(වියලුව වාර්තාකරු)
ඇල්ල නගරයේ සංචාරයක් සඳහා පැමිණි සුදු ජාතිකයන් පිරිසකට වැරැදි මාර්ගයක් පෙන්වා දුන් ප්‍රදේශයේ මග පෙන්වන්නකුට සුදු ජාතිකයන් විසින් නිවැරැදි මාර්ගය පෙන්වා දීමේ පුවතක් වාර්තා විය. සිද්ධිය මෙසේය.
ඔවුන් සිවුදෙනකුගෙන් යුත් ඕස්ටේ්‍රලියානු ජාතිකයන් පිරිසකි. පසුගිය දිනෙක මෙරට සංචාරයක් සඳහා පැමිණි ඔවුන් දින කිහිපයක් ඇල්ල නගරයේ සංචාරක හෝටලයක නවාතැන් ගත්තේ එහි ඇති සුන්දරත්වය අත්විඳීම සඳහාය. ඇල්ල නගරය අවට ප්‍රදේශයන්හි සංචාරය කොට එහි ඇති දිය ඇලි දොළ පහරවල් දැක ගැනීම ද ඔවුන්ගේ අභිලාෂයක් විය. ඇල්ල නගරයේ සිට කිලෝමීටර් දහයක් පමණ දුරින් පිහිටි බල්ලකෙටුව උඩවාඩිය ගම්මානයේ ඇති දිය ඇලි කිහිපයක් නැරැ ඹීමට ද ඔවුහු කතිකා කරගත්හ. ඒ අනුව ඇල්ල නගරයේ දී හමු වූ ප්‍රදේශයේ මග පෙන්වන්නකු ඒ සඳහා යොදවා ගත්තේ ඔහු ඉල්ලා සිටි රුපියල් තුන්දහසක මුදල ද ඔහුට ගෙවා දමමිනි. තේ වතු මැදින් උඩවාඩිය දක්වා වැටී ඇති මාර්ගය ඉතා සුන්දර එකක් වූ බැවින් සුදු ජාතිකයන් සිවුදෙනා මඟ පෙන්වන්නා ද සමග ගමනාන්තය දක්වාම යාමට තීරණය කරනු ලැබුවේ පා ගමනිනි.
පයින් ගමන් යෑමට කම්මැලියකු වූ මග පෙන්වන්නා ගමනාන්තයට කිලෝමීටර් හතරක් පමණ මෑතින් පිහිටි දොඩම්ගොල්ල ගම්මානය වෙත ගොස් සුදු ජාතිකයන් පිරිසට “මේ තමයි උඩවාඩිය” යැයි පවසා ඇත්තේ ප්‍රදේශයේ පිහිටි කුඩා දොළ පහරක් ද පෙන්වමිනි. එහෙත් කපටි මග පෙන්වන්නන් ගැන හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කළ සුදු ජාතිකයන් පිරිස ඔවුන් සතුව තිබූ නවීන පන්නයේ දුරකතනය ආධාරයෙන් (ගූගල් මැප්) තමුන් සිටින ස්ථානය දොඩංගොල්ල බවත් උඩවාඩිය වෙත යාමට තවත් කිලෝමීටර් හතරක් යා යුතු බවත් මග පෙන්වන්නාට පවසා සිටියේ ඔහු අන්දමන්ද කරමිනි. තමුන්ට යා නොහැකි උඩවාඩිය වෙත මාර්ගය සොයාගෙන යා හැකි බව ද සුදු ජාතික පිරිස මග පෙන්වන්නාට පවසා ඇත්තේ ඔච්චමක් ද කරමිනි. බෙහෙවින් ලජ්ජාවට පත් මග පෙන්වන්නා සුදු ජාතික පිරිස ද සමඟ යළිත් ගමන් ඇරැ ඹුවේ ‘මුන් නම් පුදුම සුද්දෝ’ යැයි තමුන්ටම කියා ගනිමිනි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සුද්දන් ගොනාට ඇන්දූ මගපෙන්වන්නාට සුද්දන්ගෙන්ම පාඩමක්
Ran Monday, 10 February 2020 09:56 AM
මේ අය රටේ නම කාලා දානවා මදිවට රටට එන්න තියෙන ආදායමත් නැති කරනවා.
sampath Tuesday, 11 February 2020 12:11 PM
කටුනායක සිට බේරේ වැව ලඟට ගෙනත් නුවර වැව කියලා පෙන්නලා ගංගාරාම පෙන්නලා දළදා මාලිගාව කියනවා ඒ වගේ මගපෙන්වන්නෝ තමයි ඉන්නේ.