IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විශ‍්‍රාමික ලිපිකරුවාට කතකගෙන් ගුරුකමක් ලැබිලා

අමාත්‍යාංශයකට අයත් ආයතනයක ලිපිකරු සේවයේ නිරතව සිට විශ‍්‍රාම දිවියට පත් ඔහු පසුගියදා නගරාසන්න කාර්යාල කටයුත්තකට ගොස් තේ පානය සඳහා අවන්හලකට ගොඩවිය.

තේ බීමට සූදානම්ව වටපිට බලන මොහොතේ ඔහු සමීපයට ආ රූමත් ලලනාවක් ඔහුගේ දෙපා වැඳ සිනාසුනාය. ‘‘සර් ගොඩක් කාලෙකට පස්සෙ දැක්කෙ. අපි අද මේ තත්ත්වෙ ඉන්නෙ සර් නිසා. මට මතකයි සර් අපට උගන්නපු හැටි.

විභාග පාස් කරන්න විතරක් නෙමෙයි. ජීවත්වෙන හැටිත් සර් අපට කියල දුන්නා’’ ඇය කීවේ ඉතා යටහත් පහත්වය. තමා කවදාවත් ගුරුවරයකු වී නොසිටි නිසා ඔහුට තරු පෙනිණ.

ඇය තවත් මොනවාදෝ කියන විට ‘‘ඔව් බොහොම හොඳයි. බොහොම හොඳයි. එහෙම තමයි ඉන්න ඕන’’ කියා ඔහු කඩිනමින් එතැනින් ඉවත්ව ගියේ ඇය තමාගේ ගුරුවරයා යැයි වරදවා හඳුනාගෙන ඇති බව පෙනීගිය හෙයිනි.

කළුතර පැත්තේ උපනගරයකින් අසන්නට ලැබුණු සත්‍ය පුවතකි මේ.



අදහස් (0)

විශ‍්‍රාමික ලිපිකරුවාට කතකගෙන් ගුරුකමක් ලැබිලා

සත්‍යා Wednesday, 24 February 2016 12:35 PM

අද කාලේ ගුරුවරයෙක් නම් අපි යමු කියලා මේ ළමයට “ගුරු භක්තිය“ පෙන්වලා තමයි අවසන් කරන්නේ (නි)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ Tuesday, 23 February 2016 12:26 PM

ඇයගේ හැදියාවටත්.... අප්‍රමාන ගුරු භක්තියටත්... .මගේද ප්‍රණාමය ...අන්න එදා ගුරුවරු උපහාර ලබන හැටි.....එත් අදත් එහෙම අය නැතුවම නොවේ. ඒවගේම රජයේ අමාත්‍යංශයකට අයත්ව සිටි එම කාරුණික මහතාද විශ්‍රාම යනතුරු හැබෑ ලෙසම සේවය කළ අයෙක් නිසා...බුද්ධිමත්ව කටයුතුකර ඇතිබව දැනෙන විට.. අද එම තනතුරේ වැඩ කරන කෙනෙක් ගැන හිතෙනවිටත්....ලිපි කරු සේවයේ එදා සහ අද වෙනස ..... ගැන බොහොම කනගාටු හිතෙනවා (බ)

:       0       0

රෙජි-සිඩ්නි Wednesday, 24 February 2016 02:49 AM

ලිපිකරු මහතාට තිබුනේ තමන්ට වැරදීමක් සිදු වී ඇත්තේ කියා ඒ තරුණියට කරුණ පහදා දෙන්න. (නි)

:       0       0

අජිත් Tuesday, 23 February 2016 01:46 PM

ඔබ දෙපලම ඉතාම නිහතමානීව අගය කරමි. අද සමාජයේ විරල දෙයක්. තරුණ පරම්පරාව මෙය දැනගත යුතුමය. ඔබ දෙපලටම මගේ ආශීර්වාදය පුද කරමි. (නි)

:       0       0

ධනීෂා Wednesday, 24 February 2016 04:02 AM

ඔහුට තිබුනේ වැරදීමක් සිදුවී ඇති බව ඇයට පවසන්න. (බ)

:       0       0

දනීෂා Wednesday, 24 February 2016 04:17 AM

විභාග පාස්වෙන්න විතරක් නැතුව ජීවත්වෙන්නත් උගන්වපු නිසා තමයි ගුරුතුමා ගැන ඔතරම් භක්තියක්. එමෙන්ම ඇයත් ගුණවත් කෙනෙකු බවට පත්කළේ. මමත් දහම් පාසල් ගුරුවරියක් වෙලා සිටියා. මම දරුවන්ට කියන්නේ "ගුණ" " නැණ" දෙකම තියෙන්න ඕනෑ කියලා. සමහර දරුවන් අම්මලා කියනවට වඩා ගුරුවරයෙක් දෙයක් කිවුවම අහනවා (නි)

:       0       0

චතුරි Tuesday, 23 February 2016 04:00 PM

මේ රූමත් ළඳ ලොකු පිනක් කර තිබෙනවා. ඒ වගේම ඒ පිරිමි කෙනත් සැබෑ ගුරුවරයෙක් වගේ. (නි)

:       0       0

අසෝකා Tuesday, 23 February 2016 10:31 AM

ඇයගේ හැදියාවටත්,ඔහුගේ නැණවත් බවටත් මගේ උපහාරය!(හේ)

:       0       0

අසෝකා Tuesday, 23 February 2016 10:31 AM

ඇයගේ හැදියාවටත්,ඔහුගේ නැණවත් බවටත් මගේ උපහාරය!(හේ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 23 February 2016 05:44 AM

අවංකවම වැරදීමකින් හරි මෙහෙම දෙයක් උනානම් අද කාලෙත් ගුනයහපත් මිනිස්සු අප අතර ඉන්නවා කියලා සතුටු වෙන්න පුළුවන්. (ර)

:       0       0

ෆර්සාන් Tuesday, 23 February 2016 08:47 PM

උතුම් පුද්ගලයන් දෙදෙනෙක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 68 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 864 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 614 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site