IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වාරිකය ගෙවා එද්දී රූපවාහිනිය උස්සලා

ගෙවීමේ ක්‍රමයට ලබාගත් රූපවාහිනියක වාරික මුදල් ගෙවීමට නිවෙස් හිමි කාන්තාව නිවස වසා ගිය අවස්ථාවේ පිටුපස දොර කඩා ඇතුළු වී එම රූපවාහිනිය සොරකම් කර ගෙන ගිය පුද්ගලයෙක් අක්මීමන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හැට තුන් හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.


 නිවෙස් හිමි කාන්තාව දරුවා පාසලට යවා සැමියා ද රැකියාවට ගිය පසු දොරවල් වසා උදෑසන නවයට පමණ රූපවාහිනියේ වාරිකය ගෙවීම සඳහා පිටව ගොස් ඇත. නැවත උදෑසන දහයට පමණ ආපසු පැමිණ බලන විට සාලයේ තිබූ රූපවාහිනිය නොතිබූ නිසා අවට පරීක්ෂා කර තිබේ. එවිට පිටුපස දොර කඩා තිබෙනු දැක අසල්වාසීන්ගෙන් විමසීමේදී දැන ගැනීමට ලැබී ඇත්තේ සැකකරු නිවසේ සිට පොහොර උරයක් කර තබාගෙන යනු දුටු බවය.


ඒ අනුව සිද්ධිය පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සොරකම් කරන ලද රූපවාහිනිය සොයා ගැනීම සඳහා අක්මීමන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එම්.ඒ. පුෂ්පකුමාර මහතා විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

(උණවටුන ඩී.ජී. සුගතපාල)



අදහස් (0)

වාරිකය ගෙවා එද්දී රූපවාහිනිය උස්සලා

දිලන්ක Friday, 03 February 2017 12:31 AM

මේක නම් පුදුමාකාර දේශයක්! (නි)

:       0       0

ධම්මි Thursday, 02 February 2017 01:16 PM

මේ මිනිහට අගමැතිකම දෙන්න වටිනවා (බ)

:       0       0

සාමා Friday, 03 February 2017 12:31 AM

රන්සි, ඔයා හරියටම හරි (නි)

:       0       0

අජිත් Monday, 06 February 2017 02:36 PM

ධම්මි, කාලෙකට පස්සේ ඔයා හොද උත්තරයක් දීල තියෙනවා. (බ)

:       0       0

රන්සි Thursday, 02 February 2017 03:07 PM

මේ දහම් දීපයේ මෝඩ ගැහැණු ඕනේ දේටත් නැති දේටත් දේශපලනය ගාවා ගන්නවා. (බ)

:       0       0

අජිත් Thursday, 02 February 2017 09:30 AM

අනේ හැබැටම මෙහෙමත් මිනිස්සු. මේ මිනිහට මොකක්ද දෙන්න ඕනේ දඩුවම? (ර)

:       0       0

ඇසළ Friday, 03 February 2017 04:48 AM

රන්සි, සාමා, කටු සූප්පු කරන කෝණයෙන් බලන්නේ නැතුව, නියම හදවතට එකඟ කෝණයෙන් බලන්න. මේකත් හරියටම මහබැංකුවට දුන්න ගේම වගේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site