(කමල් ශ්‍රී ලියනගේ කොස්ගොඩ)
පාසල් දරුවන්ගේ පරිසරය හා ගණිත විෂයන්ගේ පාඩම් මාලාවකට අනුව පසුගිය 11 වැනිදා බදාදා ඌරගස්මංහන්දිය ප‍්‍රදේශයේ ප‍්‍රාථමික පාසලක පැවැති සිඟිති පොළක බඩු එක පොදියකට රැගෙන යාමට තොග වෙළෙන්ඳන් හා වෙළෙන්දියන් පස්දෙනෙකු පැමිණීමේ පුවතක් වාර්තා විය.
මෙම පොළට දරුවන් 200 කට ආසන්න පිරිසක් සහභාගිවූ නිසා විදුහල්පතිවරයා එය ප‍්‍රධාන ශාලාවේදී පැවැත්වීමට කටයුතු කළේය. පෙරවරු 8.30 ට පොළ ඔහු හා ගුරු මණ්ඩලය අතින් විවෘත කොට ඊළඟට පොළේ බඩු ගැනීමට මව්පියන්ට අවස්ථාව ඇති බව නිවේදනය කළේය.
ඒ මොහොතේ නාඳුනන පිරිසක්ද සිටිනු දැක ඒ ගැන විමසා බැලීමේදී ඔවුන් සිඟිති පොළේ බඩු රැුගෙන යාමට ආ අය බව ප‍්‍රකාශ කිරීමෙන් පසු ඒ පිරිසට ඇතුළුවීම තහනම් කිරීමට විදුහල්පතිවරයා කටයුතු කළේය.
මෙම වෙළෙන්ඳෝ ප‍්‍රදේශයේ සිකුරාදා දින පැවැත්වෙන ජනප‍්‍රිය පොළකට බඩු රැුගෙන ගොස් වැඩිලාභයක් ලැබීමට සූදානම්ව සිටියහ.
රුපියලත් රුපියල් විස්සත් අතර සිඟිති පොළේ සෑම බඩුවක්ම මිල කොට තිබුණි. දරුවන්ට මුදල් හුවමාරුව පිළිබඳ ප‍්‍රායෝගික අත්දැකීම් ලබාදීමට පැවති සිඟිති පොළේ අරමුණ ගැන තොග වෙළෙන්ඳන්ට පවසා ඔවුන් ආපසු හරවා යැවීමට විදුහල්පතිවරයා සමත් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් රටක්.(හේ)
ලාබය ගැන පමණක් හිතන මෙවැනි මෝඩ වෙළෙන්දෝ පාඩමේ වටිනාකමවත් දන්නේ නැතිව ඇති (නදී)
ලොකු එවුන් වැඩි මහන්සියක් නැතුව කෝටි ගණන් වංචා කරලා උන්ගේ පරම්පරා ගානකට හරි හම්බ කරගනිද්දී , මේ එදා වේල සරි කර ගන්න දුක් විඳින අසරණ මිනිස්සු කරන අහිංසක උත්සාහයට ගරහන එකනම් වැරදියි (නදී)
හැම දෙයක්ම පසෙකලා මුදල් ගැනම හිතන මිනිස්සු. (අ)
අනේ සාන්ති ඔයාට මොලේ නැද්ද (නදී)
ටික දිනකට පෙර එක්තරා ප්‍රදේශයක ආගමික ස්ථානයක ළදරු පාසලක පැවැත්වුණු වෙන්දේසියකට සුරා බෝතලයකුත් තබා තිබුණා (නි)