සබරගමුව පළාතේ ස්ථිර පදිංචියක් ඇති ඔහු අගනුවර ප‍්‍රධාන පෙළේ මෝටර් රථ කොටස් අලෙවි මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරික තරුණයෙකි.
ගම් පළාතේ ධනවත් පවුල් කීපයක් එක්ව පවත්වාගෙන ගිය මුදල් සීට්ටුවකට ඔහු ද සම්බන්ධවී සිටියේය. රුපියල් ලක්‍ෂයක මුදලක් එක්වූ මෙම සීට්ටුවේ සංවිධායකවරයාට මුල්ම සීට්ටු මුදල ලැබුණු අතර ඊළඟ වාරය හිමිවූයේ මේ ව්‍යාපාරික තරුණයාටය. ඔහු තමාට හිමි මුදල ලබාගැනීමට කීප වාරයක්ම සීට්ටු සංවිධායකවරයාගේ නිවසට ගියත් එම මුදල ලැබුණේ නැත.
ඔහු නිවසේ නොසිටි අතර මේ පිළිබඳව කතා කළේ ඔහුගේ බාල දුව ය. ගුරුවරියක වූ ඇය රූමත් ය. තමාට හිමි මුදල ගැනීමට ගිය මේ තරුණයාට ඇය පිළිබඳ විශේෂ ඇල්මක් ඇතිවී එය ආදරයක් බවට පත්වීම නිසා සීට්ටු මුදල ගැනීමට ගියත් කතා කළේ අනාගත වැඩ පිළිවෙළ ගැන ය.
පසුගියදා ඇය සිය පියාට මේ තොරතුරු කී විට පියා ” එහෙනං ඉතිං දෑවැද්දටම සීට්ටුව දෙමු” කීමෙන් ඇගේ ඉහමොළ රත් වුණාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීට්ටු දවද්ද දෙන්න තවත් දුවරු ඉන්නවාද ? (අ)
ව්‍යාපාරිකයන් කියන්නේ පවුල් ජීවිතය සම්බන්ධයෙන් සත පහකටවත් විශ්වාස කරන්න බැරි උදවිය. මාස් පඩි කාර සාමාන්‍ය කෙනෙක් බැඳ ගන්න එක දාහෙන් සම්පතයි. (අ)
මෙ නරුම පියවරුනුත් ඉන්නවා නේද ?(අ)
ජයා සහෝදරයා.., ඔන්න පාඩමකට ගන්නවා හෙම නොවෙයි (බ)
ඕකට අපි නම් කියන්නේ දෑවැද්ද නොවේ, විකිණිම (නි)
අහවල් දේකටද දෑවැදි? උගත්කමයි ගුරු වෘත්තියයි තියනවා නම් ඒ මදැයි .... (නි)