මහ ගෙදර තනිව ජීවත්ව සිටි මහලු පියා මියගිය පසු ඔහු සන්තකයේ තිබුණු මුදල් පසුම්බිය සොරා ගනගිය අපූරු පුතෙකු පිළිබඳ තොරතුරු දකුණු පළාතේ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි.
පුතුන් දෙදෙනෙකු හා දියණියකගේ දරු සුරතල් බැලූ මේ තාත්තාගේ බිරිඳ මීට වසර හයකට පමණ පෙර දිවියෙන් සමුගෙන තිබුණි. එතැන් පටන් තනිවම සිය නිවසේ ගතකළ මෙම පියා පුලුවන් කාලයේ බතක් මාළුවක් උයාගෙන කා අහල පහළ වෙසෙන දූ දරුවන්ගේ ගෙවල් වලටද යමින් එමින් මුණුබුරු මිණිබිරියන්ගේද සුරතල් බලමින් සතුටින් කල් ගෙවූයේය.
මහලුව අතපය වාරුනැතිව ගියකල දරුවන් දෙන දෙයක් කාබී දිවි රැකගැනීමට ඔහුට සිදුවිය. දරුවන් තිදෙනා පියාගේ කෑම සැපයීම කාලසටහනකට අනුව බෙදාගෙන තිබූ අතර උදෑසන තේවේල හා කෑම බාරගෙන තිබුණේ නිවස ආසන්නයේම වෙසෙන දෙවැනි පුතාය. ඔහු ස්ථිර රැකියාවක් නැති මත්පැනටද ලොල් වූ අයෙකි. ලොකු පුතාත් දියණියත් මහගෙදරට නුදුරුව ජීවත් වන අතමිට සරුවූවෝ වෙති. දිවා හා රාත්‍රි ආහාර ඔවුන් දෙදෙනා බාරගෙන තිබුණි.
පසුගිය දිනෙක දෙවැනියාගේ බිරිඳ සිය මාමණ්ඩියට උදෑසන තේ වේල රැගෙන පැමිණියද ඔහු කතා කළද නැගිටින්නේ නැති නිසා ඒ බව සැමියාට දන්වා ඇත. පුතා පැමිණ බලනවිට ඔහුට පියා මියගොස් ඇති බව තහවුරු වී ඇත.
ඔහුගේ දැනුම්දීමට අනුව පැමිණි ලොකු පුතාත් දියණියත් සාකච්ඡා කොට ග්‍රාමනිලධාරිවරයා කැඳවා දේහය මල්ශාලාවක් වෙත පිටත්කර හැරියේය.
නිවසට රැස්ව සිටි අසල්වැසියෝ අවමංගල උත්සවයට සූදානම් වූහ. පැමිණ සිටි අසල්වැසියෙක් ‘‘පෙරේදා මාමණ්ඩි අස්වැසුමත් අරන් ආව. ඒ සල්ලිත් ළඟ තියෙන්න ඇතැ”යි කීවේය.
ඒ කතාවට පස්සෙ තමයි කාටත් මතක්වුනේ මියගිය පුද්ගලයාගෙ මුදල් පසුම්බිය ගැන. එහිදී මුලින්ම පැමිණි දෙවෙනියාගෙන් ඒගැන විමසූ අතර ඔහු ඒ බවක් දන්නේ නැතැයි පැවසීය. ඔහු ගැන දන්නා සහෝදරයාත් නංගීගේ සැමියාත් එකවර පැන දෙවෙනියාගේ බෙල්ලෙන් අල්ලාගෙන “මැරුම් නොකා තාත්තගෙ සල්ලි දීපන් ” කියන විටම
‘‘දෙන්නං දෙන්නං ගහන්න එපා ” යැයි හඬා වැටෙමින් ඉණේ සඟවාගෙන තිබුණු මුදල් පසුම්බිය ලබාදී ඇත.
‘‘මෙයාට දැන් මේ තාත්තගෙ මරණෙ වැඩටත් දෙන්න සතපහක්වත් අතේ නෑ. එහෙම එකේ මූ තාත්ත ළඟ තිබුණු එකත් හංගගෙන. තෝ ආයෙ මෙහේ නාවට කමක් නෑ” යි කියා අයියා මල්ලීට දෝපාරෝපණය කර ඇත.
මියගිය පියාගේ දේහය නිවසේ තැන්පත් කර තිබූ දින දෙක තුළද මේ පුත්‍රයාගේ මුහුණ දකින්නට නොලැබුණු අතර පාංශුකූලය දෙන අවස්ථාවේද ඔහු දකින්නට නොසිටි බව අවමංගල උත්සවයට සහභාගිවූවෝ පවසති.
පෝද්දල සරත් ආනන්ද
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
වියපත් පියා දිවියෙන් සමුගනිද්දී පුතා පොකැට්ටුවට විදලා