
අපේ පළාතේ ඉන්න සාම විනිසුරු තමයි කසිප්පු බිස්නස් ඒක කරන්නේ (ස)
අපි සාමදානයෙන් සෙල්ලම කරද්දී පොලිසිය මොකටද එතෙන්ට ආවේ? (නි)
සාමවිනිසුරු වුණාට එයාට ජීවත්වීමටත් ක්‍රමයක් එපායැ. ඔහු කළේ කාටත් කරදරයක් නැති ක්‍රමවේදයක් සොයාගැනීමයි. (නි).
එයා ගමේ සූදු විනිසුරු කළා නම් හරි. (නි)
පිස්සු හැදෙයි
ඔන්න මිනිස්සු අසරණ වෙන තැන
අයියෝ සල්ලි
සර්ට මාරුවීමක්, ජේ.පී ට පළාත් සභාවේ සභාපතිකමක්. එහෙමවුණත් පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)
ජේ.පීද? ජේ.වී.පී. ද? (නි)
කගේ වැරදිද මේවා?(දී)
අයියෝ ඕවානම් මොනාද ,අද රටේ වෙන දේවල් වල හැටියට (ස)
තනතුර සල්ලි තන්හාවෙන් යට වෙලා (ස)
නියම මිනිහෙක් (දී)
පොලිස් මහත්තයාට අතීතය මතක තිබිලා. (නි)
නියමයි සර් (ස)
මෙහෙමත් දෙයියෝ සාක්කි
උදයංග ,නාලක ,කිත්සිරි ඔබලා නිවැරදියි .ස්ත්‍රී දුෂනයකට ජීවිතාන්තයට හිරේගිය කෙනෙක්ව එලියට අරගෙන ජේ .ආර් විසින් ලංකාවටම බලපාන්න සමාදාන විනිශ්චයකාර කලා . (ස)
අනේ අපොයි ලංකාවට ගිය කලක් මේ වගේ දේවල් අහන්න අපි අවාසනාවන්ත උනානේ. (අ)
එහෙනම් සාමදානයෙන් වැඩේ ගොඩදාවි. (ස)
සාම විනිසුරුකම ගරු සේවයක් බැවින් ආදායමක් ලබන්නත් මොනව හරි කරන්න ඕනි නේ. (ස)
අපේ පැත්තෙත් සාම විනිසුරු කෙනෙක් ඉන්නවා. ඒත් ඉතින් අකුරක්වත් ලියාගන්න දැනුමක් නැහැ... වාසනාව තමයි. (නි)
දෙපැත්ත මාරු වෙලා
අතහැරලා දාන්න සර් ඕක. කළගුණ සළකන්න ඕනෑ මොනවා නැතත්. (නි)
තනතුර සල්ලි තන්හාවෙන් යට වෙලා (ස)
පිස්සු නොහැදී තියෙයිද