IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


සිඟමන් ඉල්ලා ආ කත රුපියල් පන්සීයක් දී සුවඳ විලවුන් අරන්

සිඟමන් ඉල්ලා වෙළඳසලකට ගොඩවැදුණු කාන්තාවන් දෙදෙනකු පසුව එම වෙළෙඳසලෙන්ම ශීතකළ බීම බෝතලයක් සහ වටිනා සුවඳ විලවුන් බෝතලයක් මිලදී ගැනීමේ පුවතක් පසුගියදා සාලියවැව නගරයෙන් වාර්තා විය.
වෙළෙඳසලේ අයිතිකරු කී ආකාරයට මෙම කාන්තාවන් දෙදෙනාගෙන් එක් තැනැත්තියක මැදිවියේ පසුවන බවත් අනිත් තැනැත්තිය තරුණ වයසේ පසුවන බවත් පැවසෙන අතර, මොවුන් දෙදෙනා මව සහ දියණිය විය හැකි බවද පැවසේ.
වෙළෙඳසලට ගොඩවූ මෙම දෙදෙනාගෙන් මැදිවියේ තැනැත්තිය එම වෙළෙඳසලේ අයිතිකරු අමතා තමන්ට ආධාරයක් කරන්නැයි ඉල්ලා ඇත. එහිදී එම කාන්තාවන් දෙදෙනාගේ හැසිරීම් රටාව ගැන විමසිලිමත්වූ වෙළෙඳසල් හිමියා ඔවුන්ට ආධාර දීම ප‍්‍රතික්ෂේප කොට ඇත. ඒ සමඟ මද වේලාවක් ඒ මේ අත බැලූ කාන්තාව ”එහෙනම් මුදලාලි අපිට කූල් බීම බෝතලයකුයි අර සෝකේස් එකේ තියෙන සෙන්ට් බෝතලයයි දෙන්න” යැයි කියා රුපියල් පන්සියයක මුදල් නෝට්ටුවක් දික්කර ඇත.
ඒ අනුව ක‍්‍රියාත්මක වූ මුදලාලි රුපියල් තුන්සිය ගණනක් වටිනා එකී සුවඳ විලවුන් බෝතලයත්, ශීතකළ බීම බෝතලයත් කාන්තාවට දී ඊට ඇය ලබාදුන් රුපියල් පන්සියයේ නෝට්ටුවෙන් නියමිත ගාස්තුව ලබාගෙන ඇත.



අදහස් (0)

සිඟමන් ඉල්ලා ආ කත රුපියල් පන්සීයක් දී සුවඳ විලවුන් අරන්

නිමල් Monday, 11 March 2013 03:39 PM

සල්ලි දුන්න අපි නේද පරාද (දී)

:       0       0

හේමන්ත Friday, 08 March 2013 08:19 PM

සල්ලි තිබුණත් එයාලා හිගන්නොනේ. (නි)

:       0       0

සපුමල් Friday, 08 March 2013 08:45 PM

ඇයි හිගන්නන්ට සල්ලි නැද්ද? අපි තමයි ලොකුම හිගන්නෝ. (නි)

:       0       0

සමන් Tuesday, 12 March 2013 06:35 AM

හිගන්නොත් දියුණුවෙලා (දී)

:       0       0

වරුණ Friday, 08 March 2013 01:09 PM

ඒ අය නෙමෙයි හිගන්නෝ. දැන් මාසේ පඩියට රස්සාව කරන අපියි හිගන්නෝ. (නි)

:       0       0

සුජීව Friday, 08 March 2013 02:49 PM

ඉතින් මොකද? හිගන්නෝ කියලා එයාලට ආසාවල් නැද්ද? (නි)

:       0       0

කුරුවිට Saturday, 09 March 2013 09:27 PM

මුදලාලි දන්න තරම, මේ තමයි පිරිසිදු හිගන්නෝ. (අ)

:       0       0

නිලන්ත Friday, 08 March 2013 02:55 PM

තව ටික කාලෙකින් අපිට හිඟාන්නන්ගෙන් සල්ලි අපිට ඉල්ල ගන්න වෙයි වගේ (ස)

:       0       0

චින්තක Friday, 08 March 2013 03:03 PM

හිඟාකෑමත් හොඳ රස්සාවක් වෙලා (ස)

:       0       0

සංජය Saturday, 09 March 2013 01:45 PM

මට නිකන් පිස්සු වේගේ (දී)

:       0       0

මහීන් Sunday, 10 March 2013 12:36 PM

ඉතින් එකේ වැරැද්ද මොකක්ද? සල්ලි හිගාකන්නේ ඒවා වියදම් කරන්නනේ. හිගන්නෝ අපිට වඩා හම්බකරනවා කියන්නේ හූල්ලන්න තරම් දෙයක්ද? එයාලට සල්ලි දෙන්න තරම් හිත හොද මිනිස්සු තාම ඉන්නවා කියලා සතුටු වෙන්න. (නි)

:       0       0

නලින් Sunday, 10 March 2013 01:07 PM

ඔන්න රටකට ගිය කල (දී)

:       0       0

සරත් Sunday, 10 March 2013 12:04 AM

හිගන්නෝ කියලා ඒ මිනිස්සුන්ට කූල් බීම, සුවද විලවුන් පාවිච්චිය අකැපද? (නි)

:       0       0

සෙනරත් Sunday, 10 March 2013 12:20 AM

ලෝකයේ හැමතැනම ඉන්න හිගන්නෝ ගොඩක් සල්ලිකාරයෝ. (නි)

:       0       0

සෙනරත් Saturday, 09 March 2013 03:22 AM

අපේ රටේ තියෙන තත්ත්වය අනුව මෙවැනි දේවල් වහාම පොලිසියට දන්වන්න ඕනෑ කියලයි මට හිතෙන්නේ. (නි)

:       0       0

අනුර Friday, 08 March 2013 03:58 PM

හිඟන්නු කියන්නේ සල්ලිකාරයෝ , අපේ මෝඩ මිනිස්සු සල්ලි දෙන එක තමයි වැරදි (ස)

:       0       0

කස්තුරි Sunday, 10 March 2013 01:37 PM

සුවද විලවුන් ගන්න වෙන්නැති සිගා කෑවේ (දී)

:       0       0

හේරත් Sunday, 10 March 2013 01:25 AM

500 කොළේ ඇත්තම එකක්ද? (නි)

:       0       0

දම්මික Saturday, 09 March 2013 03:02 PM

සිග්න වෙසින් කවුද ඉන්නේ කියලා කවුද දන්නේ (දී)

:       0       0

සෑම් Friday, 08 March 2013 05:00 PM

හිගාකන එක එයාගෙ රස්සාව. සෙන්ට් නෙමෙයි ඕනෑ දෙයක් ගාන්න එයාලටත් අයිතිය තිබෙනවා. (නි)

:       0       0

චාමිනී Friday, 08 March 2013 10:11 AM

හිඟන්නන්ට මුදල් දීලා අපි හාඟන්නු වෙන එක විතරයි වෙන්නේ (ස)

:       0       0

සරත් Friday, 08 March 2013 10:54 AM

අපි කෙනෙකුට යමක් දෙන්නේ යහපත් චේතනාවෙන්. ඉන් යහපත් යමක් කිරීම ලබන්නාගේ වගකීමයි. (නි)

:       0       0

නිල්මිණි Friday, 08 March 2013 05:53 PM

ඇයි ඒ මිනිස්සුන්ට සුවද විලුවන් අකැපද? (නි)

:       0       0

සුනිල් Monday, 11 March 2013 10:39 PM

සරත්ගේ අදහසට මමත් එකගයි. (නි)

:       0       0

කුප්පිසාමි Saturday, 09 March 2013 10:01 AM

සල්ලි දීල බැනල වැඩාක් නෑ ,මමනම් දෙන්නෙ බොහොම අහම්බෙන් නොදීම බෑ කියල හිතුනම, ඊට පස්සෙ ඒක අමතක කරනව මිසක් අරූට හිතින් බැන බැන ඉන්නෙ නැහැ (ස)

:       0       0

රාජු Friday, 08 March 2013 11:25 AM

නියමයි , ලෝබ මුදලාලිට හිඟන්නගෙන් පාඩමක්. තමන් හිඟමනේ ගියාට ලෝබ නෑ කියලා නොකියා ගියා (ස)

:       0       0

හේමන්ත Friday, 08 March 2013 11:45 AM

අදකාලේ හිගන්නා දුගියෙක් නොවේ. වාහන බැංකු ගිණුම සැප ගෙවල් තියන මුදල් පොලියට දෙන හොඳ දක්ෂ ව්‍යාපාරික කෙනෙකි. මුදල් දෙන මැදපන්තියේ මිනිස්සු හැබෑ හිගන්නෝය. හින්ගන්නන්ගෙන් බදු මුදලක් ගැනීම ළඟදීම සිදුවනු ඇත. (ස)

:       0       0

විකසිත Saturday, 09 March 2013 05:35 PM

දුන්න සල්ලි ඉල්ලා ගන්න තිබ්බේ (දී)

:       0       0

පිරිස් Wednesday, 13 March 2013 05:57 PM

නවීන පන්නයේ සිගන්නෝ (දී)

:       0       0

ලාල් Saturday, 09 March 2013 10:45 AM

පුදුම පුදුම වැඩ තමයි දැන් සිද්ද වෙන්නේ (දී)

:       0       0

පද්මසිරි Sunday, 10 March 2013 10:03 AM

යාචකයෝ 99 % ක්ම බොරුව තමයි දන්නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1134 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1142 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 431 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site