වැසිකිළියේ උඩ කවුළුවෙන් හීලෑ අලියකු හොඬ ඇතුළු කිරීම නිසා එහි සිටි තරුණයකු මහත් බියට පත්ව ඇති වූ කලබලයක් පසුගියදා සබරගමු පළාතේ පිටිසර ගම්මානයකින් වාර්තා වේ.
ඔහු පොළ එළවළු වෙළෙඳාමේ යෙදුණ අවිවාහක තරුණයෙක් විය. දවසේ වැඩ කටයුතු නිමාකර ඔහු සෑම දිනකම වාගේ යළි නිවෙසට පැමිණෙන්නේ බොහෝ විට රාත‍්‍රී කාලයේය.
එදත් සුපුරුදු ලෙස නිවෙසට පැමිණි ඔහුට රාත‍්‍රී ආහාරයෙන් පසු වැසිකිළියට යාමට අවශ්‍යතාවක් ඇතිවිය.
විදුලි පන්දමක් රැගෙන නිවෙස අසල ඇති වැසිකිළියට ඇතුළු විය. ටික වේලාවක් ගිය පසු ඔහු දුටුවේ අලියකුගේ හොඬක් හෙමින් සීරුවේ එහි කවුළුවෙන් ඇතුළට පහත් වෙන බවයි.
බලාපොරොත්තු නොවූ මේ සිදුවීමෙන් බියටත් කම්පනයටත් පත් තරුණයා මහා හඬින් කෑගසන්නටත්, හඬන්නටත් පටන් ගත්තේය.
ඔහුගේ හඬට කලබලයට පත් ඔහුගේ නිවැසියෝ වහා දුව ආහ.
සැහෙන වේලාවකට පසු තරුණයාගේ බිය පහව ගිය පසු නිවැසියන් ඔහුට පැවැසුවේ එම දිනවල එම ප‍්‍රදේශවල ගස් ඇදීමට ගෙනවිත් සිටි අලියකු රාත‍්‍රී කාලයේ ඔවුන්ගේ වත්තේ බැඳ සිටි බවයි. අලියා විදුලි පන්දමේ ආලෝකය දැක ඒ තුළට හොඬ දමා තිබිණ.
කෙසේ හෝ මේ සිද්ධිය ඔහුගේ මිතුරකු දැනගෙන පොළේ මිතුරන්ට පැවැසීම නිසා ඔහුගේ මිතුරන් දැන් නිතරම අහන්නේ ”ඊට පස්සේ අලි හොඬක් දුටුවේ නැතිද” යනුවෙනි. එවිට ඔහු මිතුරන්ට හොඳහැටි දොස් පවරමින් මගහැර යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කොලුවෝ උඹට නිදහසේ ඒකවත් කරගන්න දුන්නේ නැහැනේ මේ වල් අලියා. වරෙන් කොල්ලෝ බින්තැන්නට ඕනේ තරම් ඉඩ තියෙනවා.(නදී)
සමදරා, ආරියදාස ගැන මට දැන් නම් ඇත්තට කණගාටුයි. වෙන අය තමන්ගේ නමින් අදහස් දානකොට ඇතිවෙන්නේ කියන්න බැරි බයක් සහ තනිකමක්. හරියට අසරණ වෙනවා. මම මෙහෙම කියන්නේ මගේ නම පාවිච්චි කරලත් සමහරු අදහස් දමලා තිබුනා. අනේ එහෙම කරන්න එපා යහලුවනේ (නි)
පහන්ගේ කතාව හරි. දැන් අලින්ට වම ,දකුණ විතරයි පෙනෙන්නේ.ඉදිරිය පෙනෙන්නේ නැහැ (නි)
අලියා බලනවා ඇති මහා රෑට පොඩි ගෙයක මොනවද කරන්නේ කියලා. වැසිකිලියක් කියල දැන හිටියා නම් අලියා හොඞේ නොදා ඉන්නවා. (ස)
අයියෝ සමන් මට උනෙත් ඔය වගේ වැඩක් .(නදී)
මට 6 න් පස්සේ එලි බහින්න බයයි ..අලි එන නිසා .(නදී)
සමදරා ඔයා ඔය කුඹි එක්ක වැඩිය නටන්න එපා. (ස)
අලි ප්‍රශ්නය නිශා මම කොමඩ් එකක් ගෙන්න ගත්තා. ඒක දැන් අපේ සාලේ තියෙන්නේ .(නදී)
මා අසා ඇති අන්දමට අලියාට හැරෙන්න පුළුවන් පැත්තට තමයි ඌ හැරෙන්නේ. ඕක දන්නා කුඹියා පන්සල පැත්ත තෝරා ගත්තේ අලියට ඒ පැත්තට හැරෙන්න අපහසු වෙයි කියා හිතාගෙනයි. නමුත් ගණ දෙවියන්ටත් මොළය ආවේ අලියාගෙන් නිසා, අලියා කොහොම හරි අමාරුවෙන් හෝ පන්සල පැත්තට ගමන් කළ නිසා කුඹියාගේ උපකල්පනය වැරදුනාලු. (නි)
පහන්, ඔයාටවත් බැරිද මගේ තනි වී අදුරු වුණ ජීවිතයට පහනක් වෙලා අලෝකමත් කරන්න! (නි)
පන්සලේ අලියා නේද මේ? (නි)
සහන්, ඔයා ලියල තියෙන්නේ මනසේ සිතුවිල්ලක් උනත් ලොකු ඇත්තක් ඒ තුල ගැබ් වෙලා තියනවා කියල මට දැනුනා. මේ ඛේදවාචකය තමයි එසැන මේ සුන්දර තීරය නොවැදගත් කලේ .අපි බුද්ධිමත් පිරිසක් ලෙස වචන වලට හෝ කතා වලට නොරැවටිය යුතුයි .එසේ වු කල අපිට උගත් පිරිසගේ අදහස් නොලැබී මේ වගේ පහත් අදහස් දමන නුගත් පිරිසක් වටා කොටු වෙන්න වීම කණගාටුවක් .ඔබ යම් පණිවිඩයක් ලබා දුන්නට ස්තුති .මම ඉල්ලා සිටිනවා අපේ පැරණි මහත්ම මහත්මීන්ට එසැන රසවත් කරන්න කියලා. (ස)
මේ නිල්මිණි බත්තරමුල්ල කියන කෙනත් ටිකක් ඕනාවට වැඩියි වගේ. .(නදී)
පත්මේ කුඹියා ගොඩට ආවේ නැත්තේ සෙරප්පු දෙක නැති හින්දද? (ස)
ඔන්න පෙත්ත අහුවෙලා ලු කාටද? අලියාගේ බඩෙන් ලු ආවේ. බබා හම්බ වෙන කොට වීඩියෝ කොරලලු. තාම වාසගම එක්ක තාත්ත නම දීල නැතිලු... හුරේ...යමුකෝ පෙළපාලියක්..(නදී)
අන්න අලියට පපුවේ අමාරුව හැදිලා...ගඳට?(නදී)
පහන් පුතේ මට කියහන් උගේ කකුල් කීයක් තිබුනද කියල .(නදී)
මල්ලි හොඳ වෙලාවට උඩ බලාගෙන හිටියේ. මම හිටිය නම් බෙල්ලෙන් අල්ලනකන් දන්නෙම නැහැ ඔං...... (ස)
අලියත් එබෙන තැන්. (ස)
සහන් මම කිව්වා හරි නේද? (ස)
සහන් අන්තිම වැකියේදී ඔයාට වැරදිලා. පෙත්තා අයියා අලියාගේ බඩෙන් දැන් එළියට ඇවිත්.. ඔයා දන්නේ නැතුවට වෙන නමකින් (එයාට තියෙන නම් දහසින් එකක්)මේ තීරයේත් අදහසක් දාලා තියෙනවා.. මම හරි නේද පෙත්තා අයියේ? (ස)
ඕක සුළු දෙයක්ද? බලන්න.නොසන්ඩාලයකුගේ වැඩක් නිසාවෙන් වැසිකිළි පෝච්චියට ‘‘ඇළවී‘ සිටින්නට සිදුවූ හැටි? (නි)
සමන් මොකක්ද ඒ කරපු වැඩේ ? (නදී)
මම හිතන්නේ මේ අලියා රියදුරු පාසලක උපදේශක කෙනෙක් වෙන්න ඕනෑ. (නි)
ඔන්න දවසක් අලියෙක් හිටු කියල කූඹියෙක් පස්සේ එලවනවලු.කූඹියා පණ කඩාගෙන දුවන කොට තුන් මං හන්දියක් හම්බ වුනාලු.එක පැත්තක පන්සලක්ලු අනික් පැත්තේ ඉස්කෝලයක්ලු.අනික් පාරේ කඩයක්ලු.කූඹියා ඕන දෙයක් කියල පන්සලට ගියාලු.අලියා තුන්මං හන්දියට ඇවිල්ල හොල්මන් වෙලා හෙව්වලු මොන පැත්තටද මු ගියේ කියලා.පස්සේ අලියා පන්සලට තමයි ගියේ කියල කූඹියව අල්ලගත්තලු.කොහොමද අලියා දැනගත්තේ? (ස)
පද්මේ අයියේ, අලියා හොයා ගත්තෙ කූඹියගෙ සෙරෙප්පු දෙක ගලවලා ගිය නිසා පන්සල ඉස්සරහා... (ස)
ශාන්ති උදේම අරගෙන කේන්ති (ස)
ගෙදර මිනිස්සු නම් නියමයි. හදිස්සියේ අලියාගෙන් ජීවිතයට කරදරයක් වුණානම්.. සමහර හීලෑ අලි වුණත් වෙලාවකට නපුරු වෙනවා. ඒ මනුස්සයාට ආයේ වැසිකිලි යන්නත් බය හිතේවි.(නදී)
පද්මේ අයියේ, කූඹියාගේ අඩි පාර දැකලාද? (ස)
ඔව් ඔව් අජිත්, හරි. මටත් තේරුණා. (නි)
චන්දිගේ අලි හොඩවැල අදහසේ ගැබ්වී තිබෙන්නේ කුමක්ද? (නි)
නිල්මිණි බත්තරමුල්ල 2013-12-05 13:26:08 ප්‍රතිචාරය මගේ අදහසක් නෙමෙයි. (ස)
අනේ ඔයා කේන්ති ගන්ට කාරී නෑ මැණිකේ.(නදී)
අනේ අලියෝ මාව බය වෙයි කියලා හිතුවද?(නදී)
අලියාට හොඳ ඉවක් තියන බව කවුරුත් දන්නේ නැද්ද??? (ස)
මම මේ සමදරාව මතක් කළා විතරයි අලියා හොඩ දැම්මේ. මූත් සමදරාගේ පිල්ලියක්ද දන්නේ නැහැ.(නදී)
ආ ...ආ..මේ අල්ලපු ගෙදර මොහමඩ් අලි නේ ඇවිල්ලා තියෙන්නේ (නි)
සෙරප්පු ගලවල පන්සලට ඇතුල් වෙන්න ඇත්තේ නේද පද්මේ?.(නදී)
කොහේ ගියත් කුඹි ඉන්නවනේ. පන්සලේ කුඹි දැකල අලියා හිතල මේ අර කුඹිමයි කියලා. නේද පත්මේ අයියේ. (ස)
චික් විතරක්! මෙයා ගැහැනු අලියෙක්ද? (නි)
පත්මේ කූඹියගේ සෙරෙප්පු දෙක දැකල නේද අලියා හොයා ගත්තේ? (ස)
ඔය වැසිකිළිය කොමෝඩ් වැසිකිළියක්ද? මේ මැන්චස්ටර් වල තියෙන්නේ ගොඩාක් වළ වැසිකිළි. යන්න හිතෙන්නේ නැහැ (නි)
කරමුද ශාන්ති කරුමයක් වත්...ආයුබෝ වේවා...(අ)
හැබෑව නේන්නම්.....මහා කැත වැඩ කරන අලියෙක්... පන්දම දැක්ක ගමන් හොඬ දමනවා..දහ අලියා... (ස)
අපේ තාත්තා මට ඒ දවස් වල අලි පන්නන මන්තර ඉගැන්නුවා.දැන් මේවා භාවිතා වෙනවා අඩුයි.පැරණි අය ළග තිබෙනවා (නි)
අලි හොඩේ ඇතුළට දැම්මේ ආදරේ පෙන්නන්නද? (නි)
මොනවා නැතත් විරේක නැතුවම හොඳට බඩ සුද්ද වෙන්න ඇති. (ස)
අපේ බෝඩිමේ පොඩි අයට කරදර කරන මදාවි කොල්ලෙක් හිටියා. අපි වැසිකිළියට ගියහම එයා දොර ළග පුටුවක් තියලා උඩට නැගලා ඇතුළට එබෙනවා. දවසක් අපි සැළසුම් කළා එහෙම එබෙනකොට අමතක නොවන වැඩක් කරන්න. වැසිකිළි පෝච්චිය සුද්ධ කරන බුරුසුව වැසිකිළි වලට දාලා අරගෙන එබෙනකොටම මූන පුරා ඇතිල්ලුවා. කතාව බෝඩිමේ විතරක් නෙමෙයි පාසල පුරාම පැතිරුනා. ඊට පස්සෙ අපිට කිසි කරදරයක් තිබුනෙ නැහැ. (නි)
අලියෙක් කිට්ටුව සිටින බව නිවසේ අය කලින් නොකීව එක ලොකු වරදක්, අපේ ගෙවල් වලනම් ආගන්තුක බල්ලෙක් ඇවිත් හිටියත් නිවසට ප්‍රමාධවී එන අයට දැනුම් දෙන සිරිතක් තියෙනවා. (දිල්)
නැතිලු...ආදරේ කරන්නමලු. (නි)
මෙන්න මේකයි වෙලා තියෙන්නේ. අලියා මඟ එනකොට සමදරාලගේ ගේ අහල තිබිච්ච පොල් ගහකින් පොල් අත්තක් කඩාගෙන කාලා. ඉතින් සමදරාලගේ ගෙයි වටේ නිතර කැරකෙන පෙත්තට හදිස්සියට පැනගන්න බැරිවෙලා. අලියාගේ බඩේ ඉඳන් කෑ ගහන්න ට්‍රයි කොරනවා 'සමදරා මාව බේරගන්න කියලා. හැබැයි පෙත්ත හීනෙනුත් කියවන්නේ 'සමදරා, සමදරා' කියල විතරක්ම නිසා, පෙත්තට වචන පිටවෙන්නේ 'සමදරා, සමදරා' කියල විතරමයි. (අලියාගේ බඩ ඇතුලේ වයි ෆයි සිග්නල් වීක් හින්දා දැන් පෙත්ත එසැනට එවන අදහස් එන්නෙත් නැත්තේ ඒකයි.) (ස)
හරි මට කියන්න කූඹියා කසාඳ බැඳපු එකෙක්ද නැති එකෙක්ද? (ස)
මේ අලිත් කරන වැඩ? (නි)
කිසි නිදහසක් නැහැ මේ රටේ. (නි)
කැකුණ දුරේ පන්සලේ සෙරෙප්පු දාගන මම යන්නේ නැහැ එනකොට දා ගෙන එනවා. අපේ දෙමුපියෝ අපිට පුරුදු කලේ එහෙම (ස)
ඔන්න මේ ඊයේ පෙරේදා සමදරලගේ ගෙවල් පැත්තේ පාර අද්දරින් අලියෙක් යන සද්දේ ඇහිලා, පැගිරි වියේ පුරුද්දට ඉස්තෝප්පුවේ තිබ්බ කනප්පුවත් පෙරලගෙන, සමදරා දුවල ආවේ අලියව බලන්න කියලා. හැබැයි, සමදරා එලියට ආව විතරයි, මෙන්න අලියා කියාපි ' සමදරා ..සමදරා.......'. ඉතින් කවදාවත් සිංහල කතා කොරන අලියෙක් ගැන අහල නැති සමදරා ඈතින් ඈතින් ඉදන් අලියාගේ වටේ බලල චෙක් කොලා, හන්දියේ ඉඳල උදේ පස්සෙන් ආපු කොලු ගැටයාවත් කොලොප්පොමක් කරනවද කියලා.. ම්හ්..මෙන්න ඒ වෙනුවට ආයේ අලියාගේ කටින් ඇහෙනවා.... 'සමදරා.......සමදරා...' කියලා. කාටහරි කියන්න පුලුවන්ද මක්කෙයි වෙලා ඇත්තේ කියලා. (ප.ස.මේක හීනයක් නම් නොවේ) (ස)
කවුද අනේ බය වෙන්නේ නැත්තේ. එයා අඩලා, කෑගහලා, බේරුනා. මම නම් බයටම මැරෙනවා.කොහොම හරි උදේම මම හිනා උනා, පොරමොලගේ කතාවට. ගොඩක් ස්තුතියි. (ස)
මගේ වාහනේ පස්සේ අලියෙක් පන්නගෙන ආව මම වාහනේ වමට සිග්නල් දාල කෙලින්ම ගියා අලියා වමට තිබුණු පාරේ ගියා . (අ)
අනේ අනේ දිසා.... (නි)
ඒ දවස් වල පන්සලේ පින් බත් කන අලියෙක් ආවා ගියා මතකයි මටත්. (ස)
(කෝ) මොඩ් වැසිකිළියක් තමයි අක්කේ... (නි)
පහන්, ඔය කියල තියෙන්නෙ ගැඹුරු දෙයක් කියලයි හිතෙන්නේ අපි හැමෝටම. (ස)
රූපා, මට ඔයා ගැන දුකයි. මම හිතුවේ එන්ගලන්තේ ගොඩක් දියුණුයි කියලා. ලංකාවේ හැම වැසිකිළියකම පිරිසිඳු කීරීමට බුරුසුවක් තබා ගන්න කියා මා මේ වෙලාවේ ඉල්ලනවා. අලි හොඩවල් නැවත්වීමට දොරේ හොඳ අගුල් සවි කර ගන්න (නි)
දිග හොඩයක් වහාම හුවමාරුවකට. අයිති කරු විදේසගත වෙයි. වහාම විමසන්න.(නදී)
සංජීව,තිලිණ හරියට හරි.එතකොට අලියයි කූඹියයි නාන්න ගියාලු.අලියා නාලා ආවලු.කුඹ්යා නැවේ නැතිලු. ඇයි ඒ ? (නි)
නුගේගොඩ අයියේ, ඔයා පහන් කියලා තියෙන්නේ සහන්ට නේද? පහන් මඩුගල්ලේ නම වෙනස් කරලා වගෙයි " (නි)
මට හිතෙන්නේ සත්‍යාගේ කතාව හරි (නි)
සිරි අයියේ, සමදරාට හුලං තමා (නි)
වැඩ අහවර කරලා ගෙදර එන මනුස්සයා දැනුවත් කරන්න ගෙදර අය දැනගන්න ඕන.අනේ මන්දා ගෙදර ඈයොත්...... (ස)
මේ අලි හොඩවැල කොට එකක් හින්දා පුද්ගලයා බේරිලා (නි)
සහන්,අලියා සමදරා අක්කාගේ යාළුවෙක්ව ගිලලාද? (නි)
සමාවෙන්න, ඉහත අදහස මගේ අතින් වැරදිලා දචන්දී නමින් ටයිප් වුණා. (ස)