කඩ කුලී නොදී පැන ගොස් සිටි අයකුගෙන් කඩ කුලී ඉල්ලීමේදී කඩ හිමියා තම බඩු මුට්ටු සොරා ගත්තා යැයි ලක්‍ෂ දහයක වන්දියක් ඉල්ලා කඩ හිමියාට එරෙහිව පොලිසි යෑමේ සිද්ධියක් කොස්ගොඩ පොලිස් වසමෙන් වාර්තා විය.
කොස්ගොඩ පොලිස් වසමට අයත් ඉඳුරුව ප‍්‍රදේශයේ කඩ කාමර කීපයක් ආපනශාලාවක් පවත්වාගෙන යාම සඳහා කඩ හිමියා පිටස්තර අයෙකුට බදු දී තිබුණි. ආරම්භයේදී කඩ කුලිය නියම ලෙස ගෙවූ මුත් පසුව එය මග හරින්නට විය. හිටිහැටියේම ආපන ශාලාව පවත්වාගෙන ගිය අය මාස ගණනක කඩ කුලිය නොගෙවා කඩය වසා දමා අතුරුදන්විය. මේ නිසා කඩ හිමියා ආපන ශාලාවට සීල් තබා ඉබි යතුරු දැමීය. වසරක් වැනි කාලයක් බලා සිට යළි කඩයේ දොර ගුල විවෘත කළ කඩ හිමියා එය අලූත්වැඩියා කොට වෙනත් අයෙකුට ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා කුලියට දී තිබේ.
මෙය ආරංචි වූ වහාම පොලීසියට පැමිණි ආපන ශාලාව කලින් පවත්වාගෙන ගෙන ගිය කඩකාමර කුලිය නොදී මග හැරී අය කඩ හිමියාට එරෙහිව බොරු පැමිණිල්ලක් කොට ඇත.
ආපන ශලාවේ තිබූ තමාට අයත් උපකරණ හා බඩු භාණ්ඩ ලක්‍ෂ දහයක පමණ දේපොළ කඩ අයිතිකරු සොරාගෙන ඇති බවත් ඒ සඳහා ලක්‍ෂ දහයක වන්දියක් ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා තිබේ.
මෙම කඩ පෙළ අයිතිකරුවන් පොලීසිය ඉදිරියේ සැබෑ තත්ත්වය හෙළිකර සිටියදී කඩකුලි නොදී මඟ හැරි අය නිරුත්තර වී ඇති අතර ප‍්‍රශ්නය උසාවි නොගොස් ගොඩින් බේරා ගන්නැයි පොලිස් ස්ථානාධිපතිවරයා දෙපාර්ශවයටම උපදෙස් දී ඇත. කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක මහින්ද කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පුතාට මම පොලිස් නිලධාරියෙක්ව පෙන්නල්ල එයාගේ රාජකාරි කියල දුන්න .අපේ පුතා කියනවා ඒ පොලිස් නිලධාරියෙක් නෙමේ ලු .මම ඇහුව ඇයි කියල ?පුතා කියනවා කෝ ඉතින් බඩ ලොකු නැහැ නේ එයාගේ කියල .කොහෙන් ඉගෙනගෙනද මන්ද ? (අ)
පොලිස්යත් නීතිය හරියට දන්නෙ නෑ (අ)
"බොරු පැමිණිල්ලක් දැමීම" කියන චෝදනාව උසාවි නොගිහින් ගොඩින් බේරාගන්න අවස්ථාව ලබාදීමෙන් මට නම් පෙනෙන්නේ පොලිසිය පක්ෂග්‍රාහී විදියට කටයුතු කරන බවයි. ගෙවල් කුලිය නොගෙවීම ගොඩින් බේරාගන්න ඉඩදිය හැකිවුණත් බොරු පැමිණිල්ලකින් පොලිසිය නොමඟ යවා යමෙකු අමාරුවේ දැමීමට තැත්කිරීම ගැන තීන්දුවක් දියහැක්කේ උසාවියට පමණයි. (නි)
පොලිස් නිළධාරීන් පොඩි ඇඳුනුම් කමක් තිබුණොත් කවදාවත් සාදාරන විදියට ප්‍රශ්නයක් සමථයකට පත් කරන්නේ නැහැ , ඒ නිසාම මිනිස්සුත් දැන් පුරුදු වෙලා ඉන්නේ අඩුම තරමේ පලා බබෙක් ලවුව හරි කෝල් එකක් දෙල්ල පොලොසියට යන්න (අ)
ඔය වැනි අවස්ථා වලදී කඩ හිමිය මුලින්ම පොලිසියේ පැමිණිල්ලක් දමල තිබුන නම් බොරු චෝදනා වලින් බේරෙන්න තිබුන (බ)