(කමල් ශ්‍රී ලියනගේ කොස්ගොඩ)
පාසල් දරුවන්ගේ පරිසරය හා ගණිත විෂයන්ගේ පාඩම් මාලාවකට අනුව පසුගිය 11 වැනිදා බදාදා ඌරගස්මංහන්දිය ප‍්‍රදේශයේ ප‍්‍රාථමික පාසලක පැවැති සිඟිති පොළක බඩු එක පොදියකට රැගෙන යාමට තොග වෙළෙන්ඳන් හා වෙළෙන්දියන් පස්දෙනෙකු පැමිණීමේ පුවතක් වාර්තා විය.
මෙම පොළට දරුවන් 200 කට ආසන්න පිරිසක් සහභාගිවූ නිසා විදුහල්පතිවරයා එය ප‍්‍රධාන ශාලාවේදී පැවැත්වීමට කටයුතු කළේය. පෙරවරු 8.30 ට පොළ ඔහු හා ගුරු මණ්ඩලය අතින් විවෘත කොට ඊළඟට පොළේ බඩු ගැනීමට මව්පියන්ට අවස්ථාව ඇති බව නිවේදනය කළේය.
ඒ මොහොතේ නාඳුනන පිරිසක්ද සිටිනු දැක ඒ ගැන විමසා බැලීමේදී ඔවුන් සිඟිති පොළේ බඩු රැුගෙන යාමට ආ අය බව ප‍්‍රකාශ කිරීමෙන් පසු ඒ පිරිසට ඇතුළුවීම තහනම් කිරීමට විදුහල්පතිවරයා කටයුතු කළේය.
මෙම වෙළෙන්ඳෝ ප‍්‍රදේශයේ සිකුරාදා දින පැවැත්වෙන ජනප‍්‍රිය පොළකට බඩු රැුගෙන ගොස් වැඩිලාභයක් ලැබීමට සූදානම්ව සිටියහ.
රුපියලත් රුපියල් විස්සත් අතර සිඟිති පොළේ සෑම බඩුවක්ම මිල කොට තිබුණි. දරුවන්ට මුදල් හුවමාරුව පිළිබඳ ප‍්‍රායෝගික අත්දැකීම් ලබාදීමට පැවති සිඟිති පොළේ අරමුණ ගැන තොග වෙළෙන්ඳන්ට පවසා ඔවුන් ආපසු හරවා යැවීමට විදුහල්පතිවරයා සමත් විය.
2025 දෙසැම්බර් මස 04
600
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
511
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිඟිති පොළේ බඩු ගෙනයන්න තොග වෙළෙන්දෝ ඇවිත්
සමන්ත Friday, 13 March 2015 07:27 AM
අනේ මෙහෙමත් රටක්.(හේ)
ශාන්ති Sunday, 15 March 2015 02:10 AM
ලාබය ගැන පමණක් හිතන මෙවැනි මෝඩ වෙළෙන්දෝ පාඩමේ වටිනාකමවත් දන්නේ නැතිව ඇති (නදී)
පිටබැද්දර ජයා Sunday, 15 March 2015 08:10 AM
ලොකු එවුන් වැඩි මහන්සියක් නැතුව කෝටි ගණන් වංචා කරලා උන්ගේ පරම්පරා ගානකට හරි හම්බ කරගනිද්දී , මේ එදා වේල සරි කර ගන්න දුක් විඳින අසරණ මිනිස්සු කරන අහිංසක උත්සාහයට ගරහන එකනම් වැරදියි (නදී)
කුමාරි Friday, 13 March 2015 12:54 PM
හැම දෙයක්ම පසෙකලා මුදල් ගැනම හිතන මිනිස්සු. (අ)
හංසිකා Sunday, 15 March 2015 02:17 PM
අනේ සාන්ති ඔයාට මොලේ නැද්ද (නදී)
සමන්ති Friday, 13 March 2015 01:27 AM
ටික දිනකට පෙර එක්තරා ප්‍රදේශයක ආගමික ස්ථානයක ළදරු පාසලක පැවැත්වුණු වෙන්දේසියකට සුරා බෝතලයකුත් තබා තිබුණා (නි)