IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වාරික නොගෙවූ බසය උස්සන්න ආවාම රියැදුරු අමුතු පොතක් දාලා

(පැල්මඩුල්ල ඉන්දික නිරෝෂණ)
බස් රථයේ වාරික නොගෙවීම නිසා බස් රථය රැුගෙන  යාමට පැමිණි මුුුල්‍ය සමාගමේ පිරිසට බස් රථය ලබා නොදී ගියර් පොල්ල අතට ගෙන දිව ගොස් බස් රථය බේරාගත් රියැදුරකු පිළිබඳව අපුරු පුවතක් දකුණු පළාතෙන්  වාර්තා විය.
සිද්ධිය මෙසේය.
පෞද්ගලික  බස් රථයක් වන මෙය මුල්‍ය සමාගමක ණය පහසුකම් මත ලබාගෙන ඇත. ණය මුදල නිසි ලෙස නොගෙවීම නිසා මුල්‍ය සමාගම මගින් බස්රථය ඔවුන් සතුකර ගැනීමට කණ්ඩායමක් පිටත් කර ඇත.
බස්රථ රියැදුරා මේ තත්ත්වය කලින්ම දන්නා නිසා බස් රථයේ ගියර් පොල්ල ගැලවීමට හැකි පරිදි සකස් කර ගෙන ඇත. දිනක් බස් රථය ධාවනය කරමින් තිබියදී හදිස්සියේම බස් රථයට මුල්‍ය සමාගමේ පිරිස ගොඩවැදී ඇත.
සිද්ධිය දැන සිටි රියදුරා එකවරම බස්රථය නවතා  ගියර් පොල්ල ගලවා ගෙන පාරට පැන දිවගොස් ඇත. බස් එකට හොරු පැන්නා බේරා ගනියෝ යනුවෙන් කෑ ගසමින් පාර දිගේ දුවයන රියැදුරා දුටු ගම්වාසීන්් බස්රථය රැුගෙන යාමට පැමිණි පිරිසට ගුටි බැට ප‍්‍රහාර එල්ල කර ඇත. අවසානයේ ඔවුන් පණ බේරාගෙන දුවන්නට පටන් ගෙන ඇත. බස්රථය ඔවුන්ගෙන් මුදාගත් පසු රියැදුරා පැමිණ ගම්වාසීන්ට ස්තුතිය පළ කර ඇත.



අදහස් (4)

වාරික නොගෙවූ බසය උස්සන්න ආවාම රියැදුරු අමුතු පොතක් දාලා

Sisira Friday, 21 April 2017 03:26 AM

නුවන මෙහෙයවා ගැටළු විසඳා ගැනීමට කටයුතු කල මේ රියදුරු මහතා බොහොම වටිනා පුද්ගලයෙක්. කිසිම ජීවිත හෝ දේපල හානියක් නැතිව ප්‍රශ්නයට නිවැරදි විසඳුම දී ඇති ආකාරය ඉතාමත් ප්‍රශංසනීයයි. ඔහුව ආදර්ශයට ගැනීම වරදක් නොවෙයි.

:       3       21

Lakvidu Sunday, 23 April 2017 01:32 AM

බොරුද මන්දා??

:       2       8

සෙනෙවි Monday, 24 April 2017 04:46 PM

මට හිතෙන්නෙත් මේක බොරුවක් වෙන්න ඇති

:       0       50

saman Sunday, 30 April 2017 03:43 AM

ඉතින් ඊට පස්සේ?????????

:       9       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site