IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ව්‍යාපාරිකයාගේ උපන්දින සාදයට අම්මාගේ නමින් අපූරු තෑග්ගක්

ජීවන ගමනේ අඩසියවසට පැමිණි ව්‍යාපාරිකයකුගේ උපන්දින සාදයකි. පැවතුණේ ගෙවුණු වසරේ අග සතියේ දිනකය. දන්නා අඳුනන අය මෙන්ම අසල්වාසීහුද මේ සැමරුම් උත්සවයට ආරාධනා ලැබ සිටියහ. තෑගිබෝග පාර්සල් රැගෙන ආ ආරාධිතයෝ ව්‍යාපාරිකයාට දිගාසිරි පතා සුභ පැතූහ. පැමිණි පිරිස දිවා ආහාරයෙන්ද සප්පායම් වී ආපසු ගියේ සතුටිනි. ව්‍යාපාරිකයා සැඳෑවේ බිරිය හා දරුවන් සමග ත්‍යාග පරීක්‍ෂා කරන්නට විය. රුපියල් දහස දෙදහස වටිනා ත්‍යාග පාර්සල් අතරේ පුංචි පාර්සලයක්ද තිබිණි. එහි වූයේ කුඩා දරුවන් සඳහාම වෙන්වූ සුවඳ සබන් කැට දෙකකි. ඒ පාර්සලයේ සුභ පැතුම් පතක්ද විය. ”සුභ උපන් දිනයක් වේවා”. ඔබ තවමත් මගේ චූටි පුතාමයි. මීට අම්මා යනුවෙන් එහි සඳහන් විය. ව්‍යාපාරිකයාගේ අම්මා මේ අවස්ථාවට සහභාගී නොවුවත් මවට ආරාධනා නොකිරීම පිළිබඳව උරණවූ අසල්වැසියන් මේ ත්‍යාගය දී ඇතැයි පසුව හෙළිවිය. ආ මාමේ බේබි සබන් ගෑවාදැයි ගමේ දරුවන් ඔහුගෙන් අසද්දී මුවෙන් නොබැණ දැන් කාලය ගත කරන්නේ සිය මව අමතක කිරීමෙන් සිදුවූ අවනම්බුව එයින්වත් වසා ගන්නා අටියෙනි.



අදහස් (0)

ව්‍යාපාරිකයාගේ උපන්දින සාදයට අම්මාගේ නමින් අපූරු තෑග්ගක්

ජයී Monday, 02 January 2012 08:08 PM

මිළ මුදල් ඇති ව්‍යාපාරිකයා ලද වටිනාම තෑග්ග එයයි.

:       0       0

වසන්ති කුසුම් Tuesday, 03 January 2012 04:12 PM

අම්මට සලකන්න අමතක වෙන අයට හොද පාඩමක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site