(කුණ්ඩසාලේ පී.එම්. රාජපක්ෂ)
දහ අට වංගුවට ඈතින් පිහිටි ගම්බද ප්‍රදේශයක සිට මහනුවර හරහා කොළඹ ප්‍රදේශය දක්වා දිනපතා ගමන් ගන්නා පෞද්ගලික බස් රථයකි.
මෙම බස් රථය නියමිත වෙලාවට පැමිධෑම හා ගමනාන්තය දක්වා ගමන් ගැනීම හේතුවෙන් කා අතරත් ජනප්‍රිය බස් රථයක් වූ අතර බොහෝ පිරිසක් ගමන් කිරීම දක්නට ලැබීමත් සුලබ දසුනක් විය. වර්තමානයේ ගමන් ගන්නා බොහොමයක් බස් රථවල මෙන් මෙම පෞද්ගලික බස් රථය ද තිර රෙදි යොදා, ඇතුළත විවිධ වැකි සහිත පුවරු සහ විදුලි බුබුළුවලින් ද ඒකාලෝක වන අයුරින් අලංකාර කර තිබෙනු දක්නට ඇත. එමෙන්ම මෙහි රියදුරු අසුනට ඉහළින් නවීන පන්නයේ රූපවාහිනි යන්ත්‍රයක් සහ ශබ්ද වාහිනි යන්ත්‍ර සවි කර තිබෙන්නේ මගීන්ගේ ආකර්ශනය දිනා ගැනීම සඳහා ය.
පසුගිය දිනක මෙම බස් රථයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් පවත්වන ලද සංගීත ප්‍රසංගයක වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කරමින් තිබූ අතර, බසයේ ගමන් කළ මගීන් බොහෝ දෙනෙකු එයට ආකර්ශනය වෙමින් නරඹමින් සිටිනු දක්නට ලැබිණි.
මෙම සංගීත සංදර්ශනයේ එක්තරා උද්වේගකර අවස්ථාවන්වල, එහි නිවේදන කටයුතු ඉටු කළ නිවේදක මහතා විසින් විවිධ ඉල්ලීම් රසිකයන් වෙත ඉදිරිපත් කිරීම ද සුලබ දසුනකි. එවැනි එක් අවස්ථාවක දී අදාළ නිවේදකයා දෑත් ඉහළට ඔසවමින් “හූ” හඬක් ලබා දෙන්න යයි කීප වතාවක් ප්‍රසංගය නරඹන්නන්ගෙන් ඉල්ලීම් කරනු දක්නට ලැබිණි. එම ඉල්ලීමත් සමගම බස් රථයේ ඉදිරි පස අසුනක සිටි නවීන පන්නයට හැඳගත් තරුණියන් තිදෙනෙකු එක් වරම දෑත් ඔසවමින් “හූ” හඬ කිහිපයක් නැගූ අතර මගීන් සියල්ලගේම නෙත් ඒ දෙසට යොමු වූ අතර, බසය “හූ” හඬත් සමග එකම සිනා සාගරයක ගිලුණි. ඒ සමගම එතෙක් සංගීත සංදර්ශනයට වශී වී සිටි තරුණියන්ගේ නෙත් විවර වූ අතර විළියෙන් ඇඹරෙමින් බිම බලාගෙන ගමන් කරනු දක්නට ලැබිණි.
2025 දෙසැම්බර් මස 04
803
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සංගීතයට වහ වැටිලා කෙල්ලො තුන්දෙනෙක් බසයේ හූ කියලා
KANDEPOLA Tuesday, 06 November 2018 08:37 AM
දැන් බස් දුවන්නේ ඩීසල් වලින් නෙවෙයි. 'සහරා ෆ්ලෑෂ්' වලින්.