වෙසක් සිරි නැරඹීම සඳහා මිතුරකුගෙන් ඉල්ලාගත් පාපැදිය රාත‍්‍රී තිබූ තැනින් සොරකම් කරගෙන ගොස් තිබූ නිසා බසයෙන් ආපසු යාමට සිදුවූ පුවතක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් වාර්තා විය.
ඔහු දුප්පත් තරුණයෙකි.
වෙසක් සිරි නැරඹීමේ ආසාවෙන් සිටි ඔහු මිතුරකුට ඒ බව කීමෙන් පසු අනුකම්පා කළ මිතුරා ගමන සඳහා තමන්ගේ පාපැදිය ලබා දී ඇත.
සිත්සේ වෙසක් සිරි නැරඹූ ඔහු වෙසක් කලාපයක් ආසන්නයේ තැනක පාපැදිය ගාල්කර වෙසක් නරඹා සුළු වෙලාවකින් පැමිණ බලද්දී පාපැදිය නැතිවී තිබෙණු දැක ළඟ සිටි පොලිස් නිලධාරියෙකුට ඒ බව කියා තිබේ.
ඔහුගේද සහයෙන් පාපැදිය සෙවූ නමුත් එය හමුවී නැත.
තවදුරටත් පාපැදිය සෙවීම නිශ්ඵල ක‍්‍රියාවක් බව දැනගත් ඔහු දැන් ඉතින් මිතුරාට මොනවද කියන්නේයැයි කල්පනා කරමින් බසයක නැග ආපසු ගමට පැමිණ ඇත. පසුව මිතුරා හමුවී සිදුවූ ඇබැද්දිය කී පසු ඔහුගේ අවංකභාවය ගැන දන්න මිතුරා දැන් ඉතින් මොනව කරන්නද, සිත කලබල කරන්න එපා.
හොරාට දඬුවම කරත්තේ රෝදය වගේ පස්සෙන් එනවා. ගැලවීමක් නෑ. කියා නිහඬවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරවිට එය සොරකම් කිරීම පවක් නොවේ යැයි සොරා සිතුවද දන්නෙ නැහැ (නි)
අන්න නියම යාළුවො! (දී)
මේවා ගැන මොන කතාද පන්සල් ගිහින් එනකොට සෙරෙප්පු කුට්ටම පවා හොරු ගෙනියනකොට! මොනවා වෙතත් නියම මිතුරන් දෙදෙනෙක්! නියම මිත්‍රත්වය කියන්නේ මෙන්න මෙහෙමයි! (දී)
ඇති ඇඳගෙන ගිය ටික ඉතුරු උනා.(නදී)
අවංක කම හොඳයි. එ්ත් අනුන්ගෙන් ඉල්ලගත්ත දේ තමන්ගේ දේට වඩා පරෙස්සම් කලයුතු බව ඒ තරුණයා අමතක කරලා වාගේ.(නදී)
බුදු හාමුදුරුවන්ගේ ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම කියන උතුම් කාරනා සමරන මොහොතේ එහෙම හොරකම් කරන එක කොච්චර නරක වැඩක්ද. (නදී)
හිමිකරු බෝසත් ගුණ ඇති කෙනෙක් (දී)
වෙසක් සමයේ හඳුනා ගැනීමට සුදුසු කල්‍යාන මිත්‍රයෙක්. (ස)
@කිත්සිරි , පරිස්සම කියලා මෙයාට වෙන මොකද්ද කරන්න තිබුනේ බයිසිකලේ උස්සගෙන යන යන තැන යන්නද (දී)
මෙවැනි මිතුරන් සැමදා වාසනාවන්! (නි)
නියම මිතුරෙක්.., ඔබ දෙදෙනාගේ මිත්‍රත්වය සදාකල් රැදේවා!!! (ස)
අවංක මිතුරෙක්. මම මේ දෙන්නව දන්නවා නම් දෙන්නටම බය්සිකල් දෙකක්ම දෙනවා. දුප්පත් අයගේ දේවල් හොරකම් කරන අයට නම් දිට්ටධම්මවේදනීය පලදේවි.(නදී)
වෙසක් බලන්න, පෙරහැර බලන්න යනකොට කොහොමටත් තමන්ගේ වටිනා බඩු බාහිරාදිය නැති වෙන්න ඉඩ තිබෙනවා. සමහර හොරුන් බලාගෙන ඉන්නේ මේ විදියට සෙනග ගැවසෙන උත්සවයක් නැතිනම් අවස්තාවක් එනකන්. සමහරුන් ගේ කන කර කඩා ගෙන ගිය අවස්ථාත් තියනවා නේ.(නදී)