IMG-LOGO

වෙසක් බලද්දී බයිසිකලය හොරු උස්සලා

වෙසක් සිරි නැරඹීම සඳහා මිතුරකුගෙන් ඉල්ලාගත් පාපැදිය රාත‍්‍රී තිබූ තැනින් සොරකම් කරගෙන ගොස් තිබූ නිසා බසයෙන් ආපසු යාමට සිදුවූ පුවතක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් වාර්තා විය.
ඔහු දුප්පත් තරුණයෙකි.
වෙසක් සිරි නැරඹීමේ ආසාවෙන් සිටි ඔහු මිතුරකුට ඒ බව කීමෙන් පසු අනුකම්පා කළ මිතුරා ගමන සඳහා තමන්ගේ පාපැදිය ලබා දී ඇත.
සිත්සේ වෙසක් සිරි නැරඹූ ඔහු වෙසක් කලාපයක් ආසන්නයේ තැනක පාපැදිය ගාල්කර වෙසක් නරඹා සුළු වෙලාවකින් පැමිණ බලද්දී පාපැදිය නැතිවී තිබෙණු දැක ළඟ සිටි පොලිස් නිලධාරියෙකුට ඒ බව කියා තිබේ.
ඔහුගේද සහයෙන් පාපැදිය සෙවූ නමුත් එය හමුවී නැත.
තවදුරටත් පාපැදිය සෙවීම නිශ්ඵල ක‍්‍රියාවක් බව දැනගත් ඔහු දැන් ඉතින් මිතුරාට මොනවද කියන්නේයැයි කල්පනා කරමින් බසයක නැග ආපසු ගමට පැමිණ ඇත. පසුව මිතුරා හමුවී සිදුවූ ඇබැද්දිය කී පසු ඔහුගේ අවංකභාවය ගැන දන්න මිතුරා දැන් ඉතින් මොනව කරන්නද, සිත කලබල කරන්න එපා.
හොරාට දඬුවම කරත්තේ රෝදය වගේ පස්සෙන් එනවා. ගැලවීමක් නෑ. කියා නිහඬවී ඇත.



අදහස් (0)

වෙසක් බලද්දී බයිසිකලය හොරු උස්සලා

කුමාරිහාමි Wednesday, 04 June 2014 03:29 PM

සමහරවිට එය සොරකම් කිරීම පවක් නොවේ යැයි සොරා සිතුවද දන්නෙ නැහැ (නි)

:       0       0

සමන් Thursday, 22 May 2014 02:00 PM

අන්න නියම යාළුවො! (දී)

:       0       0

අසෝකා Thursday, 22 May 2014 02:17 PM

මේවා ගැන මොන කතාද පන්සල් ගිහින් එනකොට සෙරෙප්පු කුට්ටම පවා හොරු ගෙනියනකොට! මොනවා වෙතත් නියම මිතුරන් දෙදෙනෙක්! නියම මිත්‍රත්වය කියන්නේ මෙන්න මෙහෙමයි! (දී)

:       0       0

ශාන් සෞදි Monday, 26 May 2014 07:59 AM

ඇති ඇඳගෙන ගිය ටික ඉතුරු උනා.(නදී)

:       0       0

කිත්සිරි Thursday, 22 May 2014 08:23 AM

අවංක කම හොඳයි. එ්ත් අනුන්ගෙන් ඉල්ලගත්ත දේ තමන්ගේ දේට වඩා පරෙස්සම් කලයුතු බව ඒ තරුණයා අමතක කරලා වාගේ.(නදී)

:       0       0

මධුෂානි හේවදේව Thursday, 22 May 2014 08:35 AM

බුදු හාමුදුරුවන්ගේ ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම කියන උතුම් කාරනා සමරන මොහොතේ එහෙම හොරකම් කරන එක කොච්චර නරක වැඩක්ද. (නදී)

:       0       0

දයා අලහාකොන් Thursday, 22 May 2014 09:23 AM

හිමිකරු බෝසත් ගුණ ඇති කෙනෙක් (දී)

:       0       0

කුමාරි Thursday, 22 May 2014 09:23 AM

වෙසක් සමයේ හඳුනා ගැනීමට සුදුසු කල්‍යාන මිත්‍රයෙක්. (ස)

:       0       0

සෙල්සියස් Thursday, 22 May 2014 09:50 AM

@කිත්සිරි , පරිස්සම කියලා මෙයාට වෙන මොකද්ද කරන්න තිබුනේ බයිසිකලේ උස්සගෙන යන යන තැන යන්නද (දී)

:       0       0

ශාන්ති Friday, 23 May 2014 03:53 AM

මෙවැනි මිතුරන් සැමදා වාසනාවන්! (නි)

:       0       0

පහන්දී Thursday, 22 May 2014 04:56 PM

නියම මිතුරෙක්.., ඔබ දෙදෙනාගේ මිත්‍රත්වය සදාකල් රැදේවා!!! (ස)

:       0       0

රුවන් Thursday, 22 May 2014 12:19 PM

අවංක මිතුරෙක්. මම මේ දෙන්නව දන්නවා නම් දෙන්නටම බය්සිකල් දෙකක්ම දෙනවා. දුප්පත් අයගේ දේවල් හොරකම් කරන අයට නම් දිට්ටධම්මවේදනීය පලදේවි.(නදී)

:       0       0

නෙළුම් Thursday, 22 May 2014 12:27 PM

වෙසක් බලන්න, පෙරහැර බලන්න යනකොට කොහොමටත් තමන්ගේ වටිනා බඩු බාහිරාදිය නැති වෙන්න ඉඩ තිබෙනවා. සමහර හොරුන් බලාගෙන ඉන්නේ මේ විදියට සෙනග ගැවසෙන උත්සවයක් නැතිනම් අවස්තාවක් එනකන්. සමහරුන් ගේ කන කර කඩා ගෙන ගිය අවස්ථාත් තියනවා නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 469 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 317 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 486 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site