සූදුපොළක් පිළිබඳව නිවැරදි තොරතුරු ලබා ගැනීමට යැවූ උපාය දූතයකු ග‍්‍රාම නිලධාරියාටද කොකා පෙන්වා මාරුවී යාමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ කඳුකරය ආශ‍්‍රිත ප‍්‍රදේශයකිනි.
තම ප‍්‍රදේශයේ නිවෙසක විශාල පරිමාණයෙන් පවත්වාගෙන යන සූදුපොළක් පිළිබඳව ආරංචියක් ලද ග‍්‍රාම නිලධාරියකු එය තම ඥාති නිවෙසක් නිසා නිවැරදි තොරතුරු දැන ගැනීම සඳහා ගමේම හිතවත් අයකුට රුපියල් පන්සියයක් දී සූදු පොළ ක‍්‍රියාත්මක වන ආකාරය රහසේ බලා ගැනීමට එහි උපාය දූතයකු ලෙස යැවීය.
ඔහු ගොස් පැය ගණනාවක් ගතවුවත් කිසිදු ආරංචියක් නොලැබීමෙන් කෝපයට පත් ග‍්‍රාමනිලධාරියා ඒ ගැන සෙවූ විට දැනගන්නට ලැබී ඇත්තේ ග‍්‍රාම නිලධාරී දුන් මුදලින් සුදු ක‍්‍රීඩා කොට විශාල මුදලක් දිනාගෙන ඒ ගෙදර අයටද ග‍්‍රාමනිලධාරී කියූ දේවල් පවසා මාරුවී ඇති බවලූ.
2025 දෙසැම්බර් මස 04
655
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
541
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
444
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සූදු පොළේ ඔත්තු බලන්න දුන් මුදලෙන් සූදු කෙළලා
පිටිගල Thursday, 01 August 2013 04:33 PM
ලොක්කන්ගේ දේවලින් සමහර පොඩ්ඩෝ ප්‍රයෝජන ගන්නවා.ඕවා ඔහොම තමයි. (නි)
ෂෙරිෆ් Thursday, 01 August 2013 09:08 PM
දෙයියෝ සාක්කි, මේ ලඟදි තමයි ගෑනු හත්දෙනෙක් සූදු කෙලලා අහු උනේ වුනේ, අදනම් ගෑනුද පිරිමිද කියලා සඳහන් නොකලාට දෙගොල්ලන්ම ඉන්න ඇති, (දී)
චන්දා Thursday, 01 August 2013 12:42 PM
වම දකුණ වම. . වම දකුණ වම. . වම දකුණ වම. . ඉදිරියටම යා.. (දී)
චමත් Thursday, 08 August 2013 06:31 PM
ග්‍රාමසේවක සාක්කි! (නි)
හේරත් Sunday, 04 August 2013 04:39 AM
ගැහැනු ලඳුන් ගහන්නේ බූරුවා...මේ වටලලා තියෙන්නේ සූදූ පිටියක් නේද? (නි)
සරත් Thursday, 01 August 2013 09:32 AM
අන්න මිනිස්සු. ග්‍රාම සේවක නම් ගමේ ඉදල ඉවරයි. (ස)
දුමින්ද Friday, 02 August 2013 07:09 AM
ඉදිරියේදී සුදු පොළවල්,ගණිකා නිවාස නීතිගත කිරීමට අදහසක් තිබෙන නිසා ප්‍රශ්නයක් නැහැ. (නි)
චන්දි Thursday, 01 August 2013 10:17 AM
පාවා දෙන ගතිය, අපේ අයට හොදට තිබෙනවා (නි)
නිල්මිණි Thursday, 01 August 2013 03:17 PM
දකුණේ පුවත් කොහොමත් මෙහෙම විනෝදයි තමයි අනේ (නි)
සමන්ත Thursday, 01 August 2013 10:59 AM
දෙයියෝ සාක්කි කෙසේ වෙතත් ග්‍රාමසේවක මහත්තයා සාක්කි දෙයි (නි)
චන්දි Thursday, 01 August 2013 08:10 PM
චන්දා!! අදනම් ඔයා මාව හිනැස්සුව ..!!! එකනේ කියන්නේ අපිට වමයි, දකුණයි..,දෙකම නැතුව බැහැ නේද ...?නියමයි චන්දා (දී)