වල් අලියකු යැයි සිතා ගවයකුට බියවූ ගැමියකුට රාත්‍රියේ වැස්සට තෙමෙමින් සීතලේ ගැහෙමින් පැය ගණනාවක් ගහක් උඩ ගත කිරීමට සිදුවූ පුවතක් හසලක පොලිස් වසමේ ගම්මානයකින් වාර්තා විය.
අලි මිනිස් ගැටුම නිසා වසර ගණනාවක සිටම මිනිපේ මහ ගොවි ජනපදයේ ගැමියන්ට විවිධ දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවූයේ මේ දිනවල වල් අලින් ජනපදයේ ගම්මාන කීපයක ජන ජීවිතයට අහිතකර බලපෑම් එල්ල කරමින් රාත්‍රි කාලයේ ගම්වල සැරිසැරීම හේතුවෙනි.

ඔහුට සමරේ අයියා යැයි කියමු. සමරේ අයියා තිදරු පියෙකි. එදිනෙදා කුලියෙන් ලැබෙන ආදායමෙන් සිය දරු පවුල නඩත්තු කරන ඔහු ගමෙන් පිට පළාත්වලට ගොස් කුලී රැකියාව කර අඳුර වැටීගෙන එන විට නිවස කරා පැමිණීම සාමාන්‍ය සිරිතය. නිවසට එනවිට අවශ්‍ය කළමනා සහ දරුවන්ට රසකැවිල්ලක් රැගෙන ඒමටද සමරේ අයියා අමතක නොකරයි. දහවල් කාලයේ වෙහෙස මහන්සි වන සමරේ අයියාගේ තවත් නරක පුරුද්දක් තිබුණි. ඒ සවස නිවස බලා එන ගමනේදී මධුවිත තොල ගා පැමිණීමයි.
මෙදිනද සුපුරුදු පරිදි සමරේ අයියා නිවසට අවශ්‍ය කළමනා සහ දරුවන්ට රසකැවිලි රැගෙන රාත්‍රී 7ට පමණ නිවස බලා එමින් සිටියේය. මොහුගේ නිවස කරා යන මග වැටී ඇත්තේ ප්‍රධාන මාර්ගයේ සිට අතුරු මාර්ගයක් ඔස්සේය. එයද දෙපස වන වදුලක් සහිත කුඩා අඩි පාරකි. මේ දිනවල ප්‍රදේශයේ වල් අලි උවදුර පවතින අතර කඩින් කඩ වර්ෂාවද පවතී.
සිරිපොද නිසා කුඩයක්ද ඉහලාගෙන තනි මග යන නිසා සමරේ අයියා සිංදුවක් මුමුණමින් අතුරු පාර දිගේ නිවස බලා පැමිණෙන අතර එක් වරම ගහක අතු බිඳෙන හඬත් යම් සත්වයකුගේ ශබ්දයකුත් ඔහුගේ කන ගැටුණි. ටක්කෙටම වල් අලියා පාර ඉස්සරහා සිටින බවත් ඉදිරියට ගියොත් අලියට තමන් බිලිවෙන බවත් වැටහුණු සමරේ අයියා වෙරි මර ගාතේම වට පිට බලා අසල තිබූ ගසකට නැග ගත්තේ රැගෙන ආ බඩු මල්ල ගසක් මුල බිම දමා වල් අලියාගෙන් බේරීමටය.
මෙදින සඳ ඇති දිනයක් වුවත් පවතින වැහි අන්දකාරයට ප්‍රදේශය අඩ අඳුරේ පැවතුණි. ගසට නැග ගත් සමරේ අයියා අවට වට පිටාව පරීක්ෂා කර බැලුවේය. අඩ අඳුරෙන් ඔහුට පෙනෙන්නේ තමන් සිටින ගසට මීටර් 50ක පමණ දුරින් ගසක් අසල වන රොදක් සෙලවෙන අයුරුත් එම ස්ථානයේ යම් සතකු සිටින බවකුත්ය.
හෝරා කීපයක් ගෙවී ගියත් වල් අලියා යන පාටක් නැත. අවට ගස් අතු සොලවන අයුරු හා එම සතා වටින් විට පිඹින ශබ්දයකුත් ඇසෙයි. වල් අලියා තමන්ව ගස උඩ සිටින බව දැනි තමන් බිමට බහිනතුරු එම ස්ථානයේ රැඳී සිටින බවක් ඔහුට සිතුණි.
පවතින සිරි පොද වැස්සට තෙමෙමින් ගහේ අත්තක් මත වාඩිවී සිටින සමරේ අයියාට ඈතින් විදුලි පන්දම් එළියක් තමන් සිටින ගස දෙසට එන බව දැක ගැනීමට හැකිවිය. මේ එන අය අනිවාර්යෙන්ම වල් අලියාගේ පහරට ගොදුරු විය හැකි සිතූ සමරේ අයියා එයින් ඔහු බේරා ගැනීමට නම් අලියා පාර අයිනේ සිටින බව කියන්නට ඕනෑ කියා සිතා ඉස්සරහට එන්න එපා ඔය ගහ ළඟ අලියෙක් ඉන්නවා යැයි කියමින් පාරේ ඉස්සරහට එන ගැමියාට උස් හඩින් කීවේය.
කීප වරක් එලෙස පැවසුවත් ගැමියා ඉදිරියටම එන අයුරු දුටු සමරේ අයියා සිතුවේ මේකානම් විහින් මැරෙන්නට දඟලන එකෙක්, ඔන්න ඔහේ මැරුනාවේ කියාය. සමරේ අයියා සිටින ගස අසලට පැමිණි ගැමියා විදුලි පන්දම ගසට එල්ල කර කවුද ඔය ගහේ ඉන්නේ මොකද ගහ උඩ කරන්නේ කියා විමසා ඇත. ගැමියාගේ කට හඬින් අසවලා යැයි හඳුනා ගත් සමරේ අයියා ගහෙන් බැස සිද්ධිය ගැමියාට පැවසීය.
බඩ අල්ලාගෙන සිනාසෙන්නට පටන් ගත් ගැමියාට එය විනාඩි කිහිපයක් යනතුරු නතර කර ගැනීමට නොහැකිවිය. ඒ වල් අලියකු නොවන බවත් ඒ තමන් දහවල් ගහේ බැඳ දැමූ මී ගවයා බවත් තමන් ආවේ ගවයා ගෙදර රැගෙන යාමට බවත් පවසා සමරේ අයියාගේද සහාය ඇතිව ගවයා රැගෙන නිවස බලා ගියේය.
දින කීපයක් යන තුරු සමරේ අයියාට ගමේ කඩ පිලට යෑමට නොහැකිව වූයේ මේ කතා පුවත පසුදින ලැව් ගින්නක් මෙන් ගම පුරා පැතිර ගොස් තිබූ හෙයිනි.
(හසලක වර්තාකරු)
2025 දෙසැම්බර් මස 16
48
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වල් අලියකුට බියවී වැස්සට තෙමෙමින් මහ රෑ ගහක් මුදුනේ