නිදහස් දින රූපවාහිනිය සමග උරණ වූ පුද්ගලයකු ගැන කතාවකි. මොනවද මේ පෙන්නන විකාර?
ලංකාවේ නිදහස ගැන පෙන්නුව නම් කොච්චර හොඳ ද මොනව ද මේ ටී.වී. වල පෙන්නන්නේ.
සෙනසුරාදා ඉරිදා දෙකක් දවල් වෙනතුරු නිදා සිට නිදහස් දවසේත් ගෙයි මැද හාන්සි පුටුවේ දිගාවෙමින් සිටියදීම රූපවාහිනිය දෙස බලමින් ඔහු එසේ කීවේ පෙරදින රාත‍්‍රියේ මඳ මත් භාවයෙන්මය.
මේ අනේ කෑ නොගහ ඉන්නවා....ඔහේ නිදහස් දවස ගැන කෑගහන්නේ..... බලනවා ගේ දොරකඩ ජාතික කොඩියක්වත් දාන්න ඔහේට උවමනාවක් තිබ්බ ද?.... මහ ලොකුවට නිදහස දවසේ යුතුකම් ගැන කතා කරනවා.
ඔහුගේ ගෝරනාඩුවට බිරිඳ උත්තර බැන්දේ එලෙසිනි.
අනේ හලෝ තමුසෙලා ඉන්නේ පිච්චර් ලෝකෙනේ. ඉන්දියාවෙන් එන හැම දහ ජරාවක්ම බදාගන්න මෝඩ ගෑනු. මේක නිදහස් දවස එදාට අපිට අපේ දෙයක් පෙන්නන්න ඕන. මොනවද මේ නිදහසක් ගැන ද පෙන්නන්නේ.... අඩු තරමේ දිනපු ක‍්‍රිකට් මැච් එකක්වත් පෙන්නුවා නම්.....
අනේ මේ නොදන්න දේවල් කතා නොකර ඉන්නවා. ඔහේ මහා ලොකුවට කතා කරන ක‍්‍රිකට් කියන්නේ අපේ රට යටත් කරගෙන හිටිය රටකින් බිහි වෙච්ච එකක්.
ඒත් ඉන්දියාව කියන්නේ අපේ රටට හැදියාව සංස්කෘතිය, සදාචාරය වගේ හැම දෙයක්ම ගොඩනගා ගන්න උපකාර වෙච්ච රටක්. මහත්මාගාන්ධිතුමාගේ දර්ශනය ඔය ක‍්‍රිකට්වලට වඩා මොන තරම් ද.... මිනිහෙකුට තනියම නැගිටින්න ඒවා මොන තරම් වටිනවද?
මුළුතැන්ගෙයි සිටම බිරිඳ එසේ කියද්දී, අනෙක් කාමරයේ සිටි පුතා එතැනට පැමිණියේය.
මොනවද මේ තාත්තා බලන්නේ. අච්චර අපූරුවට නිදහස් උත්සවය පෙන්නද්දි? එසේ කියමින් ඔහු දුරස්ථපාලකයෙන් එතෙක් වෙලා සිය පියා නරඹමින් සිටි සංයුත්ත තැටි යන්ත‍්‍රය විසන්ධි කොට රූපවාහිනී නාලිකාවක් විවර කළේය.
මොනවා මේ මනුස්සයා ඊයේ ? බල බල හිටිය හින්දි සීඞී තැටිය බල බලද ලංකාවෙ රූපවාහිනි නාලිකාවලට බැනල තියෙන්නේ?
බිරිඳ කාමරයෙන් එබී සිනාසුණාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ උතුර දකුණ පටලවාගන්නේ? යේක ෂරි නැහැ මාත්තියා. (නි)
හින්දි සීඩී තියෙනකල් හොදයි අපිට. (නි)
සිදුවීම වෙච්ච පැත්ත දාල තියෙද්දිත් සමහරු මේක දකුණෙ වුණා කියල කියන එකේ, සිදුවීම වෙච්ච පැත්ත නොදාපු ඒවට මේක දකුණෙ වුණා කියල කියන එකේ පුදුමයක් නැහැ. (නි)
කොහොම වුණත් ඒ මනුස්සයා එකක් හරියටම කෙරුවා. (නි)
සමහර කාන්තාවන් නිසා තමයි ගෙදර ප්‍රශ්න ඇතිවෙන්නේ. මේ ප්‍රශ්න දුර දිග යන්න කලින් පුතා ඒකට මැදිහත් වුනා එකනමි වටිනවා. ගෙදර ප්‍රධානීන් මෙයිට වැඩිය සැලකිලිමත් වෙන්න ඕනා.(නදී)
මේක අපේ ටීවී චැනල් වලට හොද පාඩමක්. (නි)
ගොඩාක්ම අනේ, ඉන්නේ වල්ගේ පාගගත්තු අයනේ. වැඩේ කියන්නේ මෙයා එයාලා ඒක දන්නේ නැහැනේ. (නි)
අපිනම් රූපවාහිනිය බලන්නේ නැතෝ (ස)
පිස්සු නැත්නම් හොඳයි. මෙහෙම පණ්ඩිත අය කොතනත් ඉන්නවා (ස)
ඕවා ඉතින් ගෙවල්වල සිද්දවෙන සාමාන්‍ය දේවල්. නමුත් ගෑනු මනුස්සයා මොලෙන් ජීවත් වෙනවා වගේ පේනවා.(නදී)
දකුණේ සිදුවීමක් වගේ (ස)
පස්සේ බලපු එකත් ඉස්සෙල්ලා CD තැටිය වගේම එකක්නේ (ස)
දකුණේ සිදුවීම් වෙන්නේ පිට පළාත්වලින් ඇවිත් දකුණේ පදිංචි උන අය වැඩි නිසයි.,!(නු)
සමගි සම්පන්න පවුලක් වගෙයි. (නි)
කවුද අනේ මේක ලිවුවේ? (නි)
හොඳ වෙලාවට CD 1 හින්දි වුණෙ. හොලුවුඩ් නොවී (ස)