(මීරිගම පුෂ්පකුමාර මල්ලවාරච්චි)
කුඩය බෑගයේ තබාගෙන මහ වැස්සේ තෙමෙමින් දුම්රියට ගිය ඉහළ තනතුරක් දරන නිලධාරියකු බිරියගේ දෝස්මුරයකට ලක්වීමේ පුවතක් පසුගියදා කොළඹ කොටුව දුම්රිය පොළේදී අසන්නට ලැබුණි.
කොලොම්පුරේ ආයතනයක සේවය කළ නිලධාරියා පිටව යාමට පැමිණි අවස්ථාවේ මහ වැස්සක් ඇද හැළුණ ඔහු වැස්ස ගැන නොසලකා තෙමි තෙමීම දුම්රියපොළ දක්වා ගමන් කළ අතර ඒ වනවිට හොඳටම තෙතබරිත වී සිටියේය. දුම්රියපොළ අසලින් තුවායක් මිලදී ගත් ඔහු සිරුර වියළාගෙන දුම්රිය එනතුරු බලා සිටියදී ඔහුට බිරියගෙන් ඇමතුමක් ලැබිණි. අනේ මම හොඳටම තෙමිලා මට කොත්තමල්ලි ටිකක්වත් තම්බලා තියන්න ඔහු බිරියට කීය.
බිරිය තවදුරටත් විස්තර විමසද්දී ඔහු පැවසුවේ අනේ ඔයා බෑග් එකට කුඩය දාලා තිබුණා නං මේ කරදරේ වෙන්නේ නෑනේ යනුවෙනි. ඒ සමගම බිරිය පරල වූවාය. අනේ මනුස්සයෝ තමුසේ බෑග් එක බැලුවනම් කුඬේ තියන බව දකින්න ඕනෑ නිකරුණේ මට දොස් කියන්න එපා යැයි කියනු අසල සිටි අයටද ඇසුණි. අනතුරුව සැමියා බෑගය විවෘත කර බලනු අසල සිටි ජනතාව දුටු අතර කූඩය පරීක්ෂා කර බැලූ ඔහු බෑගය වසා බිරියට හීන්සීරුවේ පින්සෙන්ඩු වෙනවා ඇසුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක එතරම් දෙයක්ද. ලඟදි අපේ වත්තේ කරපිංචා ගහේ අතු කැපුවා කියලා මටත් පතුරුයන්න බැන්නා. ඉතින් මම කිව්වා අපේ අම්මවත් මට ඒ ආකාරයෙන් කවමදාවත් බැනලා නැහැ කියලා.