IMG-LOGO

විශ්ව බලෙන් ලෙඩාට මතුරද්දී බහිරවයා කරාබු ජෝඩුව අරන් පැනලා

වියපත් මවකට අංශභාග රෝගය විශ්ව බලයෙන් සුවකර ගැනීිමේ අරමුණින් බුලත් හුරුල්ල මත පඬුරක් වෙනුවට තැබූ කරාබු ජෝඩුව ඇසළ පෝදා අතුරුන්වීමේ පවුතක් පිළිබඳ තොරතුරක් මත්තේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.


මෙය මත්තේගොඩට යාබද ගමකි. එහි අවුරුදු 70ක පමණ වියපත් මවක් දිවි ගෙවන්නීය. ඇය නිවසේ දරුවන් සමග වාසය කළත් දිවා කාලයේ රැඳී සිටින්නේ හුදකලාවය. 


ගෙවී ගිය ඇසළ පෝදා උදෑසන සුපුරුදු පරිදි මව තනියම නිවසේ සිටියදී වතුර ටිකක් ඉල්ලා තලතුනා තරුණයකු නිවසට පැමිණ ඇත. තරුණයා බැගෑපත් ස්වරයෙන් ඉල්ලූ වතුර පොද අත් වාරුවෙන් නිවස තුළට ගොස් රැගෙන ඉදිරියට ආවාය.


ඒ අවස්ථාවේදී වතුර බොන ගමන් මවගේ රෝගී තත්ත්වය විමසා ඇත. 


එවිට ඇය “අනේ පුතේ ලක්ෂ ගණනක් වියදම් කළත් මේ අංශභාගය සුව කර ගන්න බැරි වුණා. මටනම් දැන් ජීවිතයත් එපා වෙලා තියෙන්නේ, මේ ලෙඬේ සුව කරන කෙනෙක් හිටියනම් බුදු බව ලැබෙනවා පුතේ” යැයි කීවාය.


එවිට තරුණයා පවසා ඇත්තේ “අනේ අම්මේ ඕක සුළු දෙයක්. මම මේ වගේ ලෙඩද සුව කරල තියෙන්නේ. යුද්දෙදි වෙඩි වැදුණු වෙන් වුණු කකුල් පවා බද්ධ කරල තියෙනව. මම අම්මගේ ලෙඬේ පැය 24න් සුව කර දෙන්නම්” යැයි පවසා බුලත් හුරුල්ලක් ගෙන්වා ගෙන ඇත.


පසුව ඉන් එක් බුලත් කොළයක් ගෙන ඊට ටික වේලාවක් මොනවාදෝ මුමුණමින් සිට බුලත් හුරුල්ල මත පඬුරක් තබන්නැයි පවසා ඇත. එහිදී තමා අත ශත පහක්වත් නොමැති බව පැවසීමත් සමග එසේ නම් හනිකට වටිනා කුමක් හෝ දෙයක් තබන ලෙස පවසා ඇත. එහිදී කලබල වූ මව තම කරාබු ජෝඩුව ගලවා බුලත් හුරුල්ල මත තබා ඇත.


ටික වේලාවක් යනතුරු බුලත් හුරුල්ලට මුමුණමින් සිට එක් බුලත් කොළයකින් අප්‍රාණික වූ අතට සහ පාදයට ආශිර්වාද කොට, පඬුර කැප කිරීම පිණිස අඩි 07ක් උසින් තැබිය යුතු බව පවසා බුලත් හුරුල්ල නිවසේ ජනේලයක් මතින් තබා තරුණයා නිවසින් පිටව ගියේය.


එසේ පිටවයන අවස්ථාවේදී “අම්මේ පැය 24 ගියාට පස්සේ බුලත් හුරුල්ල අයින් කරල කරාබු ජෝඩුව ගන්නැයි ද කියා ඇත.


ඉන් මද වේලාවකට පසු මවගේ ලේලිය නිවසට පැමිණි අවස්ථාවේදී මේ බව පැවසීමත් සමග සැක සිතුණු ලේලිය පුටුවකට නැග බුලත් හුරුල්ල පරීක්ෂා කිරීමේදී කරාබු ජෝඩුව අතුරුදන්වී ඇති බව දැක ඒ පිළිබඳව පැවසීමේදී රෝගීව සිටි මවට දෙවියන් සිහිවිය.

 

(මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

 



අදහස් (0)

විශ්ව බලෙන් ලෙඩාට මතුරද්දී බහිරවයා කරාබු ජෝඩුව අරන් පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 53 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 244 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site