IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


වැලන්ටයින් දවසේ පෙම්වතුන් බියවද්දා කප්පම් අරන්

ඔවුන් පිට පළාත්වලින් පැමිණ කොළඹ නගරයේ සේවය කරන තරුණ පෙම්වතුන් යුවළකි. රැකියාව කළේ ආයතන දෙකකය. පසුගිය වැලන්ටයින් දවසේ නිවාඩු ලබාගත් දෙදෙනා දෙහිවල මුහුදු වෙරළට ගොස් නිදහසේ කතා කරන්නට වූහ. ස්වල්ප වේලාවකින් එතැනට කිහිලිකරු ආධාරයෙන් පැමිණි පුද්ගලයෙකි. ඔහු පෙම්වතුන් අමතා, ”කීයක් හරි දෙන්න’’යැයි පැවසීය.  තරුණයා තම සාක්කුවෙන් රුපියල් දහයක් ගෙන ඔහුට ලබාදුන් අතර ‘‘රුපියල් දහයෙන් මොනවා කරන්නදැයි’’ ඔහු විමසීය. එවිට තරුණයා තම සාක්කුවෙන් නැවතත් රුපියල් පනහක් රැගෙන එයද පෙරකී පුද්ගලයා අත තැබීය. ‘‘මදි  මදි තව සීයක් වත් දුන්නේ නැත්නම් මම මෙතනින් හෙලවෙන්නේ නැහැ” යැයි තර්ජනාත්මක ස්වරූපයෙන් පැවසීය. තරුණිය තරුණයාගේ මුහුණ බැලූවාය. තම මුදල් පසුම්බියෙන් රුපියල් සීයක් ගත් තරුණ පෙම්වතා එය පුද්ගලයාට දිගු කළේය. රුපියල් සියය අතට ගත් පුද්ගලයා ‘‘මම තමයි බජාර් එකේ කළුඅයියා කියන්නේ’’ යැයි පවසා එතැනින් පිට විය.



අදහස් (0)

වැලන්ටයින් දවසේ පෙම්වතුන් බියවද්දා කප්පම් අරන්

හරින් Tuesday, 26 February 2013 07:59 AM

කළු අයියට සුදුවෙන්න දුන්නනම් හරි.(නදී)

:       0       0

ප්‍රසාද් Wednesday, 20 February 2013 05:10 PM

හිටපන්කෝ මම ගේමට බහින්නම්, කළු අයියාව සුදු කරලා පෙන්නනම් ළගදීම. (නි)

:       0       0

සෑම් Thursday, 21 February 2013 07:47 PM

ඔය මාලිගාවත්ත පැත්තේ ඉන්නවා රැවුල දිග අයියලා. එයාලත් ඔහොම තමයි. (නි)

:       0       0

පනාගොඩ-මිලානෝ Wednesday, 20 February 2013 05:25 PM

මමත් ඒ මිනිහට ලගදි සල්ලි දුන්නා.(නදී)

:       0       0

අජන්ත Thursday, 21 February 2013 07:49 PM

මේ වගේ අයව ගස් බදින්නයි වටින්නේ.(නදී)

:       0       0

හේරත් Wednesday, 20 February 2013 10:50 AM

බජාර් එකේ කළුඅයියා ගෙන් ප්‍රවේසම් වෙන්න. සුදු අයියා ලග 100 කොලේ තිබුන නිසා බේරුනා. නැතිනම් නංගියි,මල්ලියි දෙන්නම කොට උඩ.(නදී)

:       0       0

විජේ Wednesday, 20 February 2013 10:57 AM

ඇත්තටම? (ත)

:       0       0

දිනේෂ් Thursday, 21 February 2013 11:31 PM

ඒවා අපේ එක්ක හරියන්නේ නැහැ.(නදී)

:       0       0

නන්දලාල් Thursday, 21 February 2013 06:50 AM

කොහේවත් ඉන්න වැඩකට නැති මිනිස්සු චණ්ඩි බවට පත්කරන්නේ ඔය කප්පම් දෙන මිනිස්සු තමයි. (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 20 February 2013 08:04 PM

ඔය ගොල්ලත් වැලන්ටයින් දිනේදීද ඒ කලුඅයියාට සල්ලි දුන්නේ? (නි)

:       0       0

සපුමල් Friday, 22 February 2013 12:11 AM

කළු අයියා ඔහොම නම් කළු මල්ලි කොහොම ඇද්ද? හිටපන්කෝ මම ගේමට බහින්නම්. 2014 වත් බලමු. (නි)

:       0       0

පහන් Thursday, 21 February 2013 07:27 AM

එහෙම වෙන්නෙ කොහොමද? (නි)

:       0       0

කමල් Wednesday, 20 February 2013 01:48 PM

මමත් මේ මිනිහට අවුරුදු 8කට ඉස්සෙල්ලා සල්ලි දුන්නා. ඒක තවම මතකයි. (නි)

:       0       0

සකු Wednesday, 20 February 2013 09:01 PM

අයියෝ ඒවා නම් මහා කැත වැඩ (දී)

:       0       0

පවන් Thursday, 21 February 2013 02:52 PM

ඒ වැඩේ කිසි සේත්ම අනුමත කල නොහැක (දී)

:       0       0

ලලිත් Wednesday, 20 February 2013 02:27 PM

ගෙවල් වලටත් හොරෙන් එන්නේ (දී)

:       0       0

අසීම් Friday, 22 February 2013 06:50 AM

කලු අයියට මොකද වුණේ? (නි)

:       0       0

තුෂාර Wednesday, 20 February 2013 03:07 PM

ඇයි ඒ වැඩ හරිද (දී)

:       0       0

උපුල් Thursday, 21 February 2013 03:42 PM

ගාලු කොටුව ඇතුළෙත් මෙහෙම දේවල් වෙනවද? (නි)

:       0       0

ලහිරු Friday, 22 February 2013 08:46 AM

මේ වගේ දේවල් නතර කරන්න ලංකාවේ පොලිසිට බැරිද? රටක දියුණුව කියන්නේ ආර්ථික, සමාජීය, සිතුම් පැතුම් හැම දේම යහපත් විදියට දියුණුවක් දකින එකයි. කප්පම් ගන්න මිනිස්සු අද විතරක් නෙමෙයි හැමදාමත් ගන්නවා. ඒවා වැලැක්විය යුතුයි.(නදී)

:       0       0

සමිර Wednesday, 20 February 2013 03:47 PM

ඒ වැඩනම් අනුමත කල නොහැකි කතා වැඩ (දී)

:       0       0

නිරෝෂන් Thursday, 21 February 2013 10:58 AM

මේ මිනිහා මගෙනුත් සල්ලි ගත්තා නිදහස් දවසේදි. (නි)

:       0       0

සරත් Wednesday, 20 February 2013 04:24 PM

අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන (දී)

:       0       0

ෂෙරිෆ් Wednesday, 20 February 2013 11:51 PM

අපේ ගමෙත් ඉන්නවා කළු අයියලා කිහිප දෙනෙක්. හැබැයි එයාලාගෙන් නම් කරදරයක් නැහැ. මාසේ අන්තිමට ඇවිත් ‍පොළිය අරන් යනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 328 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 301 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 471 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site