ළදරු පාසලක පවත්වනු ලබන ශ්‍රමදානය මග හරින මව්පියන්ට නියම කර තිබූ දඩ මුදල වැඩිකිරීම නිසා එම ශ්‍රමදානයට සියලු මව්පියන් සහභාගිවූ පුවතක් බුලත්කොහුපිටිය ප්‍රදේශයේ එක්තරා ළදරු පාසලකින් වාර්තා විය.
සිද්ධිය සැකවින් මෙසේය.
මසකට වතාවක් ළදරු පාසල සුද්ද පවිත්‍ර කළ යුතු බවට පාලිකාව තීරණය කළාය. ඒ අනුව ඇය ළමයින්ගේ මව්පියන් දැනුම්වත් කර සෑම මසකම යොදා ගත් දිනයක ශ්‍රමාදනය පවත්වන බවත් එයට සියලුම මව්පියන් සහභාගී වියයුතු බවටත් දැනුම් දුන්නාය. යම් හෙයකින් එදිනට සහභාගීනොවන මව්පියෙකු සිටීනම් එම නිවසින් රුපියල් සියයක මුදලක් දඩමුදලක් ලෙස ළදරු පාසලට ගෙවිය යුතු බවට මව්පිය රැස්වීමේදී යෝජනා විය.
ළදරු පාසලේ ළමයින් දහඅට දෙනෙකු සිටියත් සෑම ශ්‍රමදානයකටම පාහේ සහභාගිවූයේ මව්පියන් දෙතුන් දෙනෙකි. අනෙක් අය ශ්‍රමදානය මගහරිමින් රුපියල් සියයක මුදලක් දඩ ලෙස ගෙවා එයින් මගහරිමින් සිටියහ. එක් දිනයක ශ්‍රමදානයට සහභාගි වූ අයෙකු පෙරපාසලේ පාලිකාවට යෝජනාවක් කළේය. “ටීචර් හැමදාම අපි දෙන්නා තුන්දෙනා ශ්‍රමදානයට ඇවිත් සුද්ද කරනවා. අනෙක් අය නිකම් ජාමේ බේරාගෙන රුපියල් සීයක් දීලා යනවා. ඒ නිසා මේ මුදල රුපියල් හාරසීයක් කරමු යැයි කීය.”
ඔහුගේ කතාව පෙරපාසල් පාලිකාව එක පයින්ම අනුමත කළාය. ඒ අනුව දඩමුදල වැඩිකර ඇති බව පැවසීමෙන් පසු ශ්‍රමදාන වලට නොපැමිණෙන මව්පියෝ සියලුම දෙනාද සහභාගි වූහ.
(බුලත්කොහුපිටිය - රවීන්ද්‍ර වෙලගෙදර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳ අදහසක් (ම)
තමාගේ දරුවා වෙනුවෙන් මාසයකට එක දවසක් වෙන්කරන්න බැරිද ? (ම)
මෙය පොලිසියට හෝ පැමිණිලි කරන්න. ගෙවන පාසැල හරියට තියාගන්න එක පාලිකාවගේ වගකීම. (රේ)
ඔය කියන ළදරු පාසලේ නිකන්ද උගන්නනේ. මාසෙකට පාරක් ශ්‍රමදාන වලට යන්න පුලුවන්ද මිනිස්සුන්ට.(ම)
පාසැල පිරිසිඳුව පවත්වාගෙන යාම, හුණු ගෑම ආදිය එහි පරිපාලකයන්ගේ වගකීමක්. දරුවන් වෙනුවෙන් ගෙවන ගාස්තුවල මේ සියල්ල අඩංගුයි. මෝඩ, අහිංසක දෙමව්පියන් සිටින තාක් කපටි හොරුන්ට රජ මගුල්. දෙමව්පියන් සියලුදෙනා එක්ව මෙය පොලිසියට හෝ පැමිණිලි කරන්න. දරුවන් ගැන සිතමින් අසාධාරණයට නැගී සිටින්නට ඉඩදෙන්න එපා. (ම)