IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සෙත් ශාන්තියක් කරගන්න ඇවිත් පූජා වට්ටියේ පඬුරටත් විදලා

(වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න)


සෙත් ශාන්තියක් කර ගැනීම සඳහා දේවාලයට පැමිණි බව කපුවාට කියූ තරුණයා කපුවා වැඬේට සූදානම් වන අතරේ පූජා වට්ටියක තිබූ මුදල් සොරාගෙන ගොස් තිබූ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයක පිහිටි දේවාලයකින් අසන්නට ලැබුණි.

සිද්ධිය මෙසේය.

දේවාල භූමියේ විවිධ දෙවිවරුන්ගේ නමින් කුඩා දේවාල රැසකි. එයින් එක් දේවාලයකට පැමිණි තරුණයෙක් තමන් ආරම්භ කිරීමට යන අලූත් ව්‍යාපාරය දියුණු කරගැනීමට දෙවියන්ගේ ආශිර්වාදය ලබාගැනීමට අවශ්‍ය බව එහි සිටි කපුවාට කියා ඇත.

එදින දේවාලයට පැමිණි පිරිස තරමක් වැඩි වී තිබූ නිසා කපු මහතා කලින් පැමිණි කෙනෙකුගේ අවශ්‍යතාව දෙවියන්ට පවසා මදකට දේවාලයෙන් පිටතට පැමිණ ඇත. ඒ අතරේ තරුණයා දේවාලයේ දෙවි රූපය වසා තිබූ තිරය පිටුපස වට්ටියක මුදල් නෝට්ටු කිහිපයක් තිබෙනු දැක ඒවා කාටත් හොරා සාක්කුවේ දමාගෙන ඇත. පසුව තරුණයා දේවාලයේ අන් අය සමග මොහොතක් ගතකර වැඬේට උනන්දු නොවී පිටවී ගිය පසු කපුවා දෙවියන්ට පූජා කළ මුදල් දෙස බලද්දී ඒවා අතුරුදන් වී තිබෙනු දැක ඇත.

අනුමානයක් නෑ දේවාලය වටේ කැරකි කැරකී සිටි තරුණයා එම මුදල් සොරකම් කරගෙන ඇතැයි සැකසිතා කපුවා දේවාල පරිශ‍්‍රයේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කර තිබේ.

සැකකාර තරුණයා මුදල් සොරකම් කරගෙන යන අයුරු එම කැමරාවේ හොඳින් සටහන් වී තිබෙනු දැක පසුව පොලිසියට පැමිණිලි කිරීමට කපුවා පියවර ගෙන ඇත.



අදහස් (7)

සෙත් ශාන්තියක් කරගන්න ඇවිත් පූජා වට්ටියේ පඬුරටත් විදලා

sachith Thursday, 14 September 2017 04:40 AM

දෙවියෝන්ගේ දිවය විමනේ ට බදු ගහල ගෙවාගන්න බැරුව මිනිස් වේශයෙන් ඇවිත් සල්ලි අරන් ගිහින්.

:       0       66

sam Thursday, 14 September 2017 07:48 AM

තමන්ගේ පුද පඬුරු ආරක්ෂා කරගන්න බැරි දෙවියෝ අනුන්ට පිහිට වෙන්නේ කොහොමද ??

:       0       48

බණ්ඩාර(කැකිරාව) Thursday, 14 September 2017 08:53 AM

"'ඉස්සර හොරු පැන්නේ බැංකු වලට - දැන් හොරු පනින්නේ දේවල වලට පින්කැට සුද්ද කරන්න". තේරුම් ගන්න බැරිදේ තමයි එක්කෝ බැංකු බංකොලොත් වෙලාද නැතිනම් හොරු බංකොලොත් වෙලාද කියලයි.

:       0       75

nishantha Thursday, 14 September 2017 09:59 AM

දෙවියෝ දැන් සිසිටිවී වෙලා... තාම මෙවන් මිත්‍යා කරුම අපි වගේ තුන්වන ලෝකයේ රටවලට හෙනයක්.. විශේෂයෙන් ආගමික මිත්‍යාව නීති ගරුක සමාජයට පිළලයක්.. නිතිය නවල කඩලා ඊට පස්සේ දෙයියෝ ,පන්සල්, පල්ලි, කෝවිල් ගිහින් පව් හෝදගෙන ආයිත් ඒකම කරනවා ...

:       0       81

Thusha Thursday, 14 September 2017 04:28 PM

තමන් ගැන ආත්ම විශ්වාසයක් නැති මිනිසා ,මිත්‍යා විශ්වාසයන් පසුපස ගොස් පිහිටක්,උපකාරයක් බලාපොරොත්තුවෙන් සිටී. දියුණු රටවල මිනිසාගේ දෙවියා තමාමයි. ඔවුන් ආත්ම විශ්වාසයෙන්,ආත්ම ධෛර්යයේන් කටයුතු කර ජීවිතය ජය ගනී. ලංකාවේ මිනිසුන් එදත්,අදත් ,හෙටත් මෙවැනි මිත්‍යාවන් පසුපස ගොස් කපුවන් පොහොසත් කරමින් සිටිනු ඇති.

:       0       87

priyantha Friday, 15 September 2017 03:20 AM

එතකොට දෙවියෝ හිටියේ නැද්ද“ නිවාඩු වෙන්ඩැති... මිත්‍යා බව ඔප්පු වෙනවා

:       0       29

ayesha Friday, 20 October 2017 10:08 AM

එ්කනේ මේවගේ වැඩ වලින් පේනවා මේවා බොරු වැඩ කියලා. කෝ මෙයාලගේ දෙවියන්?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site