IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වේලන්න භාරගත් බඩඉරිඟු තොගය හොරෙන්ම විකුණලා

වර්ෂාවට හසුවී තෙත බරිතවූ බඩ ඉරිඟු තොගයක් දුම් ගසා වියලා දීමට බාරගත් පුද්ගලයකු බඩ ඉරිඟු තොගයෙන් කොටසක් ඇවිළෙන ගිනි මැලයට දමා ඉතිරිය හොර රහසේම වෙළෙඳසලකට ගෙනගොස් අලෙවි කොට මුදල් ගත් බව කියවෙන පුවතක් මීගහකිවුලට නුදුරු ගම්මානයකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
ඔහු මීගහකිවුල නගරයට නුදුරු පිටිසර ගමක දක්‍ෂ ගොවි මහතෙකි. මෙවර කන්නයේදී හෙතෙම විශාල බඩ ඉරිඟු යායක්ද වගා කළේය. අස්වැන්න කඩා ගෙට ගත් දිනයේම ඔහු හදිසි අනතුරකට ලක්ව රෝහල් ගතවූ අතර බඩ ඉරිඟු තොගයද වැස්සට හසුවී තෙත බරිත විය.
ඉරිඟු තොගය වේලා ගන්නට නම් අව්වක් වැටෙන පාටක්ද නොවීය. ඒ නිසා අනෙක් විකල්පය වුයේ ඉරිඟු තොගය ලී මැස්සක අසුරා ඊට යටින් ගිනි මැලයක් ගසා දුම් වැද්දීමට සැලැස්වීමය.
අපේ ගොවි මහතා රෝහලේ සිටම කටයුත්ත ගමේ දන්නා හඳුනන අයකුට බාර කළේ කරන්නට වෙනත් යමක් නොවූ නිසාය.
පසුදින ගොවි මහතාට ආරංචි වූයේ ඉරිඟු මැස්ස කඩාගෙන ගිනි මැලය මතට වැටී ඉරිඟු තොගයද ගින්නට හසුව පිළිස්සී ගිය කතාවකි. එහෙත් බඩ ඉරිඟු  මැස්ස කඩා වැටුණු බව කියන ගිනි මැලයේ එතරම් ඉරිඟු තොගයක් දැකගන්නට නොවිනි. ඉරිඟු  අසුරා තිබූ මලූ තොගයද අතුරුදන්ව තිබිණි. සිද්ධියෙන් දින කීපයක් ගත වෙද්දී දැක ගන්නට ලැබුණේ වියලීමට දුන් බඩ ඉරිඟු තොගයෙන් විශාල ප‍්‍රමාණයක් එය වියලීමට බාරගත් පුද්ගලයා විසින්ම අසල වෙළෙඳසලකට අලෙවිකර ඇති බවකි.



අදහස් (0)

වේලන්න භාරගත් බඩඉරිඟු තොගය හොරෙන්ම විකුණලා

ආනන්ද ආර් Thursday, 03 January 2013 03:35 PM

දන්න හදුනන කමට රැපියල් ශත වලට බාල්දු කරන අසත්පුරුෂයන්...!(නු)

:       0       0

සංජීව Thursday, 03 January 2013 03:31 PM

අනේ මෙහෙමත් මිනිස්සු..!(නු)

:       0       0

චතූ Friday, 04 January 2013 11:05 AM

අ‍ඟේ ඉදන් කන කනවා කියන්නේ ඕක තමයි (ස)

:       0       0

සරත් Thursday, 03 January 2013 11:17 AM

විකි‍ණෙන නිසා මුදලාලි ගෙනවා.. කැවෙන නිසා අපි ගෙනාවා..!(නු)

:       0       0

කුමාරි Thursday, 03 January 2013 12:00 PM

කල දුටු කල වල ඉහ ගන්නෝ කියන්නේ මේ අයට තමයි . හැබැයි.....කොයි ලොව යන්නේ, මරණින් මත්තේ ......පින් පව් එනවා අපි පසු පස්සේ (ස)

:       0       0

සුදේශ් Thursday, 03 January 2013 12:17 PM

මීගහකිවුල තියෙන්නේ කොහෙද ?? නොදන්න නිසයි අහන්නේ (ස)

:       0       0

ලලන්ත Thursday, 03 January 2013 12:30 PM

සුදේශ්, මීගහකිවුල තියෙන්නේ බදුල්ල ‍දිස්ත්‍රික්කයේ .බදුල්ලත් මහියන්ගනයත් අතර පිහිටි ගමකි (ස)

:       0       0

සුදේශ් Thursday, 03 January 2013 01:24 PM

ස්තූතියි ලලන්ත මහත්තයෝ (ස)

:       0       0

නිත්‍යා Friday, 04 January 2013 09:02 AM

ඔය හොඳට වේලලා තියෙන්නේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site