අවුරුදු සාදයකදී වෙරිවූ සැමියා පොලිසියෙන් බේරීමට කළ උපාය වැරදි ලෙසට වටහාගත් බිරිය ඔහු රෝහල් ගත කිරීමට ගත් උත්සාහයක් නිසා සැමියාට වෙරි සිඳුණු සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබුණි.
ඔහු මිතුරෙකුගේ ආරාධනාවකට අනුව සාදයකට ගොස් මත්පැන් පානය කර ඇත. සාදය අවසන්වී මිතුරකු සමඟ යතුරුපැදියකින් නිවසට පැමිණීමට සූදානම් වනවිට මිතුරකු ඔවුන් අමතා මචං පොලිසියෙන් ඉන්නවා පරෙස්සමින් පලයල්ලා කියා ඇත. නෑ මචං අපි පොඩි වැඩක් කළා අවුලක් නෑ. දැන් ගඳ එන්නේ නෑ කියා පිටත්වගොස් ඇත.
පිටුපස සිටි මිතුරා ඔහුගේ නිවසට ඇරලවූ ඔහු නිවසට පැමිණිවිට බිරිය ඉදිරියට පැමිණ මොකද අනේ මේ කරගත්තේ ඇයි ලාම්පුතෙල් බිව්වේ. අරක්කු කියලා වැරදිලා පෙවුණද? කියා ප‍්‍රශ්න කර වෛද්‍යවරයකුට පෙන්වීමට සූදානම් වී ඇත.
නෑ නෑ කලබල වෙන්න එපා. පොඩි උපායක් කළා. මට කරදරයක් නෑ. දොස්තරලට පෙන්වන්නවත් කෑගහන්නවත් එපා. මට කිසිම අමාරුවක් නෑ. කට සේදුවා විතරයි කියා පැවසීම නිසා සැමියා රෝහල් ගත කිරීම අත්හැර දමා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියෙන් බේරෙන්න මෙහෙම ගොන් වැඩක් කරන්න ඕනේද? (නදී)
ඌරා අසුචි දැක්කම නොකා ඉඳීද? (නි)
අනේ මෙහෙමත් පිස්සු වැඩ? (නි)
අපේ රටේ මිනිස්සු නිතරම කරන්නේ පිස්සු වැඩ. ගිනි වතුර බීලා බඩ වැල පූච්ච ගන්නවා මදිවට භූමිතෙලුත් බීලා... (නි)
මෙතන මොලේ තියන කෙනෙකුට ඉන්නේ මේ නිලූ කියන නෝනා විතරයි වගේ .අනේ ඔයාල නොදන්නා දෙයක් තියනවනම් මේ නොනගෙන් අහල දැනුවත් වෙන්ට. (ස)
ඒ වුණාට අසාද් ල ඌරෝ දැක්කහම දුවනවා. (ස)
ඒ ඌරනේ අසාද්, මේ මනුස්සයෝ නේද? (ස)
සෑම් මහත්තයෝ, ඔබතුමා ඉන්න රටේ පේර කොළ හපලා, කොත්තමල්ලි ඇටයක් කාලා පොලිසිය ගොනාට අන්දන්න බැහැ නේද ? දඩුවම උපරිමෙන් ලැබෙනවා නේද ? (නදී)
චමින්ද-සෑම්ගේ බහුබූත. ගනන්ගන්න එපා මල්ලි. (නදී)
අම්මෝ! කරලා තිබෙන මෝඩ වැඩේ! කොහොමද අනේ භූමිතෙල් කටට ගත්තේ? ඔච්චරම පොලිසියට බය නම් නොබී ඉන්න තිබුනනේ. (නි)
මතට විතරක් නෙවේ භූමිතෙලටත් තිත. මට නම් හිතෙන විදිහට ලංකාව මත් වතුර පාවිච්චිය අතරින් ලෝකෙන්ම අංක එකට ඇවිල්ල ඇති. (ස)
චමින්ද, මම කිව්වේ ලංකාවේදී කරපු දෙයක් මිසක් මෙහෙදී කල දෙයක් නොවේ. ඔබ කියන දේ හරි. මෙහෙ බ්රිත් ටෙස්ට් එකට මොනවා කලත් බොරු කරන්න බැහැ(මුදී)
හරක්. පොලිසිය රවටන්න කළ ගොන්කමක මහත! (ස)
මම නම් පේර කොළ ටිකක් හපලා, කොත්තමල්ලි ඇටයක් හපලා ෂේප් වෙනවා. භූමිතෙල් කියන්නේ කට හරියට ගන්න පුළුවන් දෙයක්ද? (ස)
ඇත්ත නිලූ මොකටද ඔයතරන් වද විදින්නේ නේද ?නොබී හිටියම ඉවරනේ නේද ? (නදී)
මොන දේ කලත් බැලුම පුම්බන්න දෙද්දී තමයි වැඩේ මාට්ටු වෙන්නේ.(නදී)
මෙවනි දේ කර පොලිසිය රැවටීමට උත්සහ කරනවා නම් එය ඉතා අනුවණ ක්‍රියාවක්. ඒ වගේම තමන්ටම මිනීවල කපා ගැනීමක්. (ස) ,
භූමිතෙල් වලින් හෝ මොන දේකින් කට සෝදලා ගියත් බිමත්ව රිය පැදවීමෙන් අවදානමට ලක් වෙන්නේ තමාගේම ජීවිතේ. ඒක බිමත්ව රිය පදවන හැමෝම තේරුම් ගන්න ඕනි. (ස)
භූමිතෙල් පෙවුණා නම් තමයි හොඳ. එහෙනම් පොලිසියට කොහොම වෙතත් යන්න වෙන්නේ රෝහලට. (නි)
භූමිතෙල් පෙව්වා නම් පොලිසියට නෙමෙයි යන්න වෙන්නේ රෝහලට.(නදී)