(බමුණාකොටුව - අයි.එම්.එන්. හේරත්)
රැකියාව නිමවීමෙන් අනතුරුව ජංගම දුරකතනයෙන් කතාබස් කරමින් පැමිණ වැරැදි බස් රථයකට නැග කි.මී. 13ක් පමණ වෙනත් මාර්ගයක ගොස් දැඩි අපහසුතාවට පත් වූ කාන්තාවක් පිළිබඳව බමුණකොටුව ආසන්න ප්‍රදේශයකින් වාර්තා විය.
සිද්ධිය මෙසේය, තම දරුවාට අසනීප වී ඇති බව දන්වා ස්වාමි පුරුෂයාගෙන් ලැබුණු පණිවිඩයක් අනුව කලබලයට පත්වූ ඇය නිවසට යාම සඳහා නැග ඇත්තේ වෙනත් බස් රථයකටය. එය ඇයට වැටහී ඇත්තේ කි.මී. 13ක් පමණ දුරක් යද්දීය. ඒ හේතුවෙන් ඇය නිවෙසට යද්දී වෙනදාට වඩා රෑ බෝ වී තිබිණි. බස් පරක්කු ද යනුවෙන් සිය සැමියා ඇයගෙන් අසද්දී ‘අප්පච්චි දරුවාට මොකද’ යනුවෙන් ඇය ඇසුවාය.
දරුවා හොඳින් ඉන්නවා කියූ සැමියා අද රෑ වුණේ හීනයක් දැක්කාදැයි යනුවෙන් ඇයගෙන් ඇසීය. ඇය තවත් කලබලයට පත් වී සිදු වූ දෙය සැමියාට කීවාය. දරුවාට අසනීප බව ජංගම දුරකතනට කවුරු හෝ පවසා ඇත්තේ අංකය වැරදීමකින්ය. දුරකතන පණිවිඩයක් එනවිට අංකය පරීක්‍ෂාකර බලා කතා කරන්නැයි සැමියා ඇයට කීවේය. දුරකතන පණිවුඩය ලබා දුන් පුද්ගලයාත් ඔයා වගේම කෙනෙක් වෙන්න ඇති යැයි සැමියා තවදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැරැදි කෝල් එකට කිලෝමීටර් 13ක් වැරැදි පාරක ගිහින්