සූදුපොළක් පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමට යැවූ උපාය දූතයකු ග‍්‍රාම නිලධාරියාටද කොකා පෙන්වා මාරුවී යාමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ කඳුකරය ආශ‍්‍රිත ප‍්‍රදේශයකිනි.


තම ප‍්‍රදේශයේ නිවෙසක විශාල පරිමාණයෙන් පවත්වාගෙන යන සූදුපොළක් පිළිබඳව ආරංචියක් ලද ග‍්‍රාම නිලධාරියකු එය තම ඥාති නිවෙසක් නිසා නිවැරදි තොරතුරු දැන ගැනීම සඳහා ගමේම හිතවත් අයකුට රුපියල් පන්සියයක් දී සූදු පොළ ක‍්‍රියාත්මක වන ආකාරය රහසේ බලා ගැනීමට එහි උපාය දූතයකු ලෙස යැවීය.


ඔහු ගොස් පැය ගණනාවක් ගතවුවත් කිසිදු ආරංචියක් නොලැබීමෙන් කෝපයට පත් ග‍්‍රාමනිලධාරියා ඒ ගැන සෙවූ විට දැනගන්නට ලැබී ඇත්තේ ග‍්‍රාම නිලධාරී දුන් මුදලින් සුදු ක‍්‍රීඩා කොට විශාල මුදලක් දිනාගෙන ඒ ගෙදර අයටද ග‍්‍රාමනිලධාරී කියූ දේවල් පවසා මාරුවී ඇති බවලූ.