වර්ෂාවට හසුවී තෙත බරිතවූ බඩ ඉරිඟු තොගයක් දුම් ගසා වියලා දීමට බාරගත් පුද්ගලයකු බඩ ඉරිඟු තොගයෙන් කොටසක් ඇවිළෙන ගිනි මැලයට දමා ඉතිරිය හොර රහසේම වෙළෙඳසලකට ගෙනගොස් අලෙවි කොට මුදල් ගත් බව කියවෙන පුවතක් මීගහකිවුලට නුදුරු ගම්මානයකින් වාර්තාවේ.
සිද්ධිය මෙසේය.
ඔහු මීගහකිවුල නගරයට නුදුරු පිටිසර ගමක දක්‍ෂ ගොවි මහතෙකි. මෙවර කන්නයේදී හෙතෙම විශාල බඩ ඉරිඟු යායක්ද වගා කළේය. අස්වැන්න කඩා ගෙට ගත් දිනයේම ඔහු හදිසි අනතුරකට ලක්ව රෝහල් ගතවූ අතර බඩ ඉරිඟු තොගයද වැස්සට හසුවී තෙත බරිත විය.
ඉරිඟු තොගය වේලා ගන්නට නම් අව්වක් වැටෙන පාටක්ද නොවීය. ඒ නිසා අනෙක් විකල්පය වුයේ ඉරිඟු තොගය ලී මැස්සක අසුරා ඊට යටින් ගිනි මැලයක් ගසා දුම් වැද්දීමට සැලැස්වීමය.
අපේ ගොවි මහතා රෝහලේ සිටම කටයුත්ත ගමේ දන්නා හඳුනන අයකුට බාර කළේ කරන්නට වෙනත් යමක් නොවූ නිසාය.
පසුදින ගොවි මහතාට ආරංචි වූයේ ඉරිඟු මැස්ස කඩාගෙන ගිනි මැලය මතට වැටී ඉරිඟු තොගයද ගින්නට හසුව පිළිස්සී ගිය කතාවකි. එහෙත් බඩ ඉරිඟු මැස්ස කඩා වැටුණු බව කියන ගිනි මැලයේ එතරම් ඉරිඟු තොගයක් දැකගන්නට නොවිනි. ඉරිඟු අසුරා තිබූ මලූ තොගයද අතුරුදන්ව තිබිණි. සිද්ධියෙන් දින කීපයක් ගත වෙද්දී දැක ගන්නට ලැබුණේ වියලීමට දුන් බඩ ඉරිඟු තොගයෙන් විශාල ප‍්‍රමාණයක් එය වියලීමට බාරගත් පුද්ගලයා විසින්ම අසල වෙළෙඳසලකට අලෙවිකර ඇති බවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්න හදුනන කමට රැපියල් ශත වලට බාල්දු කරන අසත්පුරුෂයන්...!(නු)
අනේ මෙහෙමත් මිනිස්සු..!(නු)
අඟේ ඉදන් කන කනවා කියන්නේ ඕක තමයි (ස)
විකිණෙන නිසා මුදලාලි ගෙනවා.. කැවෙන නිසා අපි ගෙනාවා..!(නු)
කල දුටු කල වල ඉහ ගන්නෝ කියන්නේ මේ අයට තමයි . හැබැයි.....කොයි ලොව යන්නේ, මරණින් මත්තේ ......පින් පව් එනවා අපි පසු පස්සේ (ස)
මීගහකිවුල තියෙන්නේ කොහෙද ?? නොදන්න නිසයි අහන්නේ (ස)
සුදේශ්, මීගහකිවුල තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ .බදුල්ලත් මහියන්ගනයත් අතර පිහිටි ගමකි (ස)
ස්තූතියි ලලන්ත මහත්තයෝ (ස)
ඔය හොඳට වේලලා තියෙන්නේ (ස)