IMG-LOGO

විවාහයට පසුදාම වින්නඹු සේවිකාවක් නිවෙසට ඇවිත්

තරුණයකු විවාහවී මධුසමය ගතකර සිය බිරිය සමඟ තම නිවසට පැමිණි දිනට පසුදා උදයේම වින්නඹු සේවිකාවක් ගෙදරට ආවාය.

පුවත්පතක තිබූ දැන්වීමක් අනුව විවාහ වූ තරුණයා මධුසමය ගතකර දින දෙකකින් නිවසට පැමිණ විවාහයේ ප‍්‍රීතිය නිමිත්තෙන් පස්වරුවේදී සාදයක් පැවැත්වීය. එය අවසන් වනවිට මධ්‍යම රාත‍්‍රිය ද පසුවී තිබිණි. ඒ නිසාම නව යුවළ නින්දට ගියේ අලූයම දෙකට පමණය.

උදෑසන නවයට පමණ නිවසේ සීනුව නාද වූයෙන් තරුණයා නිවසේ දොර විවෘත කළේය.

වින්නඹු මාතාව දොරකඩය. ”ගුඞ් මෝර්නින් මහත්මයා” ඊයේ උත්සවයක් තිබිලා වෙන්නැති අවදිවෙන්න පරක්කු වුණේ යැයි ඇය පවසත්ම අපි ඊයේ බැන්දේ අපිට තවම බබාලා නැහැයි තරුණයා පැවසීය. මද සිනාවක් පෑ පවුල් සෞඛ්‍ය සේවිකාව නෑ නෑ අපි අද ආවේ ඩෙංගු මදුරු උවදුර මඩින්න නිවස හා ගෙවතු පරීක්‍ෂාවටයි. එයට අවසරදැයි ඇය ඇසුවාය. එය ඇසූ තරුණයා ලජ්ජා වට පත්ව ”සොරි සොරි” මම දැනගෙන හිටියෙ නැහැ ප‍්‍රශ්නයක් නැහැ පරීක්‍ෂා කරන්න. යැයි තරුණයා පැවසීය.



අදහස් (0)

විවාහයට පසුදාම වින්නඹු සේවිකාවක් නිවෙසට ඇවිත්

උපුල් Sunday, 15 June 2014 10:33 PM

අළුත බැන්ද අයටත් බඳින්න ඉන්න අයටත් වින්ඹුවගේ සේවය ගතහැකියි. ‍මේ හැමෝම ඒ බව නොසලකා අමාරුවේ වැටෙනවා. තැලසීමියා වැනි ප්‍රවේණිගතවන රෝග වලක්වා ගැනීමට සහ පවුල් සැලසුම ගැන ඇය උපදෙස් දෙනවා.(දී)

:       0       0

ලක්ෂපාන Wednesday, 11 June 2014 06:28 PM

වින්නඹු මාතාවත් එක්ක ඔය තරුණයා ලැජ්ජා නොවී පොඩ්ඩක් කතාකළා නම් හරිනේ (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 11 June 2014 06:34 PM

මනමාලි දොර අරින්න ඇවිල්ලා නැද්ද? (නි)

:       0       0

පෙරේරා Wednesday, 11 June 2014 06:33 PM

මනමාලිටත් බොහොම ලැජ්ජා හිතෙන්න ඇති (නි)

:       0       0

ගලන්දා Wednesday, 11 June 2014 12:03 PM

ඔව් ඔව් මගේ සුරුට්ටුවත් පරීක්ෂා කරන්නට මම අවසර දෙමි. (ස)

:       0       0

මනෝජ්-සාජා Wednesday, 11 June 2014 07:19 PM

අයියෝ නිල්මිණි ,ඔය ලැජ්ජාව පැත්තකට දාලා ඔයාගේ කතාව කියන්න. (නි)

:       0       0

සුරේන්ද්‍ර Wednesday, 11 June 2014 07:30 PM

බලනකොට එයාලා උදෙන්ම තමන්ගේ රාජකාරිය අකුරටම ඉටුකරනවනේ.... (නි)

:       0       0

රුවන් Wednesday, 11 June 2014 01:24 PM

වින්නඹු අයත් ඩෙංගු මඩින්න යනවද? මනමාලය කෙල්ලව[වින්නඹු සේවිකාව] දැක්කහම බයවෙන්න ඇති පරණ පෙම්වතියක්ද කියල. (ස)

:       0       0

අජිත් Wednesday, 11 June 2014 07:46 PM

අනේ නිල්මිණි, ඔයාගේ කතාව කියන්නකෝ. හැබැයි හදවතට දැනෙන්න කියන්න ඕනෑ හො‍ඳේ (නි)

:       0       0

ජයන්ත Saturday, 14 June 2014 04:00 PM

මොහමඩ්, පෝලික් පෙති දෙන එක උපහාසයට ලක් කරන්න එපා ඔය දන්නවද හරියටම මොකද එක දෙන්නේ කියල ? නැහැ නේද ? (අ)

:       0       0

ඉසුරන්දි Wednesday, 11 June 2014 03:05 PM

වින්නඹු අම්මලට වෙන වැඩ නැද්ද දන්නේ නැහැ ඩෙංගු මඩින්න ගියේ. (ස)

:       0       0

මොහමඩ් - බේරැවල Wednesday, 11 June 2014 03:11 PM

වින්දඹු මාතාවගේ වැරැද්දක් නැහැ. ‍එදින ඩෙංගු මඩින්නත් තමන්ගේ සුපුරැදු රාජකාරිය කරන්නත් අවස්ථාව තිබුණා. මන්ද දැන් කාන්තාවන්ට විවාහ වූ දින සිටම ‍පෝලික් ඇසිඩ් ගන්න කියා වෛද්‍යවරුන් නියම කරන නිසා. කෙසේ වෙතත් අසල්වාසී තරැණයන්ට නම් මාර හිනා ඇති... (ස)

:       0       0

තිලක් Friday, 13 June 2014 05:31 PM

බැඳපු අලුත ඩෙංගු මදුරුවෙකුට තියා යකෙකුටවත් ඉඩමට කිට්ටු වෙන්න දෙනවායැ (දී)

:       0       0

එඩ්වර්ඩ් Wednesday, 11 June 2014 03:52 PM

හොඳින් පරීක්ෂා කරන්න. විවාහ උත්සවයට නිවසේ නොසිටි නිසා ඩෙංගු බෝවී තිබෙන්න පුලුවන් (නි)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Friday, 13 June 2014 07:14 AM

පහන්දි, ආදරණිය සමදරා අක්කාව මෙතනින් එළවන්න ඔයත් ක්‍රියා කළා කියලා ප්‍රබල චෝදනාවක් තියෙනවා. එකට මොකද කියන්නේ? (නි)

:       0       0

පහන්දී Thursday, 12 June 2014 02:14 AM

මේ මනුස්සය උඩ බිම බලන්න ඇති මේ මොකද කියලා. විවාහවෙලා දවසයි, වින්නඹු එන්නේ මොකද කියලා බලන්න ඇති. අනේ නිල්මිණි, ලැජ්ජාව පැත්තකින් තියලා ඒ කතාව කියන්නකෝ (නි)

:       0       0

රුවන් Thursday, 12 June 2014 12:26 PM

නිල්මිණීට ඕනෙ වෙලා තියෙන්නේ එයාගේ නමින් කොමෙන්ට්ස් ටිකක් ගන්න. ප්‍රසිද්දියට කැමති කෙනෙක්.පව් (නදී)

:       0       0

විකි Friday, 13 June 2014 07:03 PM

තිලක් ..ඒ මොකද ඒ (අ)

:       0       0

නිල්මිණි Wednesday, 11 June 2014 04:49 PM

මට පොඩි කතාවක් මතක් වුණා. ඒත් කියන්න ලැජ්ජයි වගේ. පසුවට කියන්නම් (නි)

:       0       0

නිල්මිණි Thursday, 12 June 2014 01:14 PM

අනේ රුවන් මට නම් ඔය කාගෙවත් ප්‍රසිද්දිය ඕනේ නැහැ. මම මේකට අදහස් දාන කාලේ කවුරුවත් හිටියේ නැහැ. අනික මම එක නමකින් අදහස් දාන්නෙත් නැහැ.(නදී)

:       0       0

සුජානි Saturday, 14 June 2014 10:51 AM

බලන්න ඉහත සදහන් කරපු අදහස් ගැන. කොතරම් විකටයෝ ලංකාවේ ඉන්නවද. අනේ කාලය කන මිනිස්සු. (දී)

:       0       0

කෙවින් Friday, 13 June 2014 09:17 AM

ඉතින් වත්තේ ඩෙංගු ඉඳලද? (නි)

:       0       0

මාධවී Thursday, 12 June 2014 04:50 AM

මනමාලි මහ රෑ වින්නඹු අම්මාට කතා කළාද දන්නේ නැහැනේ. මොකද සැමියා ඩෙංගු මදුරුවෙක් කාලා කියලා එයාට සැකහිතුනද දන්නෙ නැහැනේ... (නි)

:       0       0

උමාරා Wednesday, 11 June 2014 05:42 PM

ඇත්තටම මේකට නම් හිනායනවා. නියම කතාවක් (නි)

:       0       0

ඉඳුනිල් Sunday, 15 June 2014 10:24 PM

ඇය බාල තරුණ මහළු සැම වෙනුවෙන් පු‍ළුල් පරාසයක සේවයක් සැලසිය යුතුයි. අළුත බැන්ද දෙදෙනාට ඇතිවිය හැකි නොයෙක් ගැටළු ගැනද විද්‍යානුකූල උපදෙස් දෙන්න ඇය වෘත්තීය වශයෙන් පුහුණුවක් ලබා සිටී. (දී)

:       0       0

එරංග Wednesday, 11 June 2014 05:56 PM

නියම වැඩේ තමයි වෙලා තියෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 546 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 492 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site