120 කැස්බෑව පිටකොටුව බසයකි. දවස සිකුරාදාය. වේලාව උදේ 7.30ට ළංවී තිබිණි. වයස 50ක් පමණ වූ උගත් පෙනුමක් ඇති කාන්තාවකි. චතුරාර්යය සත්‍ය 2 පොත කියවමින් අසුනේ වාඩිවී සිටියාය. කරුණාව හා මෛති‍්‍රය මුහුණේ ලියැවී තිබිණි. ඇය අසලට පැමිණි උසස් ආයතනයක රැකියාවක නියුතු තරුණ කාන්තාවක බස් රථයේ බෑග් රඳවනයේ අත් බෑගය තබා ඇය අසලින් හිට ගත්තාය. ටික දුරක් යනවිට ඇය පොත වසා නෙත් පියා ගත්තේ චතුරාර්යය සත්‍යය 1 වාගේම 2 කද අවබෝධ කරගත්තාක් මෙනි. තුම්මුල්ලේ දී හිටගෙන සිටි තරුණ කාන්තාව උඩ තබා තිබූ අත් බෑගය ගැනීමට තැත් කරද්දී ඇයගේ අත යාබද කතගේ අතේ ගෑවුනේය. ඇගේ කරුණා මෛති‍්‍රය රහත් විය. මුහුණ රෞද්‍ර විය. ඇය තරුණ කාන්තාවට ඔරවමින් වැලමිටෙන් ද ඇන්නාය. තරුණ කාන්තාව මෙසේ කීවාය. ”ඔහොම චතුරාර්යය සත්‍යය අවබෝධ කර ගන්න බෑ මිස්” කියා බසයෙන් බැසීමට ඉදිරියට ගියාය. ඉතා ලජ්ජාවට පත් වයසක කාන්තාව මොකක් ද කිව්වේ කියමින් නැවත වරක් ඇයට පහරදී කෑ ගසමින් බනින්නට වූවාය. තමාට අනපේක්ෂිතව සිදුවූ මේ අකරතැබ්බය රියදුරුට පැවසූ තරුණ කාන්තාව බැස යන අවස්ථාවේ ද වයසක කාන්තාව බසයේ සිට ජනේලයෙන් හිස දමමින් දඹරැගිල්ල කරකැවුයේ මරියකඬේ කතක්වත් නොකරන ස්වරූපයෙනි.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැරදීමකින් අත වැදුණාම මෛත‍්‍රී කරුණාව අමතක වෙලා
නාමල් විජේරත්න Monday, 27 February 2012 09:41 AM
චතුරාර්ය සත්‍ය කෙසේ වෙතත් ඊලග ආත්මෙදි සතර අපායට යයි වගේ..
සුන්න්ද Monday, 27 February 2012 10:34 AM
ඕවට කියන්නේ හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් කියලා...