IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ශ්‍රමදානයට නොආවාට අමුතුම තාලේ දඬුවමක්

ළදරු පාසලක පවත්වනු ලබන ශ්‍රමදානය මග හරින මව්පියන්ට නියම කර තිබූ දඩ මුදල වැඩිකිරීම නිසා එම ශ්‍රමදානයට සියලු මව්පියන් සහභාගිවූ පුවතක් බුලත්කොහුපිටිය ප්‍රදේශයේ එක්තරා ළදරු පාසලකින් වාර්තා විය.


සිද්ධිය සැකවින් මෙසේය.


මසකට වතාවක් ළදරු පාසල සුද්ද පවිත්‍ර කළ යුතු බවට පාලිකාව තීරණය කළාය. ඒ අනුව ඇය ළමයින්ගේ මව්පියන් දැනුම්වත් කර සෑම මසකම යොදා ගත් දිනයක ශ්‍රමාදනය පවත්වන බවත් එයට සියලුම මව්පියන් සහභාගී වියයුතු බවටත් දැනුම් දුන්නාය. යම් හෙයකින් එදිනට සහභාගීනොවන මව්පියෙකු සිටීනම් එම නිවසින් රුපියල් සියයක මුදලක් දඩමුදලක් ලෙස ළදරු පාසලට ගෙවිය යුතු බවට මව්පිය රැස්වීමේදී යෝජනා විය.


ළදරු පාසලේ ළමයින් දහඅට දෙනෙකු සිටියත් සෑම ශ්‍රමදානයකටම පාහේ සහභාගිවූයේ මව්පියන් දෙතුන් දෙනෙකි. අනෙක් අය ශ්‍රමදානය මගහරිමින් රුපියල් සියයක මුදලක් දඩ ලෙස ගෙවා එයින් මගහරිමින් සිටියහ. එක් දිනයක ශ්‍රමදානයට සහභාගි වූ අයෙකු පෙරපාසලේ පාලිකාවට යෝජනාවක් කළේය. “ටීචර් හැමදාම අපි දෙන්නා තුන්දෙනා ශ්‍රමදානයට ඇවිත් සුද්ද කරනවා. අනෙක් අය නිකම් ජාමේ බේරාගෙන රුපියල් සීයක් දීලා යනවා. ඒ නිසා මේ මුදල රුපියල් හාරසීයක් කරමු යැයි කීය.” 


ඔහුගේ කතාව පෙරපාසල් පාලිකාව එක පයින්ම අනුමත කළාය. ඒ අනුව දඩමුදල වැඩිකර ඇති බව පැවසීමෙන් පසු ශ්‍රමදාන වලට නොපැමිණෙන මව්පියෝ සියලුම දෙනාද සහභාගි වූහ. 

(බුලත්කොහුපිටිය - රවීන්ද්‍ර වෙලගෙදර)



අදහස් (0)

ශ්‍රමදානයට නොආවාට අමුතුම තාලේ දඬුවමක්

වසන්ත සිල්වා Thursday, 04 August 2016 03:34 AM

ඉතාමත් හොඳ අදහසක් (ම)

:       0       0

ජහුටා මාමා - සෞදි අරාබිය ( ජයතු ) Thursday, 04 August 2016 04:19 AM

තමාගේ දරුවා වෙනුවෙන් මාසයකට එක දවසක් වෙන්කරන්න බැරිද ? (ම)

:       0       0

පකීර් Thursday, 04 August 2016 02:14 PM

මෙය පොලිසියට හෝ පැමිණිලි කරන්න. ගෙවන පාසැල හරියට තියාගන්න එක පාලිකාවගේ වගකීම. (රේ)

:       0       0

කමල් පාලිත Thursday, 04 August 2016 08:03 AM

ඔය කියන ළදරු පාසලේ නිකන්ද උගන්නනේ. මාසෙකට පාරක් ශ්‍රමදාන වලට යන්න පුලුවන්ද මිනිස්සුන්ට.(ම)

:       0       0

කාශ්‍යප Thursday, 04 August 2016 10:05 AM

පාසැල පිරිසිඳුව පවත්වාගෙන යාම, හුණු ගෑම ආදිය එහි පරිපාලකයන්ගේ වගකීමක්. දරුවන් වෙනුවෙන් ගෙවන ගාස්තුවල මේ සියල්ල අඩංගුයි. මෝඩ, අහිංසක දෙමව්පියන් සිටින තාක් කපටි හොරුන්ට රජ මගුල්. දෙමව්පියන් සියලුදෙනා එක්ව මෙය පොලිසියට හෝ පැමිණිලි කරන්න. දරුවන් ගැන සිතමින් අසාධාරණයට නැගී සිටින්නට ඉඩදෙන්න එපා. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 73 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 874 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site