දුවගේ දීගය හරි ගිය හොත් මනමාලයාට දීමට පොරොන්දු වී සිටි දෑවැද්දෙන් සියයට දහයක් කපු මහතාට දීම වැළැක්වීමට පෙම්කළ තරුණයා සමග දුවට පැන යාමට ඉඩ සැලසූ ව්‍යාපාරික පියකු ගැන දකුණු පළාතේ ගාල්ල දිසාවේ ජනප‍්‍රිය ගම්මානයකින් වාර්තා විය.
ප‍්‍රසිද්ධ කපු මහතෙකු වන ඔහු මෙම ජෝඩුවේ මංගල්‍ය සිදු කිරීමට දෙපාර්ශ්වයේ එකඟතාව මත දින නියම කරගෙනද තිබුණි.
සිද්ධියට මුහුණ පෑ කපු මහතා පසුගිය දිනක රාත‍්‍රී ගාල්ලේ කලේගාන ප‍්‍රදේශයේදී තමාට මුහුණු පෑමට සිදුවූ අපුරු සිද්ධිය මෙසේ සිහිපත් කළේය.
මංගල්ලේ කෙරෙන්න ඔන්න මෙන්න දින තියෙද්දී පැනලා ගිය කෙල්ල හොඳ සල්ලිකාර මුදලාලි කෙනෙකුගේ දුවක්. වැඬේ කළේ මං ලක්ෂ දහයක දෑවැද්දක් දෙන්න මුදලාලි පොරොන්දු වෙලා තිබුණා. කොල්ලත් හරි හොඳයි. දේන්නගේ ආදරය නැගලා ගියා. කොල්ලා කෙල්ලගේ ගෙදරට ආවා ගියා.
ටික දවසක ඉඳලා කෙල්ල පේන්න හිටියේ නැහැ. මං ඒ ගෙදරින් ඇහුවාම නැන්දලාගේ ගෙදර ගියාය කියනවා. මට මේකේ පොඩි සැකයක් මතුවෙලා දවසක් පාන්දර කොල්ලගේ ගෙවල් පැත්තේ බයිසිකලයකින් ගිහින් විපරම් කර බැලූවා.
නිවෙස ඉදිරිපිට ඔබ මොබ ඇවිදින කපු මහතා දුටු තරුණයා ඔහු කැඳවා ගෙන නිවෙසට ගියේ ඉන් පසුවය. ඔන්න බඩු කාමරේ ඉන්නවා යැයි තරුණිය සිටි කාමරය පෙන්නා තරුණයා එම ස්ථානයෙන් මදකට ඈතට ගියේය. කපු මහතා දොරට තට්ටු කොට දොර විවර කර ගත්විට දීග යන්නට සිටි තරුණිය සිනාසෙමින් එළියට පැමිණියාය.
මොකද මේ යැයි ඇගෙන් කපු මහතා විමසූවිට ඕවා ඔහොම තමයි අංකල්. හිතුනා. ආවා. අපි හොඳින් යැයි තරුණිය කීවාය.
කපු මහතා ඉන් පසු ඔහුට සිදුවූ අසාධාරණය තරුණිය ඉදිරියේ කියා සිටියේය. පොරොන්දු වූ දෑවැද්දෙන් සියයට දහයක මුදල තමන්ට ලැබිය යුතුබව කපු මහතා තරයේ කියා සිටියේය. ඒ කතාව අසා තරුණියට තරු වීසි විය.
මගුල් දෑවැද්දක් මට තාත්තා දුන්නේ නැහැ අංකල්. මං එයත් එක්ක රෑක බයික් එකේ නැගලා ආවා. හෙට අනිද්දා දෙපැත්තේ අයට පොඩි පාටියකුත් දෙනවා. අංකලූත් එන්නැයි ඇය කපු මහතාට ආරාධනාවක්ද කළාය. මේ මංගල්‍ය සැලසුම් කළේ තමා නිසා තමාට මුදලක් ලැබිය යුතු බව කපු මහතා ඒ අවස්ථාවේදී තරුණියට ඇවිටිලි කරන්නට විය.
නිවෙස තුළට ගිය තරුණ මනාල යුවළ රුපියල් පන්දහසක මුදලක් රැගෙන විත් කපු මහතාගේ අත තැබීය. කපු මහතා එයද රැගෙන පාපැදියට නැගී ඉගිලී නිවෙස බලා පිටත් විය. දුවට දෙන දෑවැද්දෙන් තමාට ලැබෙන සියයට දහයේ කොමිස් මුදල නොදීමට තරුණියගේ පියා මේ උපක‍්‍රමය යෙදු බව කපු මහතා තවමත් විශ්වාස කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙඩිම දකිද්දීම හිතුව. මම හිතුව මගේ අනුමානය හරි (දී)
අර පාලමෙන් එහා ඉන්න අය ඔහොම තමයි (නි)
දැන් ඉන්න කපු මහත්තුරුන්ගේ ගැන ඇහුවම කොහොමත් පැනල යන එක ඇඟට ගුණයි. (නදී)
වංචාවල පැතුම් ගේ කතාව මමත් අනුමත කරනවා. ඒක කවුරුත් දන්නා ප්‍රසිද්ද රහසක් නේ. (නදී)
තාත්තා මොළ කාරයා (දී)
කොහොමද තාත්තාගේ මොලේ . හොර තක්කඩි කපුවන්ට නම් ඔහොම කරල මදි.දෙපැත්තටම පට්ටපල් බොරු කියලා ගාණ කඩා ගන්න එක තමයි ඔය හොරුන්ගේ රස්සාව (දී)
අපෝ ඔය මගුල් කපුවන්ව සත පහකට විස්වාස කරන්න බැහැ. මගේ ඥාති සොයුරෙකුට නුවර පලාතෙන් යෝජනාවක් ස්ථිර වුනා. දෙපැත්තේම අවසරය මත තරුණිය බලන්න සති අන්තයේ සොහොයුරා ඇගේ ගෙදරට ආව ගියා. කපුවා කියලා තිබුනේ තරුණියට අසවල් සුපවේදී මහතාටත් වඩා ඉවුම් පිහුම් පුළුවන් කියලා. ඇත්තටම ගෙදර රසවත් කෑමත් උයා තිබෙනවාලු. බැන්දට පස්සේ තමා දැන ගෙන තියෙන්නේ තරුණියට උදේ නැගිටලා තේ එකක් වත් හදන්න බැරි කෙනෙක් කියලා. අර රස කෑම ඔක්කොම හදල තියෙන්නේ තරුණියගේ නෑනා. (නදී)
සන්ග්ලාස් දමපු ලොකු බළලෙක් ඉන්නවා නම් සලකා බලන්නම්. හොදේ චන්දි (නදී)
බෙන්තර ගඟෙන් එහා පැත්තේ වේ වගේ දේවල් හරි සුලබයි. කට්ටකමක්, තව කාව හරි පාගාගෙන ඉදිරියට යන්න වෙහෙස දැරීමක් මේ පැතිවලට පොදු දේවල්. බොරුවට සිල් රැකීමත් කරනවා (නදී)
බෙන්තර ගගෙන් එහා ඇස් ඇරපු නැති බළල් පැටියෙක් වත් ගේන්ට එපා කියල සිංහලයේ ප්‍රසිද්ධ කියමනක් පහන්දී අහල නැහැ? (අ)
ඔයින් ගියා මදැයි ! මම හිතුවේ කපුවා කෙල්ලව උස්සල කොමිස් මුදල දෙනකල් කෙල්ලව හංගයි කියල (දී)
දැන් පැතුම්, ඔයාගේ ගම් පළාතත් බෙන්තර පාලමෙන් එහා පැත්තෙනේ, මම නිකමට කිවේ වංචාවල පැතුම් කියල තියෙන නිසා, කොහොමද යටගල පන්සල එහෙම දැන් දියුණුද....? (නදී)
වංචාවල පැතුම්ගේ පැතුම් වලට වංචාවක් කරල වගේ වංචාවල කෙනෙක්, පතුම් වගේ නපුන්සක අයත් දැන් රටේ හැම තැනම (නදී)
අනේ පද්මිණි, මම ඒ කතාව අහලා තියෙනවා. අපි දැන් අලුත් ක්‍රමයක් හොයාගත්තා. කොහොමද දන්නවද? සන්ග්ලාස් දෙකක් බළල් පැටියට දාලයි දෙන්නේ. කැමතිද ගන්න? විහිළු කරලා තරහගන්න කාරි නැහැ (නි)
අනේ කපු මහත්තයෝ මටත් කොහෙන් හරි මනමාලියෙක් හොයල දෙන්නකෝ .. මමත් දෙනවා 20% (නදී)