එකම පුතා සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත්වූ ආරංචිය ලද පියා තෑග්ගට රුපියල් තිහක රතිඤ්ඤා පෙට්ටියක් රැගෙන නිවෙසට ආ පුවතක් රජයේ ගොවිපොළ සමීපයේ ගම්මානයකින් වාර්තා වේ.
පියා දුර බැහැර රැකියා ස්ථානයක කල් ගෙවන අතර නිවෙසට එන්නේ දෙසතියකට වරක් පමණය. ඒ ආවත් කිසිදා නිවෙසේ කුදු මහත් කටයුත්තක් ගැන හෝ සොයා බලන්නට ඔහු කටයුතු නොකරයි. මිතුරන් හා මතින් සප්පායම්වීම ඔහුගේ නිවාඩුවේ චර්යාවකි.
පියා පුතාගේ පාසලට කිසිදා ගොස් නැත. සියල්ල කෙරුණේ මව අතිනි. ඇගේ සිල්ලර කඩයේ ආදායම යෙදවූයේ දරුවාගේ යහපත උදෙසාමය. පියා ඉඳහිට නිවෙසට කෑමට යමක් ගෙනාවත් කිසි විටක වියදමට මුදලක් මවට දුන්නේ ද නැත. පුතා උපකාරක පන්ති ගියත් ඒ කොහාටදැයි කියන්නට මේ පියා දැන සිටියේ ද නැත.
මේ අතර පසුගිය දා විභාග ප‍්‍රතිඵල ආවේය. පුතා සමත්විය. මව ඔහු ආදරයෙන් වැළඳ සුබ පැතුවේ තෑගි දෙන්නට වත්කමක් ඈ අත නොවු බැවිනි. තම ජයග‍්‍රහණය පියාට කියන්නට පුතා හෝ මව ක‍්‍රියා කළේ නැත. ඒ ඔහුගේ තරම දන්නා නිසාය.
සති අන්තයේ පියා නිවාඩුවට ගමට ආයේය. පුතාගේ ජයග‍්‍රහණය පිළිබඳව ආරංචි විය. ආපසු නගරයට ගිය ඔහු පුතා වෙනුවෙන් රුපියල් තිහකට රතිඤ්ඤා පෙට්ටියක් මිලදී ගෙන තැබෑරුමට ගියේය. තුන් දහසක පමණ මුදලක් ඒ ගමනට ඔහුට වැය විය. සියල්ල රැගත් හෙතෙම නිවෙසට විත් පුතාට සුබපතා රතිඤ්ඤා පෙට්ටිය තෑගි කර මිතුරන් ගෙන්වා ගෙන රැය පහන්වන තුරු සතුට පළ කරන්නට වූයේය.
මැදියමත් පසුවී ඇතත් මේ කරච්චලය ඉවසාගත නොවුණු පුතා පියා සමීපයට ගියේය. ”අනේ තාත්තේ මං පේල් වුණා නම් මීට වඩා හොඳයි.” කියා රතිඤ්ඤා පෙට්ටිය කඩා ගිනි දැල්වූයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්රු උනත් කමක්නෑ පුතේ..! ඔයාගේ නුගත් දෙමාපියන්ට ඔබ ආදර්ශයක් වෙන්න! කිසිදේකට සැලෙන්න එපා .. එම පියාට සතුට දැනුන විදිය වියහැකියි..? (ස)
බැලුවම තාත්තා වැරදිත් නැහැ, හරිත් නැහැ... (නි)
මම මෙතෙන ඉන්නේ අම්මා තාත්තා කරලා දුන්නු දෙයකින් නොවේ. මගේ උත්සාහයෙන්.(නදී)
රතිඤ්ඤා පත්තු කරන්න තරම්වත් වාසනාවක් මට ලැබිල නැහැ. මගේ පුතේ ඔයාට ජයෙන් ජය ! (ස)
රුපියල් තිහේ රතිඤ්ඤා කොහෙද දන්නේ නැහැ තියෙන්නේ ? (නි)
මෙහෙමත් මිනිස්සු (දී)
මගේ තාත්තා මට ඔහොමම කරා නමුත් මම උපාධියත් ගත්ත දැන් ඉන්නේ ඔස්ට්‍රලියවේ මගේ පුතාට මම ඒවා විදින්න කවදාවත් ඉඩ දුන්නේ නැ මගේ පුතා දැන් උපාදිය කරනවා ඔය පුතාත් මම වගේ හොදට ඉගන ගන්න බොන තාත්තා ල හම්බුවෙන්නේ අපේ පෙර පවකට.(නදී)
අනේ තාත්තේ රතින්ඥා පෙට්ටියට ගොඩක් පින්! මම ගිය උපකාරක පන්තියට ඔබත් ගිහින් පාඩමක් ඉගෙනගෙන දැන්වත් හොඳ පියෙක් වෙන්න උත්සහ කරන්නකෝ පින් අත්වෙයි. මේ- දක්වා මට උදව්කල අම්මට අඩු වශයෙන් නිලා පෙට්ටියක් වත් ගෙනත් දෙනවා නම් මතු ඔබ නිවන්දකී!(නදී)
එම පියා ගැන ඔබ විවේචනය කිරීම වැරදියි. ඇත්තටම ඒ පියා තම දරුවාගේ ජයග්‍රහණය ගැන සතුටු උනා. ඒ ඔහු දැන උගත් මට්ටම අනුව. එත් එකෙන් තම දරුවාව සතුටුකරන්න බැරිබව ඔහු දන්නේ නැහැ. මේ සමාජ ක්‍රමය අපි වෙනස් කරන්න ඕන. එත් දැන් මතට තිතත් මැරිලා. දැන් අයෙත් එතනෝල් ගෙන්න පුළුවන්.(නදී)
කමල් , කව්ද පුංචි අම්මාද අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ වෙනකන් බලගත්තේ. පොඩිකාලේ කන්න බොන්න දුන්නේ.(නදී)
මොකක්ද එකේ ඇති වැරැද්ද .සාමාන්‍ය දෙයක් . එයා ළමයාගේ තාත්තා.(නදී)
පියෙකු වශයෙන් ඔහුගේ හැසිරීම හොඳ මදි. දෙමාපියන් දරුවන් විෂයෙහි මීට වඩා යහපත් චරියාවන් ඇත්තන් විය යුතුයි. (නි)
වරුණ ඔයාගේ ගම කොහෙද ? තාත්තා ලංකාවේද ? (ස)
රන්දි තමයි නියම අරුත පහදලා තියෙන්නේ. පුතේ ඔබගේ පියාට සතුට දැනුන විදිහ තමයි පෙන්නුම් කලේ. ඒ ඔබේ තාත්තා.අපේ රටේ මෙවැනි අවස්ථාවල සතුට දැනිලා රතිඤ්ඤා දුන්න පියවරුන් අනන්තයි. අප්‍රමාණයි. (ස)
ගොඩාක් වටිනා දෙයක්නේ ගෙනත් දීලා තියෙන්නේ (දී)
මටත් මතකයි හොදට මගේ අතීතය... (නි)
තාත්තා ඔච්චර බොන්නේ අම්මාගේ කට සැර හින්දද? (නි)
පුතා අවුරුද්දට හොද ප්‍රතිඵල ගෙනත්. ඉතින් කාටද සතුටු නැත්තේ?(නදී)
මම දන්නා බේබදු පියෙක් තමන්ගේ දරුවා විභාගෙට යන්න කලින් දවසේ රුපියල් දහයක් ඉල්ලුවම දුන්නේ නැහැ. එත් දෙසීයක විතර බිව්වා. මේ වගේ මිනිස්සු රටට බරක් දරුවන්ට කරදරයක්. (නි)
මෙහෙමත් පියවරු.
බේබදු පියෙක්. (නි)
බේබදුකම නතරකරන්න කවුරුවත් පියවර ගන්නේ නැහැ. තව තවත් කැබෑරුම් වලට බලපත්‍ර දෙනවා. (නදී)
කමල්, දෙමුපියන්ගේ වැරදි තිබුන කියල එයාලට අපහාස කරන එක වැරදියි. අඩුම ගානේ ඔයා සන්තෝස වෙන්න ඕනේ ඔයාව මේ ලෝකෙට ගෙනාව එකට.(නදී)
දෙමවිපියන් කියන වචනයට නියම අර්ථයක් නොමැතිව දෙමුවිපියන් වීමත් ඇතම් විට සංශෝදනයකට ලක් වියයුතු කාලීන මාතෘකාවක් විය යුතුය.(නදී)
අපේ පුංචි කාලෙත් විභාගන් පාස් කිව්වම තාත්තලා රතිංඥා ගෙනත් දුන්නා මතකයි. හැබැයි ඒ 50 දශකයෙදි. මේ තාත්තටත් එයාගේ පාසැල් කාලේ මතක් වෙලා තියෙනවා.(නදී)