කඩ කුලී නොදී පැන ගොස් සිටි අයකුගෙන් කඩ කුලී ඉල්ලීමේදී කඩ හිමියා තම බඩු මුට්ටු සොරා ගත්තා යැයි ලක්‍ෂ දහයක වන්දියක් ඉල්ලා කඩ හිමියාට එරෙහිව පොලිසි යෑමේ සිද්ධියක් කොස්ගොඩ පොලිස් වසමෙන් වාර්තා විය.
කොස්ගොඩ පොලිස් වසමට අයත් ඉඳුරුව ප‍්‍රදේශයේ කඩ කාමර කීපයක් ආපනශාලාවක් පවත්වාගෙන යාම සඳහා කඩ හිමියා පිටස්තර අයෙකුට බදු දී තිබුණි. ආරම්භයේදී කඩ කුලිය නියම ලෙස ගෙවූ මුත් පසුව එය මග හරින්නට විය. හිටිහැටියේම ආපන ශාලාව පවත්වාගෙන ගිය අය මාස ගණනක කඩ කුලිය නොගෙවා කඩය වසා දමා අතුරුදන්විය. මේ නිසා කඩ හිමියා ආපන ශාලාවට සීල් තබා ඉබි යතුරු දැමීය. වසරක් වැනි කාලයක් බලා සිට යළි කඩයේ දොර ගුල විවෘත කළ කඩ හිමියා එය අලූත්වැඩියා කොට වෙනත් අයෙකුට ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා කුලියට දී තිබේ.
මෙය ආරංචි වූ වහාම පොලීසියට පැමිණි ආපන ශාලාව කලින් පවත්වාගෙන ගෙන ගිය කඩකාමර කුලිය නොදී මග හැරී අය කඩ හිමියාට එරෙහිව බොරු පැමිණිල්ලක් කොට ඇත.
ආපන ශලාවේ තිබූ තමාට අයත් උපකරණ හා බඩු භාණ්ඩ ලක්‍ෂ දහයක පමණ දේපොළ කඩ අයිතිකරු සොරාගෙන ඇති බවත් ඒ සඳහා ලක්‍ෂ දහයක වන්දියක් ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා තිබේ.
මෙම කඩ පෙළ අයිතිකරුවන් පොලීසිය ඉදිරියේ සැබෑ තත්ත්වය හෙළිකර සිටියදී කඩකුලි නොදී මඟ හැරි අය නිරුත්තර වී ඇති අතර ප‍්‍රශ්නය උසාවි නොගොස් ගොඩින් බේරා ගන්නැයි පොලිස් ස්ථානාධිපතිවරයා දෙපාර්ශවයටම උපදෙස් දී ඇත. කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක මහින්ද කරුණාරත්න මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වඳින්න ගිය දේවාලය කඩහිමියාගේ හිස මත
පහන් Saturday, 13 June 2015 05:42 AM
අපේ පුතාට මම පොලිස් නිලධාරියෙක්ව පෙන්නල්ල එයාගේ රාජකාරි කියල දුන්න .අපේ පුතා කියනවා ඒ පොලිස් නිලධාරියෙක් නෙමේ ලු .මම ඇහුව ඇයි කියල ?පුතා කියනවා කෝ ඉතින් බඩ ලොකු නැහැ නේ එයාගේ කියල .කොහෙන් ඉගෙනගෙනද මන්ද ? (අ)
අසාද් Saturday, 13 June 2015 06:35 AM
පොලිස්යත් නීතිය හරියට දන්නෙ නෑ (අ)
සෑම් Friday, 12 June 2015 10:10 PM
"බොරු පැමිණිල්ලක් දැමීම" කියන චෝදනාව උසාවි නොගිහින් ගොඩින් බේරාගන්න අවස්ථාව ලබාදීමෙන් මට නම් පෙනෙන්නේ පොලිසිය පක්ෂග්‍රාහී විදියට කටයුතු කරන බවයි. ගෙවල් කුලිය නොගෙවීම ගොඩින් බේරාගන්න ඉඩදිය හැකිවුණත් බොරු පැමිණිල්ලකින් පොලිසිය නොමඟ යවා යමෙකු අමාරුවේ දැමීමට තැත්කිරීම ගැන තීන්දුවක් දියහැක්කේ උසාවියට පමණයි. (නි)
පිටබැද්දර ජයා Saturday, 13 June 2015 12:43 PM
පොලිස් නිළධාරීන් පොඩි ඇඳුනුම් කමක් තිබුණොත් කවදාවත් සාදාරන විදියට ප්‍රශ්නයක් සමථයකට පත් කරන්නේ නැහැ , ඒ නිසාම මිනිස්සුත් දැන් පුරුදු වෙලා ඉන්නේ අඩුම තරමේ පලා බබෙක් ලවුව හරි කෝල් එකක් දෙල්ල පොලොසියට යන්න (අ)
ටිකිරි Saturday, 13 June 2015 05:28 AM
ඔය වැනි අවස්ථා වලදී කඩ හිමිය මුලින්ම පොලිසියේ පැමිණිල්ලක් දමල තිබුන නම් බොරු චෝදනා වලින් බේරෙන්න තිබුන (බ)