(ගල්ගමුව - නිහාල් ජයවීර)
වැව් පිටියක මුකුණුවැන්න කඩමින් සිටි කාන්තාවකට අරුම පුදුම ‘‘පිස්තෝලයක්’’ හමුවීමෙන් ගම්වැසියන් හා නිලධාරීන් පිරිසකට විශාල අපහසුතාවකට පත්වීමට සිදු වූ සිද්ධියක් ගල්ගමුව, කාටුවැව ප‍්‍රදේශයෙන් දැන ගැනීමට ලැබිණි.
කාටුවැව, අමුණුකොළේ වැවේ පිට්ටනියේ මුකුණුවැන්න කඩමින් සිටියදී මේ ‘‘ගිනි අවිය’’ කාන්තාවට දැක ගැනීමට ලැබී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ඇය ගමේ කීප දෙනකුට දැනුම් දී තිබේ.
ඔවුන් ද එහි ගොස් ඒ කුඩා ‘‘ගිනි අවිය’’ දැක එවැනි ‘‘ගිනි අවියක්’’ ජීවිතයට නොදැක ඇති නිසා ඒ පිළිබඳව පළාත බාර ග‍්‍රාම නිලධාරීවරයාට දැනුම් දී තිබේ.
ග‍්‍රාම නිලධාරීවරයා ද වැව් පිටියක කුඩා ප‍්‍රමාණයේ පිස්තෝලයක් ඇති බව ගල්ගමුව පොලිසියට දැනුම් දී තිබේ. ඒ අතර පොලිස් හදිසි ඇමතුම් අංශයට ද කිසියම් අයකු තොරතුරු දැනුම් දී ඇත.
වහා ක‍්‍රියාත්මක වූ ගල්ගමුව පොලිසිය රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු අදාළ ස්ථානයට පිටත් කර යවා තිබේ. ‘‘පිස්තෝලය’’ පොලිසිය බාරයට ගත් නිලධාරීන් දෙදෙනා එය පොලිස් ස්ථානය වෙත ගෙනැවිත් රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ මේසය උඩ තැබීය.
අ`ගල් හතරක් පමණ දිගැති, නිකල් පැහැයට හුරු ඝන ලෝහයකින් නිපදවා තිබූ ‘පිස්තෝලය’ අතට ගත් ස්ථානාධිපතිවරයා ‘මේක සෙල්ලම් පිස්තෝලයක්නේ. ඔය වෙඩි බෙහෙත් කවාපු ගුලියක් තියලා කොකා ගැස්සුවාම පටාස් ගාලා පුපුරන්න හදලානේ තියෙන්නේ’යි කියමින් අරුම පුදුම ගිනි අවිය මේසය මත තැබීය.
අපරාදෙ කිලෝමීටර් හැට හැත්තෑවක් යන්න එන්න පැට‍්‍රල් පිච්චුවේයි නිලධාරියකුට කියැවිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාන්තාව ප්‍රඥාගෝචර වැඩක් කරලා තියෙන්නේ. රථ වාහන පොලිසියේ යටත් හඳුනාගන්න අමාරු වුනා නම්, ඒක ඇත්ත අවියක් වගේම වෙන්න ඕනා. මේක මේ කාන්තාව සැක කරලා අදාළ බලධාරීන් ට දන්වපු එක ඉතා හොඳ ක්‍රියාවක්.
පරික්ෂාවට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනාටවත් දැනුමක් තිබිල නැද්ද සෙල්ලම් පිස්තෝලයක් කියල හොයාගන්න. පුහුණුවීම් වලදී මෙයාලට මොනවද දන්නේ නෑ කියල දෙන්නේ. සාමාන්‍ය ගම් වැසියන් බයවෙන එක අහන්නත් දෙයක්ද මේවා මෙහෙම වෙනකොට.
එකට කමක් නැහැ මොනර කොලේ හඳුනන්න පුළුවන්නේ එත් මදැයි.
මෙහෙම සෙල්ලම්බඩු දැන් ළමයින්ට සෙල්ලම් කරන්න තියා දකින්නවත් ලැබෙන්නේ නැත. කොටින්ම දැන් ළමයින්ට සෙල්ලම් කරන ළමා කාලයක් නැත ළමයි සෙල්ලම් දන්නේ නැත. 1950 ගණන්වල නම් බැලුබැල්මට නියම පිස්තෝල කියා පෙනෙන සෙල්ලම් පිස්තෝල නත්තල් කාලයට පේව්මන්ට් එකේ විකුණන තිබුනා. මා ලඟත් තිබුනා. ඒ සුන්දර කාලය නැවත ලංකාවට එන්නේ නැත.