(වැල්ලම්පිටිය - ශාන්ත සෙනෙවිරත්න)
සෙත් ශාන්තියක් කර ගැනීම සඳහා දේවාලයට පැමිණි බව කපුවාට කියූ තරුණයා කපුවා වැඬේට සූදානම් වන අතරේ පූජා වට්ටියක තිබූ මුදල් සොරාගෙන ගොස් තිබූ සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයක පිහිටි දේවාලයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
දේවාල භූමියේ විවිධ දෙවිවරුන්ගේ නමින් කුඩා දේවාල රැසකි. එයින් එක් දේවාලයකට පැමිණි තරුණයෙක් තමන් ආරම්භ කිරීමට යන අලූත් ව්‍යාපාරය දියුණු කරගැනීමට දෙවියන්ගේ ආශිර්වාදය ලබාගැනීමට අවශ්‍ය බව එහි සිටි කපුවාට කියා ඇත.
එදින දේවාලයට පැමිණි පිරිස තරමක් වැඩි වී තිබූ නිසා කපු මහතා කලින් පැමිණි කෙනෙකුගේ අවශ්‍යතාව දෙවියන්ට පවසා මදකට දේවාලයෙන් පිටතට පැමිණ ඇත. ඒ අතරේ තරුණයා දේවාලයේ දෙවි රූපය වසා තිබූ තිරය පිටුපස වට්ටියක මුදල් නෝට්ටු කිහිපයක් තිබෙනු දැක ඒවා කාටත් හොරා සාක්කුවේ දමාගෙන ඇත. පසුව තරුණයා දේවාලයේ අන් අය සමග මොහොතක් ගතකර වැඬේට උනන්දු නොවී පිටවී ගිය පසු කපුවා දෙවියන්ට පූජා කළ මුදල් දෙස බලද්දී ඒවා අතුරුදන් වී තිබෙනු දැක ඇත.
අනුමානයක් නෑ දේවාලය වටේ කැරකි කැරකී සිටි තරුණයා එම මුදල් සොරකම් කරගෙන ඇතැයි සැකසිතා කපුවා දේවාල පරිශ‍්‍රයේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කර තිබේ.
සැකකාර තරුණයා මුදල් සොරකම් කරගෙන යන අයුරු එම කැමරාවේ හොඳින් සටහන් වී තිබෙනු දැක පසුව පොලිසියට පැමිණිලි කිරීමට කපුවා පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියෝන්ගේ දිවය විමනේ ට බදු ගහල ගෙවාගන්න බැරුව මිනිස් වේශයෙන් ඇවිත් සල්ලි අරන් ගිහින්.
තමන්ගේ පුද පඬුරු ආරක්ෂා කරගන්න බැරි දෙවියෝ අනුන්ට පිහිට වෙන්නේ කොහොමද ??
"'ඉස්සර හොරු පැන්නේ බැංකු වලට - දැන් හොරු පනින්නේ දේවල වලට පින්කැට සුද්ද කරන්න". තේරුම් ගන්න බැරිදේ තමයි එක්කෝ බැංකු බංකොලොත් වෙලාද නැතිනම් හොරු බංකොලොත් වෙලාද කියලයි.
දෙවියෝ දැන් සිසිටිවී වෙලා... තාම මෙවන් මිත්‍යා කරුම අපි වගේ තුන්වන ලෝකයේ රටවලට හෙනයක්.. විශේෂයෙන් ආගමික මිත්‍යාව නීති ගරුක සමාජයට පිළලයක්.. නිතිය නවල කඩලා ඊට පස්සේ දෙයියෝ ,පන්සල්, පල්ලි, කෝවිල් ගිහින් පව් හෝදගෙන ආයිත් ඒකම කරනවා ...
තමන් ගැන ආත්ම විශ්වාසයක් නැති මිනිසා ,මිත්‍යා විශ්වාසයන් පසුපස ගොස් පිහිටක්,උපකාරයක් බලාපොරොත්තුවෙන් සිටී. දියුණු රටවල මිනිසාගේ දෙවියා තමාමයි. ඔවුන් ආත්ම විශ්වාසයෙන්,ආත්ම ධෛර්යයේන් කටයුතු කර ජීවිතය ජය ගනී. ලංකාවේ මිනිසුන් එදත්,අදත් ,හෙටත් මෙවැනි මිත්‍යාවන් පසුපස ගොස් කපුවන් පොහොසත් කරමින් සිටිනු ඇති.
එතකොට දෙවියෝ හිටියේ නැද්ද“ නිවාඩු වෙන්ඩැති... මිත්‍යා බව ඔප්පු වෙනවා
එ්කනේ මේවගේ වැඩ වලින් පේනවා මේවා බොරු වැඩ කියලා. කෝ මෙයාලගේ දෙවියන්?