IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


සූදු පොළේ සිටි තාත්තයි පුතයි එකට කොටුවෙති

නව අවුරුදු සාදයකින් පසු සූදු පිටියක් පවත්වාගෙන යාම නිසා පොලිසිය එතැනට කඩා  වැදුණේ කිසිවකුගේ දුරකතන ඇමතුමක් නිසාය. ඒ සමගම විදුලිය ද ක‍්‍රියාවිරහිත වූයෙන් පිරිස පැන ගියත්, අඳුරේම තරුණයකු අල්ලාගත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තවකකු හඹා ගියේය. එවර අත්අඩංගුවට ගත්තේ වියපත් කෙනෙකි. ඔහු ලජ්ජාව නිසා තුවායකින් මුහුණ වසා ගෙන සිටියේය.
අත්අඩංගුවට පත් තරුණයා පොලිස් රාලහාමිට තම දුක්ගැනවිල්ල කීවේය. ”අපි බීපු එක ඇත්ත සර්. ඒත් බූරුව ගැහුවෙ නෑ. නැද්ද මචං” කී තරුණයා තම සගයා දෙස ද බැලීය. එහෙත් සගයා කතාවක් නැත.
”සූදුව කළේ වෙනත් අය. අපි නිකං අල්ලගත්තේ නේද මචං” කී ඔහු නැවත සගයා දෙස සැලකිල්ලෙන් බැලූ විට ඒ තම පියා බව හැඳින ගත්තෙන් ඔහුට තරු පෙනුණලූ.



අදහස් (0)

සූදු පොළේ සිටි තාත්තයි පුතයි එකට කොටුවෙති

රත්න Monday, 22 April 2013 04:19 PM

ඇයි අප්පේ! එහෙනම් ලැජ්ජා නැතුව තාත්තලා පුතාලා එකට මහජන දේපොළ සූරාකැම් කරන්නේ! (අ)

:       0       0

වරුණ Monday, 22 April 2013 04:29 PM

ඕක මොකද්ද ? ඔයිට කලින් තාත්තයි පුතයි මාරුවෙන් මාරුවට හොරෙන් ගේකට රිංගලා, පස්සේ වැරදිලා දෙන්නම එක දවසේ රිංගලා, දෙන්නගේ හොරේ දෙන්නටම අහුවුණා කියලා දෙයියෝ සක්කි වල දාලා තිබ්බේ? මතකද? (නි)

:       0       0

දයා Tuesday, 23 April 2013 01:23 AM

ඇමතිලා පුතාලා එකට ඉඳගෙන සූදු කෙලිනකොට වෙනම නීතියක්ද? ඔහොම යන් ඔහොම යන්.පොඩි උන්ම අල්ලන්න. (නි)

:       0       0

යොහාන් Monday, 22 April 2013 12:18 PM

තාත්තලා පුතාලා එකට මංකොල්ල කනවා,එකට ස්ත්‍රී දුෂණ කරනවා.එකට අපයෝජන කරනවා.ඉතින් බුරු ගැහුවට මොකද වෙන්නේ? එහෙම නම් අර ලැයිසොන් අරගෙන කොළඹ රේස් ඔට්ටු අල්ලන තැන්වල තාත්තලා පුතාලා එකට ඉන්නේ ඕනෑ තරම්. (නි)

:       0       0

හේරත් Tuesday, 23 April 2013 09:36 PM

ඔක්කොම කුණු බේරුවල බොක්කටලු.අම්මයි දුවයි මොකද කලේ කියලත් කිව්වා නම් .මමත් .......අමාරුවේ නේද මචෝ.(අ)

:       0       0

අරුණ Monday, 22 April 2013 07:51 PM

තාත්තා වුණත් පුතා වුණත් මේ ඔක්කොම මිනිස්සු . මෙය වචනයේ පරිසමාර්ථයෙන්ම පියවරුන්ට සහ පුතුන්ට කරන අගෞරවයක් (නි)

:       0       0

සජිත් Tuesday, 23 April 2013 03:17 PM

දෙන් කැසිනොත් එවි ළඟදීම.. අපේ අය ඒකට සහයෝගය දීල ඉවරයි.(ස)

:       0       0

බන්දුල Tuesday, 23 April 2013 10:26 AM

නීත්‍යනුකුලව බුරු ගහන්න ඕනෑ නම් යන්නකෝ කැසිනෝ ක්ලබ් එකකට (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 24 April 2013 07:42 AM

කොහෙද මට නම මතක නැති රටක ඇමති කෙනෙක් පුතත් එක්ක පොලිසියටත් ගහලා තියෙන නිසා මේවා සුළු වැඩනේ. (නි)

:       0       0

සරත් Monday, 22 April 2013 09:41 AM

ඉක්මනින් දියුණු වීම සදහා අලුත්ම ක්‍රමය. "පිය පුතු" නැගුම. ගම නැගුම, මග නැගුම, ගැමිදිරිය.... වගේම එකක්. (නි)

:       0       0

හේවාවිතාරණ Monday, 22 April 2013 11:06 PM

ඉතාම සුළු දෙයක්. මේවද දැන් ලංකාවේ වෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1144 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1153 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 432 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site