IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


විශ්‍රාමිකයා ගොනාට අන්දා සේසතම ගන්න හදලා

(උණවටුන - ඩී.ජී. සුගතපාල)
කාන්තාවන්ට ලොල්වූ හැත්තෑහය හැවිරිදි විශ්‍රාමිකයකු රවටා පුද්ගලයන් පිරිසක් විවිධ දේවල් ලබා ගැනීමේ සිද්ධියක් අනාවරණය කරගැනීමට ගාල්ල බස් නැවැතුම්පොළේ පොලිස් නිලධාරීන්ට හැකි විය.


ගාල්ල බස් නැවැතුම්පොළේ පොලිස් මුරපොළට පියකු සමග පැමිණි පුතකු පොලිස් මුරපොළ බාර සැරයන් විමල් ජයසේකර මහතාට දීර්ඝ විස්තරයක් කළේය. 


“සර්, කවුද මනුස්සයෙක් අපේ අම්මාගේ ෆෝන් එකට නිතරම කතා කරනවා, හරිම කරදරයි. බැරිම තැන ඒ කෝල්වලට උත්තර දුන්නේ නැහැ. ඒ පාර වෙන ෆෝන් එකකින් කතා කරන්න පටන් ගත්තා. අද ගාල්ල ස්ටේෂන් එක ළඟට එන්න කියලා. අපි හිතන්නේ දැන් ඒ මනුස්සයා ඇවිල්ල ඇති.”


සියලු‍ විස්තර අසා සිටි සැරයන් විමල් ජයසේකර මහතා සහ කාන්තා සැරයන් කළ්‍යාණි මහත්මිය දුම්රිය ස්ථානය වෙත ගිය අවස්ථාවේ දක්නට ලැබුණේ අවුරුදු 76ක් පමණ වයස පුද්ගලයකු තරුණ කාන්තාවක සමග කතා කරමින් සිටින අයුරුය.


ඒ සමගම කලිසමකින් සහ ටී-ෂර්ට් එකකින් සැරැසුණු කාන්තාවක් ද මෝටර් රථයක් පදවාගෙන පැමිණ දුම්රිය ස්ථානය ඉදිරිපිට නතර කොට ඔවුන් සිටි ස්ථානයට ආවාය. “ඔයාගේ ෆෝන් එකෙන් ද මට දැන් කතා කළේ?” මෝටර් රථයෙන් පැමිණි කාන්තාව මහලු‍ පුද්ගලයා සමග සිටි කාන්තාවගෙන් ඇසුවාය. “ඔව්, මේ අංකල් කෝච්චියේ එනකොට මට හම්බ වුණේ පානදුරේදී. ගාල්ලෙන් බැහැලා මගේ ෆෝන් එකෙන් කෝල් එකක් අරගෙන ඉල්ලු‍වා” ඇය කීවාය.


පොලිසිය සමග පැමිණි පියා “මේ මගේ නෝනා” යනුවෙන් මෝටර් රථයෙන් පැමිණි කාන්තාව එහි සිටි අයට හඳුන්වා දුන්නේය. 


මේ අතර මහලු‍ පුද්ගලයා තමා ගැන විස්තරයක් පොලිසියට කීවේය. තමා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ විශ්‍රාමිකයකු බවත් බිරිඳ මියගොස් ඇති බවත් තමා සමග එන කාන්තාවකට සියලු‍ දේපොළ ලියා දෙන බවත් ඔහු කීවේය. තමා මෙයට පෙර දුරකතනයෙන් කතා කළ කාන්තාවට මහන මැෂිමක්, ජංගම දුරකතනයක් ඇතුළු භාණ්ඩ රැසක් ගෙන දුන් බවත් ඔහු කියා සිටියේය.


එවිට මෝටර් රථයෙන් පැමිණි කාන්තාව පෙන්වා එම භාණ්ඩ ගෙන දුන්නේ ඇයට දැයි විමසූ විට ඔහු කියා සිටියේ ඇයට නොවන අතර කාන්තාව වෙනුවෙන් පිරිමි පුද්ගලයකු පැමිණ එම භාණ්ඩ රැගෙන ගිය බවය. මේ අතර මෝටර් රථයෙන් පැමිණි කාන්තාවගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයාගෙන් මගහැරුණ ඇමතුම් (මිස්ඩ් කොල්) හත්සිය අටක් පමණ විය.


සිදුව ඇති දෙය පොලිසියටත් මවට, පියාට සහ පුතාට පැහැදිලිය. කිසිවකු විසින් ඔහු රවටාගෙන ඇති බව දැනගත් මව, පියා සහ පුතා තවත් දුරකතන ඇමතුම් නොගන්නා ලෙසට අවවාද කොට මෝටර් රථයට ගොඩවූ අතර ඔහු බෑගය ද එල්ලාගෙන දුම්රිය වේදිකාව දෙසට ඇදී ගියේය.



අදහස් (0)

විශ්‍රාමිකයා ගොනාට අන්දා සේසතම ගන්න හදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site