(මීරිගම - විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වැරදි මංගල උත්සවයකට ගොඩ වැඳී නාඳුනන මනාල යුවළකට ත්‍යාගය පිරිනමා සුබපතා නියමිත මංගල උත්සවය සඳහා යළිත් ත්‍යාගයක් මිලදී ගෙන ගිය ප්‍රභූවරයකු පිළිබඳව පසුගියදා බස්නාහිර පළාතේ ගම්මානයකින් වාර්තා විය.
ගමක් බලාගන්නා රජයේ ආයතනයක හිටපු ප්‍රධානියෙකි. තම ගමේ හිතවතකුගේ දියණියගේ මංගල උළෙලට ඇරයුමක් ලැබිණි. මංගල උත්සවය පැවැතියේ ද ගමේම පිහිටි උත්සව ශාලාවකය.
නියමිත දිනයේ විශේෂ ත්‍යාගයක් ද සූදානම් කරගත් මේ ප්‍රභූවරයා මංගල උත්සවයට සහභාගිවීමට ගියේය. ගෙනගිය ත්‍යාගය මංගල උත්සව ශාලවේ පිහිටි ඒ සඳහා සූදානම් කර තිබූ මේසය මතින් තැබූ හෙතෙම මනාල යුවළට කතාකරන්නට පියමං තැබීය. අවට විමසිල්ලෙන් බැලුවත් දන්නා අඳුනන මුහුණු එකක්වත් පෙනෙන්නට සිටියේ ද නැත. මංගල උත්සවයට එක්ව සිටි පිරිස ද තමන් දෙස විමසිල්ලෙන් බලන බව ඔහුට පෙනී ගියේය.
මනාල යුවළට සුබ පැතූ ඔහු ඔවුන් දෙස මඳක් බලා සිටියත් මනාලිය තම හිතවතාගේ දියණිය නොවන බව ඔහුට තේරුම් ගියේය. දුරකතනය අතට ගත් මේ ප්‍රභූවරයා තවත් මහජන නියෝජිතයකුට ඇමතුමක් ගත්තේ තමන්ට සිදුවූ වරද දැනගන්නටය. ‘අයියේ වෙඩින් එක තියෙන්නේ උඩහ ශාලාවේ. එතනට එන්න.’ මිතුරා පැවසීමත් සමඟ දුරකතනය කනේ තිබියදීම කතාවක නිරත වෙන බව පිරිසට පෙනෙන සේ උත්සව ශාලාවෙන් එළියට ආවේ මේසය මත තැබූ ත්‍යාගය එසේම තිබියදීය.
එළියට ගිය මේ ප්‍රභූවරයා වහාම වෙළෙඳසැලකට පණිවිඩයක් යැවීය. ‘මම කලින් ගත් ත්‍යාගයක්ම නැවතත් පාර්සල් කර උත්සවශාලාවට එවන ලෙස’ දැන්වීය. ත්‍යාගය එන තුරු මංගල උත්සවයට නියමිත ශාලාවට ගිය මේ ප්‍රභූවරයා ටිකෙන් ටික මධුවිත තොල ගාන්නට වූයේ තමන්ට සිදුවූ වරද එයින්වත් වසා ගන්නා අදහසිනි. බෝතලේ ටිකෙන් ටික හිස්වෙද්දී හෙතෙම තමන්ට සිදුවූ වරද කියාපාන්නට වූයේ සිනාවත් හිතේ සැඟවුණු කණගාටුවත් සමගින්ය. ඒ අසල පැපරාසියකු සිටිනවා ඔහු දකින විට සියල්ල සිදුවී හමාරය.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ශාලාව පැටලිලා තෑගි දෙකක් දීලා