රුපියල් පන්දහසක රක්ෂණ වන්දියක් ලබාගැනීමේ අරමුණින් රිය අනතුරක් පිළිබඳව පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු රුපියල් හත්දහස් පන්සීයක දඩයක් ගෙවීමට සිදුවීමේ පුවතක් ගම්පහ ප‍්‍රදේශයෙන් වාර්තා වේ.
පෞද්ගලික ආයතනයක සේවයකයෙකි. කොටස් වශයෙන් ගෙවීමේ පදනම මත මිලදී ගත් යතුරුපැදියක් ඔහු තම ගමනට යොදාගනී.
පසුගියදා මාර්ගයේ වළක වැටීමෙන් පැදිය අනතුරට පත්විය. සංඥා ලාම්පු ආදිය බිඳී අලාභ සිදුවිය. ඔහු ද සුළු තුවාල ලැබීය. පූර්ණ රක්ෂණ ආවරණයක් යතුරු පැදියට ඇති බැවින් මේ තරුණයා අදාල රක්ෂණ ආයතනයට මේ පිළිබඳව දැන්වීය. එයින් උපදෙස් ලැබුණේ අනතුර පිලිබඳව වහාම පොලීසියට පැමිණිලි කොට එහි පිටපතක් ඉදිරිපත් කරන ලෙසය.
ඒ අනුව ඔහු පොලීසියට පැමිණිල්ල ඉදිරිපත් කළේය. පොලීසිය ඒ පිළිබඳව විමර්ශනයක් කර හෙළි වූ වැරදි සම්බන්ධයෙන් පැමිණිලිකරුට එරෙහිව නඩු පැවරීය.
අනතුරින් සිදුවූ අලාභය වශයෙන් රුපියල් පන්දහසකට ආසන්න වන්දියක් ඔහුට ලැබුණු අතර සිතාසි ලත් විට ඔහු උසාවියේ පෙනී සිටියේය. රුපියල් දහසක් ගෙවා නීතිඥ සහාය ද ලබාගත් ඔහුට අධිකරණයෙන් 7500ක් දඩයක් නියම විය.
2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වන්දියක් ගන්න බලාගෙන අනතුරක් කර අන්තිමේ දවල් තරු පෙනිලා
සංජීව Monday, 18 March 2013 01:22 PM
මෙතන දැන් මාර්ග නීති කඩවීමක් වෙලා තියෙනවද? (නි)
ලලිත් Monday, 18 March 2013 01:25 PM
පවු අහිංසකයා! (නි)
සරා Monday, 18 March 2013 01:33 PM
දවල් තරු නොපෙනී තියෙයිද (දී)
වන්නි Monday, 18 March 2013 10:04 AM
කවුද අන්තිමට වන්දි ගෙවුවේ (දී)
රුවන් Monday, 18 March 2013 02:21 PM
අන්තිමට වන්දිත් නැහැ, මොකුත් නැහැ (දී)
සිසිර Monday, 18 March 2013 02:27 PM
බොරු කලාම ඔහොම තමයි (දී)
සරත් Monday, 18 March 2013 10:15 AM
වංචාව හොද නැහැ (දී)
චන්දන Monday, 18 March 2013 10:19 AM
තරු නොපෙනී තියෙයිද (දී)
දිනේෂ් Wednesday, 20 March 2013 12:02 PM
බොරුවට ආයුෂ නැත (දී)
දම්මි Wednesday, 20 March 2013 08:19 AM
මේක පුදුම නීතියක්... (නි)
බුද්ධික Monday, 18 March 2013 07:19 PM
මේකෙ හැටියට නම් පාඩුවක් වෙලා නැහැ. හැමදේම මතුපිටින් බලලා තීරනය කරන්න එපා. (නි)
අමිල කටුනායක Tuesday, 19 March 2013 08:49 AM
දවල් තරු බලන්න ඇයි නඩු දාන්නේ? (නි)