වසර තුනක් මැදපෙරදිග රටක ගෘහ සේවිකාවක වශයෙන් සේවය කොට සිය නිවසට පැමිණි දා තම සැමියාට ”අංකල්” යැයි කියා ආමන්ත‍්‍රණය කළ කතකගේ පවුල් ජීවිතය අනූනවයෙන් බේරුනාලූ. තරුණ දෙදරු මවක වූ මෙම කාන්තාව සිය සැමියාට එසේ ආමන්ත‍්‍රණය කර ඇත්තේ ඇය එදින නිවසට පැමිණෙන විට රැගෙන ආ බඩු පෙට්ටියක් වාහනයෙන් බිමට බෑම සඳහා කි‍්‍රයාකළ අවස්ථාවේ දී බවද පැවසේ. මෙහි සිටි කීප දෙනෙකු එක්වී එම බඩු පෙට්ටිය බිමට බෑමට සුදානම් වූ අවස්ථාවේදී එතෙක් පසෙක වී සිටි සැමියාද එහි කෙළවරකට අත තැබීමට උත්සාහ ගත් අවස්ථාවේ ”අනේ අංකල්ට බෑ ඉන්න මං අල්ලනැයි” කියා එය වළක්වා ඇති බිරිය ඒ සඳහා ඇය ඉදිරිපත්වී ඇත. මේ අවස්ථාවේ දී පිරිස ඉදිරියේ ලජ්ජාවටත්, කෝපයටත් පත් එම පුද්ගලයා අවුරුදු තුනට තමන්ගේ මිනිහත් අමතක වුනාදැයි අසමින් ශබ්ද කෝෂය හිස් කළාලූ. මෙහිදී ඊට මැදිහත්වූ කීපදෙනකු නිසා පසුව සිද්ධිය සමථයකට පත්කර ගැනීමට හැකිවී තිබේ. සැබෑවටම මෙය එම කාන්තාව හිතාමතාම කළ දෙයක් නොවන බවද සිදුවී ඇත්තේ වසර තුනක් නොසෑහෙන සේ මතට ඇබ්බැහිවූ මෙම පුද්ගලයා නිතර දකින අයකුට හැර වෙනත් අයකුට හඳුනාගත නොහැකි තරමට වෙනස්වී සිටීම බව ගැමියෝ කියති. බිරිය එවූ සල්ලිවලින් ඔහු වැඩිපුරම ආයෝජනය කර ඇත්තේ ගමේ කසිප්පු මුදලාලි ළඟලූ.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වසර 3 ක් රට සිට ආ බිරිය සැමියාට අංකල් කියලා