IMG-LOGO

සංගීතය බලන්න ගිහින් පොලිස් කූඩුවේ නවතී

සංගීතයට ලොල් තරුණයන් පස් දෙනකුට සංගීතය නැරඹීම එපාවීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණි.

ප‍්‍රදේශයේ කුමන තැනක සංගීත සංදර්ශනයක් වෙතොත් එතැන රැය පහන් කරන්නට පුරුදු වූ තරුණයින් කීප දෙනෙකි. කිලෝ මීටර් 10ක් 15ක් වුවද ඔවුන්ට ගැටලූවක් නැත.

පසුගියදා පැවැති සංගීත සන්දර්ශනයකි. ජනප‍්‍රිය ගායකයින් වාදකයින් එන බව ද ඔවුන්ගේ කනට වැටුණි. පසුදිනද නිවාඩු දිනක් හෙයින් එහි ගොස් සංගීතය නරඹන්නට මිතුරු කණ්ඩායම තීරණය කළේය.

නියමිත දිනයේ සවස් යාමයේ මිතුරෝ එකතු වූහ. සංගීතයක් නැරඹීමට අවශ්‍ය යැයි ඔවුන් සිතනා සියල්ලෙන් සප්පායම් වීමට ද අමතක නොකලේ මිතුරු කැලේම යෝජනාවට අනුවය.

වෙනදා මෙන් මුදල් හදල් නොවූ නිසා අතේ ඇති මුදලට මගතොටදී අවශ්‍ය දේ ලබාගෙන කිලෝ මීටර් 13ක් පමණ පයින් ගොස් සංගීතය නැරඹීම ඔවුන්ගේ අදහස විය.

ඔවුන් රාත‍්‍රී 9.30ට පමණ නියමිත තැනට ළඟා විය.

ක‍්‍රීඩා පිටිය වටේටම ටකරන් සිටුවා හරස්කොට ඇත. ආරක්ෂකයෝද පොලිස් නිලධාරීහුද ඒ අවට වෙති. මඳක් පදමට සූර් වී සිටි නිසාත් රාත‍්‍රිය නිසාත් ඔවුහු මුණිවත රැක්කෝය.

යළි ආපසු හැරුණ ඔවුන් මතකයේ තිබූ ගී ගයමින් ආපසු එමින් සිටි අතර බීමත්කම හා රාත‍්‍රියේ මහමග ගැවසීමේ වරදට ඔවුන් අල්ලා ගැණුනි.

දින දෙකකින් ආපසු ගමට පැමිණි මොවුන්ට තවත් මුදලක් වියදම් කිරීමට සිදුවූවා පමණක් නොව හිත මිතුරන් අතරේද මේ පුවත ප‍්‍රචලිත විය. ඔවුන්ගේ ඥාතීන් එකතුවී මොවුන් නිවසට කැඳවාගෙන විත් අවවාදද කැරිණි. නැවත රෑ ගමන් නැවැත්වීමට ද ඔවුහු වැඩිහිටියන්ට පොරොන්දු වූහ.
 



අදහස් (0)

සංගීතය බලන්න ගිහින් පොලිස් කූඩුවේ නවතී

ඩිසීඩ් Sunday, 18 May 2014 08:54 AM

මේ සංගීත සංදර්ශනකාරයො නිසා දැන් බස් එහෙකවත් නිදහසේ යන්න පුලුවන්ද මේවා තහනම් කරන්න ඕනා.(නදී)

:       0       0

මධුෂාන් Monday, 12 May 2014 04:38 PM

ඒක නම් හොඳ වැඩේ. (ස)

:       0       0

ප්‍රසංග Wednesday, 14 May 2014 07:05 AM

දැන් හදිසි නීතියත් නැති නිසා වරදක් කළා වෙන්නේ කොහොමද? (නි)

:       0       0

නුවන් Monday, 12 May 2014 11:09 PM

පුදුමාකාර දේවල්නේ වෙන්නේ! (නි)

:       0       0

රුවන් Monday, 12 May 2014 11:09 PM

කාර් වලින් රාත්‍රී සංචාරය තහනම් නැද්ද? (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 16 May 2014 05:13 PM

රාත්‍රියේ ගමන් කළා කියලා පොලිසියට නිකන් මිනිසුන්ව කූඩුවට දමන්න අයිතියක් නැහැ. ඕනෑම පුද්ගලයෙකුට රාත්‍රියේ ගමන් බිමන් යාමේ අයිතියක් තිබිය යුතුයි. හොරුන් සහ අපරාධකරුවන් ගැවසෙන්නෙත් රාත්‍රී කාලයේ නිසා සැකසහිත නම් ප්‍රශ්න කළ හැකියි. (නි)

:       0       0

කෝසල Saturday, 17 May 2014 10:37 AM

මොන ගොන් කතාවක්ද මේක... ඇයි රේට මහමග යන්න තහනම්ද ?(අ)

:       0       0

සවී Wednesday, 14 May 2014 10:11 PM

එහෙම නීතියක් තියෙනවා. (ස)

:       0       0

පහන්දී Monday, 12 May 2014 07:38 PM

පව් අනේ! එච්චර දුරක් පයින් ගිහිල්ලා, සංගීතෙත් නොබලා, දින දෙකක් පොලිස් කුඩුවේත් ඉඳලා... සතුටුයි අනේ! වැඩිහිටියන්ගේ අවවාද පිළිඅරන් රාත්‍රී ගමන්බිමන් නවත්වලා... ෂෝක් දරුවෝ .....!!! (නි)

:       0       0

සිසිරසිරි Tuesday, 13 May 2014 08:52 AM

මොකක්ද ඒ ගොන් කතාව. රාත්‍රියේ මහා මඟ ගැවසීම කියන්නේ, ඇවිදින්න බැරිද? මොකක්ද ඒකෙන් වෙන්නේ. කාර් එකකින් ගියොත් ප්‍රශ්නයක් නැත්ද? අපරාධකාරයෝ පයින්ද යන්නේ. එහෙම නීතියක් ගැන නම් අපි දන්නෙ නෑ. මොකක්ද මේක ළඟදි ආපු නීතියක්ද? (ස)

:       0       0

අසෝකා Monday, 12 May 2014 01:39 PM

කොහොම හරි අවසානයේ ඔවුන් එයින් පාඩමක් ඉගෙන ගෙන යහපත් අතට හැරුන නම් එය සමාජයටත්, ඔවුන්ගේ ඉදිරි ගමනත් සැනසීමක් වනු ඇත. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site