(හක්මණ විශේෂ දෙනගම යසන්ත ආරියසේන) 
සංවර්ධනයට සම්බන්ධ රාජ්‍ය බැංකුවක් ශත පනස් හතක ණය මුදලක් අයකර ගැනීම සඳහා රුපියල් එකසිය තිස්පහක් වැය කර ලියාපදිංචි තැපෑලෙන් ලිපි යැවීමේ අපූර්ව සිද්ධියක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.
2015 වර්ෂයේ දී ලබා ගත් රුපියල් ලක්ෂයක ණය මුදලක් වෙනුවෙන් 2019 අප්‍රේල් මාසය වනවිට ගෙවිය යුතු හිඟ මුදල වහාම ගෙවන ලෙස එම බැංකු ශාඛාවේ කළමනාකරුගේ අත්සනින් යුතුව ගනුදෙනුකරු හා ඇපකරුවන් දෙදෙනාට මෙලෙස ලියාපදිංචි තැපෑලෙන් ලිපි යවා ඇති බැව් පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2015 වර්ෂයේ දී ලබා ගත් රුපියල් ලක්ෂයක ණය මුදලක් වෙනුවෙන් 2019 අප්‍රේල් මාසය වනවිට ගෙවිය යුතු හිඟ මුදල සත 57ක් වෙන්නේ කොහොමද?
මේක විහිළුවක් වගේ පෙනුනාට බැංකු පද්ධතියේදි මේක කරන්න වෙනවා. මොකද ණය මුදලක සතයක් හරි නොගෙවා තිබුනොත් එක අක්‍රීය ණය ලෙස ගණනය වෙනවා. එක්කො බොල් ණය ලෙස කපා හරින්න වෙනවා. ඇතැම්විට ඒ සත ගණන වෙනත් විශාල ගනුදෙනුවක සුළු කොටසක් පමණක් විය හැකියි.
මේවා යාවත්කාලීන විය යුතුයි...... ඉතා පොඩි ගණන්වලට නඩු දල එන්තරවාසි එවල මහන්සි වෙලා කාලයත් මුදලුත් නාස්ති කර නොගෙන ඒවා පකපා හැරීම හෝ අය කර ගැනීමට ක්‍රමවේද තිබිය යුතුයි.... අනෙක් අතට අපේ මුදල් ඔයවගේ පොඩි ගණන් තිබුනවා ඉබේම කැපිල අහෝසි වෙන..... එකෙන් කොයි තරම් අයතු ලාබයක් බැංකුවට ලැබනවාද? අපිට පොඩි ගණන් නොගෙවා ඉන්නවද ඒවා ඔය නීතියේම නේද?