(පැල්මඩුල්ල ඉන්දික නිරෝෂණ)
බස් රථයේ වාරික නොගෙවීම නිසා බස් රථය රැුගෙන යාමට පැමිණි මුුුල්‍ය සමාගමේ පිරිසට බස් රථය ලබා නොදී ගියර් පොල්ල අතට ගෙන දිව ගොස් බස් රථය බේරාගත් රියැදුරකු පිළිබඳව අපුරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා විය.
සිද්ධිය මෙසේය.
පෞද්ගලික බස් රථයක් වන මෙය මුල්‍ය සමාගමක ණය පහසුකම් මත ලබාගෙන ඇත. ණය මුදල නිසි ලෙස නොගෙවීම නිසා මුල්‍ය සමාගම මගින් බස්රථය ඔවුන් සතුකර ගැනීමට කණ්ඩායමක් පිටත් කර ඇත.
බස්රථ රියැදුරා මේ තත්ත්වය කලින්ම දන්නා නිසා බස් රථයේ ගියර් පොල්ල ගැලවීමට හැකි පරිදි සකස් කර ගෙන ඇත. දිනක් බස් රථය ධාවනය කරමින් තිබියදී හදිස්සියේම බස් රථයට මුල්‍ය සමාගමේ පිරිස ගොඩවැදී ඇත.
සිද්ධිය දැන සිටි රියදුරා එකවරම බස්රථය නවතා ගියර් පොල්ල ගලවා ගෙන පාරට පැන දිවගොස් ඇත. බස් එකට හොරු පැන්නා බේරා ගනියෝ යනුවෙන් කෑ ගසමින් පාර දිගේ දුවයන රියැදුරා දුටු ගම්වාසීන්් බස්රථය රැුගෙන යාමට පැමිණි පිරිසට ගුටි බැට ප‍්‍රහාර එල්ල කර ඇත. අවසානයේ ඔවුන් පණ බේරාගෙන දුවන්නට පටන් ගෙන ඇත. බස්රථය ඔවුන්ගෙන් මුදාගත් පසු රියැදුරා පැමිණ ගම්වාසීන්ට ස්තුතිය පළ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවන මෙහෙයවා ගැටළු විසඳා ගැනීමට කටයුතු කල මේ රියදුරු මහතා බොහොම වටිනා පුද්ගලයෙක්. කිසිම ජීවිත හෝ දේපල හානියක් නැතිව ප්‍රශ්නයට නිවැරදි විසඳුම දී ඇති ආකාරය ඉතාමත් ප්‍රශංසනීයයි. ඔහුව ආදර්ශයට ගැනීම වරදක් නොවෙයි.
බොරුද මන්දා??
ඉතින් ඊට පස්සේ?????????