තරුණයකු විවාහවී මධුසමය ගතකර සිය බිරිය සමඟ තම නිවසට පැමිණි දිනට පසුදා උදයේම වින්නඹු සේවිකාවක් ගෙදරට ආවාය.
පුවත්පතක තිබූ දැන්වීමක් අනුව විවාහ වූ තරුණයා මධුසමය ගතකර දින දෙකකින් නිවසට පැමිණ විවාහයේ ප‍්‍රීතිය නිමිත්තෙන් පස්වරුවේදී සාදයක් පැවැත්වීය. එය අවසන් වනවිට මධ්‍යම රාත‍්‍රිය ද පසුවී තිබිණි. ඒ නිසාම නව යුවළ නින්දට ගියේ අලූයම දෙකට පමණය.
උදෑසන නවයට පමණ නිවසේ සීනුව නාද වූයෙන් තරුණයා නිවසේ දොර විවෘත කළේය.
වින්නඹු මාතාව දොරකඩය. ”ගුඞ් මෝර්නින් මහත්මයා” ඊයේ උත්සවයක් තිබිලා වෙන්නැති අවදිවෙන්න පරක්කු වුණේ යැයි ඇය පවසත්ම අපි ඊයේ බැන්දේ අපිට තවම බබාලා නැහැයි තරුණයා පැවසීය. මද සිනාවක් පෑ පවුල් සෞඛ්‍ය සේවිකාව නෑ නෑ අපි අද ආවේ ඩෙංගු මදුරු උවදුර මඩින්න නිවස හා ගෙවතු පරීක්‍ෂාවටයි. එයට අවසරදැයි ඇය ඇසුවාය. එය ඇසූ තරුණයා ලජ්ජා වට පත්ව ”සොරි සොරි” මම දැනගෙන හිටියෙ නැහැ ප‍්‍රශ්නයක් නැහැ පරීක්‍ෂා කරන්න. යැයි තරුණයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අළුත බැන්ද අයටත් බඳින්න ඉන්න අයටත් වින්ඹුවගේ සේවය ගතහැකියි. මේ හැමෝම ඒ බව නොසලකා අමාරුවේ වැටෙනවා. තැලසීමියා වැනි ප්‍රවේණිගතවන රෝග වලක්වා ගැනීමට සහ පවුල් සැලසුම ගැන ඇය උපදෙස් දෙනවා.(දී)
වින්නඹු මාතාවත් එක්ක ඔය තරුණයා ලැජ්ජා නොවී පොඩ්ඩක් කතාකළා නම් හරිනේ (නි)
මනමාලි දොර අරින්න ඇවිල්ලා නැද්ද? (නි)
මනමාලිටත් බොහොම ලැජ්ජා හිතෙන්න ඇති (නි)
ඔව් ඔව් මගේ සුරුට්ටුවත් පරීක්ෂා කරන්නට මම අවසර දෙමි. (ස)
අයියෝ නිල්මිණි ,ඔය ලැජ්ජාව පැත්තකට දාලා ඔයාගේ කතාව කියන්න. (නි)
බලනකොට එයාලා උදෙන්ම තමන්ගේ රාජකාරිය අකුරටම ඉටුකරනවනේ.... (නි)
වින්නඹු අයත් ඩෙංගු මඩින්න යනවද? මනමාලය කෙල්ලව[වින්නඹු සේවිකාව] දැක්කහම බයවෙන්න ඇති පරණ පෙම්වතියක්ද කියල. (ස)
අනේ නිල්මිණි, ඔයාගේ කතාව කියන්නකෝ. හැබැයි හදවතට දැනෙන්න කියන්න ඕනෑ හොඳේ (නි)
මොහමඩ්, පෝලික් පෙති දෙන එක උපහාසයට ලක් කරන්න එපා ඔය දන්නවද හරියටම මොකද එක දෙන්නේ කියල ? නැහැ නේද ? (අ)
වින්නඹු අම්මලට වෙන වැඩ නැද්ද දන්නේ නැහැ ඩෙංගු මඩින්න ගියේ. (ස)
වින්දඹු මාතාවගේ වැරැද්දක් නැහැ. එදින ඩෙංගු මඩින්නත් තමන්ගේ සුපුරැදු රාජකාරිය කරන්නත් අවස්ථාව තිබුණා. මන්ද දැන් කාන්තාවන්ට විවාහ වූ දින සිටම පෝලික් ඇසිඩ් ගන්න කියා වෛද්‍යවරුන් නියම කරන නිසා. කෙසේ වෙතත් අසල්වාසී තරැණයන්ට නම් මාර හිනා ඇති... (ස)
බැඳපු අලුත ඩෙංගු මදුරුවෙකුට තියා යකෙකුටවත් ඉඩමට කිට්ටු වෙන්න දෙනවායැ (දී)
හොඳින් පරීක්ෂා කරන්න. විවාහ උත්සවයට නිවසේ නොසිටි නිසා ඩෙංගු බෝවී තිබෙන්න පුලුවන් (නි)
පහන්දි, ආදරණිය සමදරා අක්කාව මෙතනින් එළවන්න ඔයත් ක්‍රියා කළා කියලා ප්‍රබල චෝදනාවක් තියෙනවා. එකට මොකද කියන්නේ? (නි)
මේ මනුස්සය උඩ බිම බලන්න ඇති මේ මොකද කියලා. විවාහවෙලා දවසයි, වින්නඹු එන්නේ මොකද කියලා බලන්න ඇති. අනේ නිල්මිණි, ලැජ්ජාව පැත්තකින් තියලා ඒ කතාව කියන්නකෝ (නි)
නිල්මිණීට ඕනෙ වෙලා තියෙන්නේ එයාගේ නමින් කොමෙන්ට්ස් ටිකක් ගන්න. ප්‍රසිද්දියට කැමති කෙනෙක්.පව් (නදී)
තිලක් ..ඒ මොකද ඒ (අ)
මට පොඩි කතාවක් මතක් වුණා. ඒත් කියන්න ලැජ්ජයි වගේ. පසුවට කියන්නම් (නි)
අනේ රුවන් මට නම් ඔය කාගෙවත් ප්‍රසිද්දිය ඕනේ නැහැ. මම මේකට අදහස් දාන කාලේ කවුරුවත් හිටියේ නැහැ. අනික මම එක නමකින් අදහස් දාන්නෙත් නැහැ.(නදී)
බලන්න ඉහත සදහන් කරපු අදහස් ගැන. කොතරම් විකටයෝ ලංකාවේ ඉන්නවද. අනේ කාලය කන මිනිස්සු. (දී)
ඉතින් වත්තේ ඩෙංගු ඉඳලද? (නි)
මනමාලි මහ රෑ වින්නඹු අම්මාට කතා කළාද දන්නේ නැහැනේ. මොකද සැමියා ඩෙංගු මදුරුවෙක් කාලා කියලා එයාට සැකහිතුනද දන්නෙ නැහැනේ... (නි)
ඇත්තටම මේකට නම් හිනායනවා. නියම කතාවක් (නි)
ඇය බාල තරුණ මහළු සැම වෙනුවෙන් පුළුල් පරාසයක සේවයක් සැලසිය යුතුයි. අළුත බැන්ද දෙදෙනාට ඇතිවිය හැකි නොයෙක් ගැටළු ගැනද විද්‍යානුකූල උපදෙස් දෙන්න ඇය වෘත්තීය වශයෙන් පුහුණුවක් ලබා සිටී. (දී)
නියම වැඩේ තමයි වෙලා තියෙන්නේ (නි)