IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වෙලේ වතුර හරවන්න ආ ගොවියාට යකා වැහිලා

(වියලුව වාර්තාකරු)
තම කුඹුරේ ජල මුරය ඉක්මන් කර ගැනීම සඳහා ආරූඪ වූ ගොවි මහතෙකුගේ උපායක් පිළිබඳව ගොවි ජනපදකින් දැන ගන්නට ලැබේ.


සිද්ධිය මෙසේය.


එය ප්‍රදේශයේ ප්‍රධානතම ගොවි ජනපදයකි. ප්‍රධාන ඇළ මාර්ගයේ ප්‍රමාණවත් තරම් ජලය නොමැති වීම නිසා කුඹුරු ඉඩම්වලට ජලය සපයනු ලැබුවේ කලින් සකසා ගත් විශේෂ මුර ක්‍රමයක් යටතේය.


ගොවීන්ගේ කුඹුරුවලට ජලය සැපයීම සඳහා විශේෂ ජල මුර ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබූ අතර ඒ සඳහා ගොවීන්ට වෙන් වෙන් වශයෙන් වේලාවක් හා දිනයක් ද ගොවි සංවිධාන විසින් වෙන්කර දෙන ලදී.


නියමිත වේලාවට තම ඉඩම්වලට ජලය හරවන්නැයි ගොවි සංවිධාන කොතෙක් උපදෙස් දුන්නද ඇතැම් ගොවීන් ඒ සඳහා වැඩි කාලයක් ගත කළේ සෙසු ගොවීන්ගේ ජල මුරවලටද බාධා එල්ලවන පරිද්දෙනි.


පෙර කී ගොවි මහතා ද නියමිත වේලාවට තම ඉඩමට පැමිණියේ ජල මුරය ක්‍රියාත්මක කිරීමටය. එහෙත් ඊට පෙර කුඹුරේ ජල මුරය ක්‍රියාත්මක කරමින් සිටි (වතුර හරවමින්) ගෙවිලියක් පෙරකී ගොවි මහතාගේ ජල සැපයුම් මාර්ගය ද අවහිර කරමින් ඇගේ කුඹුරට තවදුරටත් ජලය සැපයීමට කටයුතු කළේ නියමිත වේලාවද ඉක්මවා යමිනි.


හෝරාවකට ආසන්න කාලයක් තිස්සේ බලා සිටියදී පෙර කී කාන්තාව හිතාමතාම තම ජල මුරය පමා කරන බව තේරුම් ගත් හෙතෙම ඇය පන්නා දැමීමට අපූරු උපායක් ක්‍රියාත්මක කළේය.


කුඹුරේ නියරක් මතට ගොඩවූ හෙතෙම එක්වරම ගොයම් ගස් කීපයක් ගලවාගෙන ඒවා ඉහළට ඔසවමින් යකැදුරෙකු පරිද්දෙන් හූ තබමින් කුඹුර පුරා නටන්නට පටන් ගත්තේ පෙර කී කාන්තාව ද බියට පත් කරවමිනි.


 හූ හඬ මැද්දේ මිනිස් බිල්ලක් ඉල්ලමින් කෑගැසූ ගොවි මහතාගේ මුහුණ මෙන්ම ඔහුගේ නර්තන විලාසයෙන් තව තවත් භීතියට පත් ගෙවිලිය පසුපස නොබලාම වැටී වැටී නිවෙස බලා දිව ගියේ මර ලතෝනි දෙමිනි.


නියමිත වේලාවටත් කලින් තම ජල මුරය අවසන් කළ ගොවි මහතා සිය නිවස බලා පිය මැන්නේ මහ මග දී හමුවූ අසල්වැසියන් කීප දෙනෙකුටද සිද්ධිය විස්තර කරමිනි.  



අදහස් (0)

වෙලේ වතුර හරවන්න ආ ගොවියාට යකා වැහිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site