(නයිනමඩම චන්දන ප‍්‍රනාන්දු)
ලොතරැයි වාසනාවක් පස්සේ ගිහින් අතේ තිබුණ මුදලත් නැති කර ගත්තු පුවතක් පසුගියදා දංකොටුව ප‍්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
බොහෝ අගහිඟකම් මැද්දේ ජීවත්වෙන මෙම පවුලේ සාමාජිකයන් සියලූම දෙනා විවිධ රැකියාවල නිරත වුණේ ජීවත්වීමේ සටන ජයගන්නටයි. ඒත් එය එතරම් පහසු නොවුණේ ඔවුන්ට හැමදාම රැුකියාව නොතිබුණ නිසාත් ඒ නිසාම ආදායමක් නොලැබුන නිසාත් බවයි වාර්තා වුණේ.
මේ පවුලේ තරුණියක් ටිකක් දුරින් පිහිටි ඇඟලූම් කම්හලක සේවය කළ අතර ඇගේ නමින් තැපෑලෙන් ආ ලියුමක සඳහන් වී ඇත්තේ ලොතරැුයි දිනුමක් ඇදී ඇති බවත් එය ලබා ගැනීමට බදු ලෙස රුපියල් 10,000 ක් රැගෙන කොළඹට එන ලෙසයි.
එදිනම සියලූම වැඩ නවතා රැකියාවෙන් නිවාඩුවක් ගෙන ණයට මුදලූත් සොයාගෙන මව, පියා හා එම තරුණියත් සමඟ ත‍්‍රිරෝද රථයක් කුලියට ගෙන කොළඹ ගොස් එම ලිපියේ සඳහන් දුරකතන අංකයකට කතා කළත් ප‍්‍රතිචාරයක් නොලැබීම නිසා බොහෝ රස්තියාදු වී ගෙදර ඇවිත් තියෙන්නේ ලැබෙන මුදලක් බලාපොරොත්තුවෙන් ගොස් තවත් ලොකු මුදලක් ණය වීමෙන් බවයි වාර්තා වුණේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ගියේ අාය ත්‍රීවිල් එකකකින්? (බ)
අම්මයි තාත්තයි දුවයි ටිකක් මෝඩයි. ටිකක් හොයල බලල වැඩ කළා නම් ඔය වගේ දෙයක් සිදු වන්නේ නැහැනේ. අනික කොයි රටේද දිනුව ලොතරැයියට බදු ගෙවන්න කියන්නේ. ඔතනින් බේරුනා ඇති. (ස)
අපි ඉන්න රටවළත් මෙවැනි ලිපි ඕනේ තරම් තැපෑලෙන් එවනවා.අපි නම් කෙලින්ම කුණු කුඩයට තමයි දාන්නේ. තවද දුරකථනයෙන් එන ඇමතුන් වල කෙළවරක් නැහැ. (ම)
අනේ මටත් මෙහෙම ලියුමක් එවන්නකො මම එන්නම් 10000ක් අරන් (බ)
වතුරට වැටුන මිනිහා බලන්නේ,අතට අහුවෙන පිදුරු කෑල්ලකින් හරි ගොඩට එන්න.දරිද්‍රතාවයෙන් පෙළෙන මෙවැනි දුප්පත් මිනිසුන්ට මෙවැනි ලිපියක් ගැන සොයා බැලීමට තරම් නිනව්වක් නැති වෙන්නට ඇති.පව් අසරණයෝ . (ස)
මෝඩ කම නේ. දුරකතනයෙන් කතා කරන්න තිබුනේ යන්න කලින්. (නදී)
ගමන් වියදම් හැරුනම රු 10000 ඉතුරු කර ගත්ත එකත් මදැයි ?මට ලිපියක් ලැබුන ඉංගිරිසියෙන් ඩොලර් මිලියන ගානක අන්තිම කැමැත්ත මගේ නමට තියෙනවා කියල ග්‍රීසියෙන්. බලපු ගමන් ලිපිය අල්ලලා විසිකළා අපිට කවුද අනේ අන්තිම කැමති ලියන්න ඉන්නේ ? මේ වගේ මෝඩ වැඩ වලට අහු නොවී ඉන්න පුලුවන්නම් වාසි ගොඩයි (නදී)
බඩු තිබුණත් ඒ මුදල ලොතරැයියෙන් අඩු කරන්නේ (ම)
ඇත්තටම පිස්සු පවුලක් (නදී)
රෙජි-සිඩ්නි, ලංකාවෙයි, ඕස්ට්‍රේලියාවෙයි ලොතරැයි දිනුම් වලට බදු නැහැ. ඇමරිකාවේ එහෙම බදු ගන්නවා. තවත් වෙනස් රටවල් ඇති. මිනිස්සු දැනුවත් කිරීම තමයි මේ සියලු ප්‍රශ්න වලට විසඳුම. (නි)
රෙජි, ඔයා දන්නේ නැද්ද අපේ රටේ ලොතරැයියට බදු ගෙවන්න වෙනවා කියලා. ලක්ෂයක් අැදුනොත් හම්බවෙන්නේ ඊට අඩුවෙන්. 10% වගේ ගන්නවා බදු කියලා. (ස)
හිඟන්නාගේ පාත්තරේටම තමයි හෙණහුරා වැටෙන්නෙත් (නි)