IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


වල් නාශක ඉස්සම තණකොළ ඕසෙට වැවිලා

ඉදිරියේ දී පැමිණෙන වැසි සමය සඳහා තම ඉඩමේ වගා කිරීමට තීරණය කළ තරුණ ගොවි මහතෙක් ඉඩමේ වැවී තිබූ තණකොළ සහ වල් පැළ මර්දනය කිරීම සඳහා වල් නාශකයක් යෙදීමට කල්පනා කළේය. පසුවදා නගරයට පැමිණි හෙතම වල් පැළෑටි නාශක බෝතලයක් මිළදී ගෙන යළි නිවසට පැමිණියේය.

පසුදින ඉඩමට පැමිණි හෙතම බෝතලයේ ඇති උපදෙස් පිළිපදිමින් වල් පැළෑටි නාශකය තම ඉඩමට ඉසීමට කටයුතු කළේය දින කිහිපයක් ගතවිය. ඔහු නැවත තම ඉඩමට පිවිසියේ මැරී ඇති වල් පැලෑටි පරීක්‍ෂා කිරීමටය. ඉඩමට පිවිසි ඔහු පුදුමයට පත්විය. තම ඉඩමේ වල් පැළෑටි මැරී තිබෙනු දැකීමට ඔහු බලාපොරොත්තු වූවත් වල් පැළ තිබුණාටත් වඩා සශ්‍රීකව වැඞී තිබෙනු ඔහුට දැකගන්නට ලැබුණි. ”මම ගැහුව වල් පැළෑටි නාශකය වල්පැළ පොහොර වුණේ කොහොමද” ඔහුට ඉබේටම කියැවුණි. වල් පැළෑටි නාශක හිස් බෝතලය අතට ගත් තරුණ ගොවි මහතා එයද රැගෙන නගරයට පිවිසියේ එය අලෙවි කළ වෙළෙන්දා හමුවීමටය.



අදහස් (0)

වල් නාශක ඉස්සම තණකොළ ඕසෙට වැවිලා

ආනන්ද Tuesday, 28 October 2014 08:26 AM

මේ වගේ අත්දැකීමක් මටත් ලැබුණා.(දිල්)

:       0       0

මාටින් Wednesday, 29 October 2014 10:06 AM

ආ එතකොට රෙජි-සිඩ්නි උදැල්ල පාවිච්චි කරන කෙනාට ගාස්තුව ගෙවනවද? (අ)

:       0       0

චාමර Tuesday, 28 October 2014 10:44 AM

වල් නාශක සහ පොහොර වල තියෙන්නේ අමුතුම දේවල්. දවසක් ගෙදර තිබුන මල් පෝච්චියට කුඹුරට ගහන්න ගෙනාපු පොහොර පොඩ්ඩක් දැම්මා. ටික දවසකින් මල් පෝච්චියේ පිරෙන්න කුඩුමට්ට (කුබුරු වල හැදෙන වල් පැලෑටියක්) හැදිලා. ඒ කියන්නේ පොහොර ගැහුවාම තෙල් ගහන්නත් වැඩේ සිද්ද කරලා දෙනවා. (හේ)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 28 October 2014 11:59 PM

උදැල්ල පාවිච්චි කරලා වල්පැළෑටි සුද්ධ කරලා දැම්මා නම් ඔය කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සල්ලිත් ඉතුරු කරගන්න තිබුනා. (නි)

:       0       0

සේනාරත්න Tuesday, 28 October 2014 12:05 PM

වල් නාශක වල අඩංගු වෙන්නේ අධි සාන්ද්‍රනයෙන් යුතු ශාක හෝමෝන. (හේ)

:       0       0

මාලි Tuesday, 28 October 2014 01:14 PM

දැන්වත් ඔය මෝඩකම් අතහරින්න වස විස නැති ගොවිතැනට පුරුදුවන්න (ර)

:       0       0

ප්‍රනීත් Tuesday, 28 October 2014 05:40 AM

ඔය වගේම දෙයක් මටත් වුණා. වල් නාශක ගැහැව්වට පස්සේ සේරම වල් ගස් මරුන. එත් මාසෙකට පස්සේ වැවුනේ කවදාවත් හැදිලා නැති වල් ගස්. අපේ ප්‍රදේශයෙන් හොයා ගන්න නැහැ ඒ වගේ වල් ගස්. ඔය වල්නාශක වල මොකක් හරි ලෙඩක් තියෙනවා.. (ස)

:       0       0

විජේ Tuesday, 28 October 2014 02:30 PM

වල් නාශකය 3-4 MCPA. සාන්ද්‍රණය ලේබලයේ තිබෙනවාට වාඩා අඩු කලාම ඕක වෙනවා. (ර)

:       0       0

රුවන් Tuesday, 28 October 2014 06:00 AM

අනේ තම ගෙවත්තෙවත් වස,විස නැතිව වගාකරන්නකෝ.එවිට පාරිබෝගිකයට පිළිකාවත්,ගොවියාට වකුගඩු රෝගයත් නැතිවේවි. (ස)

:       0       0

රුවන් Tuesday, 28 October 2014 06:08 AM

මගේ පුංචි ඉඩමේ මම වගාකරලා තියනවා එළවලු[ඉඩම හා නිවස පර්චස් 10]මිරිස්,තක්කාලි,දෙහි,වම්බටු,බණ්ඩක්ක,ලීක්ස්,මුරුංග,ගොටුකොල,කතුරු මුරුංග,නිවිති,වැටකොළු. කඩෙන් ගන්න එළවලු වලට වඩා නිවසේ වවන එළවළුවල පුදුම රසක් තියෙන්නේ. (ස)

:       0       0

ධම්ම Tuesday, 28 October 2014 06:18 AM

වල් පැළෑටි නාශක කියන්නේ වල් පැළෑටි වලට හොඳ පොහොරක් තමයි. මේ පොහොර උරාගෙන ක්ෂණිකව වැඩෙන්න තතනන පැළෑටිය ඊට අනුරුප අනෙක් පරිසර සාධක මදි නිසා මැරෙනවා. මේ සිද්ධාන්තය මට කිව්වේ කෘෂිකර්ම උපදේශකවරයෙක්. (ස)

:       4       2

සිතුවිළි Tuesday, 28 October 2014 06:57 AM

වල් පැලෑටි නාශක වල තියෙන්නේ ශාක සඳහා වුණු අධි වර්ධක හෝමෝන. ඒවායින් ශාකය වර්ධනය ශාකයට දරාගත් නොහැකි ලෙස වේගවත් කරනවා. සෛල පමණට වඩා විශාල වීම දරාගත නොහැකිව ශාක මිය යනවා. ඉතින් වැරදීමකින් මේ වගේ ප්‍රථිපල අත්විය හැකියි. මේ වගේ අධික විශ සහිත රසායනික මිනිස්සු මොකට භාවිතා කරනවද කියන එකයි ප්‍රශ්නේ. උදැල්ලක් අරන් උදලු ගෑවනම් රොඩු ටික දිරන්න තියල පොහොරක් හැටියටත් ගන්න තිබ්බා. (අ)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 609 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 516 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 430 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site