IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


වස්කවිය ආපස්සට කැරකිලා නෝනාගේ ෆෝනයත් අතුරුදන්

සොරාගත් තම පාපැදිය රැගෙන ගිය සොරාට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා දේවාලයක වස්කවි කියවීමට ගිය පුද්ගලයෙකුට  වස්කවි කියවන අතරතුරේදී තම බිරිඳගේ ජංගම දුරකතනය හා මුදල් පසුම්බියද අහිමිවීමේ පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා  අසන්නට ලැබුණි.


රජයේ රැකියාවක නියුතුව සිට ඉන් විශ්‍රාම ලබා සිටින මෙම පුද්ගලයාගේ විනෝදාංශය වී තිබුණේ ලොතරැයි පත් මිලදී ගැනීමයි. ත්‍රිරෝද රථයකටද හිමිකම් කියන මොහු සෑම දිනකම උදෑසන පාපැදියෙන් නගරයට යන්නේ එසේ කිරීම ශරීර සෞඛ්‍යයටද යහපතක් යැයි විශ්වාසයෙනි.


 මෙසේ නගරයට පැමිණෙන මොහු ලොතරැයි කූඩු කීපයකටම යමින් ලොතරැයි පත් තෝරන්නේ වාසනාව මේ එකතැනක හෝ ඇතැයි යන විශ්වාසයෙනි.
එසේ නගරයට පැමිණි ඔහු පාපැදිය මාර්ගයේ  වම්පස නවතා දකුණුපස ඇති ලොතරැයි කූඩුවකට ගියේ පෙරේදා ගත් ටිකට්වලට දිනුම් ඇදී තිබේදැයි බලා අද දිනටද ලොතරැයි කීපයක් මිලදී ගැනීමටය. ඒත් එදින ටිකට් එක ඇදී තිබුණේ ඔහුගේ පාපැදියටය. ඔහු පාර මාරුවී පාපැදිය ළඟට එනවිට කවුරුන් හෝ පාපැදිය රැගෙන ගොස් තිබුණි.
පාපැදිය නැතිවීම සම්බන්ධයෙන් පොලීසියේ පැමිණිල්ලක්ද දමා නිවසට පැමිණි ඔහු දහ අතේ කල්පනා කරමින් පාපැදිය රැගෙන ගිය හොරා අල්ලාගන්නා උපක්‍රමයක් කල්පනා කළේය. එහිදී මිතුරෙකු උපදෙස් දුන්නේ අසල ගමක සිටින දක්ෂ වස්කවි ලියන්නා ලවා වස්කවියක් ලියවාගෙන කියවීම යෝග්‍ය බවය.


ඒ අදහසට එකපයින් කැමති වූ මොහු එවෙලේම අසල ගමට ගොස් වස්කවියක් ලියවාගෙන ආවේය. එය කියවීමට ප්‍රදේශයේ ජනප්‍රිය දේවාලයකට ගියේ එහි වෙසෙන ප්‍රසිද්ධ කපු මහතාද ඔහුගේ මිතුරෙකු වූ බැවිනි. දිනතුනක් වස්කවි කිවයුතු බවත් සතියක් ඇතුළත පාපැදියත් සමගම හොරා පෙන්නුම් කිරීමට තරම් වස්කවිය ප්‍රබල බවත් කියමින්  මිතුරු කපුවා ඔහු දිරිමත් කළේය.


 දින දෙකක් වස්කවි කියවූ ඔහු තුන්වැනි දින දේවාලයට ගියේ සිය බිරිඳද සමගිනි. විහාරස්ථානයක පිහිටි මෙම දේවාලයේ එදින තරමක පිරිසක්ද රැස්වී සිටියහ. සැකයක් නොමැති බැවින් ඔහුගේ බිරිඳ සිය ගමන් මල්ලද ත්‍රිරෝද රථයේම තබා දේවාලට ගියාය. සිය කටයුත්ත නිමාකර නිවසට එන්න සිය බිරිඳ සමග ත්‍රිරෝද රථයට නැග බලද්දී ඇය පැවසුවේ තම ජංගම දුරකතනය හා මුදල් පසුම්බිය බෑගයේ නැතැයි කියාය. කලබලයට පත් ඔවුන් දෙදෙනා විහාරස්ථානයේ හා දේවාලයේ සිටි පිරිසගෙන් ඒගැන විමසීම් කළද හෝඩුවාවක් දැනගන්නට නොලැබුණි.


පසුව දෙදෙනා පොලීසියට පැමිණ නැතිවූ බඩු සම්බන්ධයෙන් පොලිස් පොතේ පැමිණිල්ලක්ද සටහන් කළෝය. පොලීසිය පැවසුවේ එම ස්ථානයේ සැක කටයුතු කෙනෙකු සිටීනම් ඔහු ගෙනැවිත් ප්‍රශ්න කළ හැකි බවයි. එසේ නොමැති නම් බඩුත් සමග සැකකරුවෙකු හමුවුව හොත් ඒ ගැන දැනුම් දෙන බවය.
 දැන් මේ සිද්ධිය පිළිබඳ තොරතුරු ගමපුරා පැතිරී ගොස් ඇති අතර ඒ සම්බන්ධ සැකකරුවෙකුද මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. 


ඔවුන් දැන්  පාපැදිය හා නැතිවූ බඩු සිතින් අමතකකර හිත හදාගෙන ඇත. ඒත් ගමේ සමහර නොසන්ඩාල කොල්ලෝ ‘‘මාමෙ වස්කවිය කෝමද”‍ අසන විටදී නම් ඔහුද වස්කවි කියන බවද ආරංචි වේ.


පෝද්දල සරත් ආනන්ද ගමගේ



අදහස් (0)

වස්කවිය ආපස්සට කැරකිලා නෝනාගේ ෆෝනයත් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 555 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17345 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 705 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site