ඔහු ආයතනයක සේවකයෙකි. දිනක් පුවත්පත් දැන්වීමකට ඔහුගේ දෙනෙත් ඇදී ගියේය. වශී ගුරුකම් - තමා හැරගිය පෙම්වතා, පෙම්වතිය, දින හතකින් දෙපා මුලට කැමති අයකුගේ හිත දිනාගැනීමට නම රැුගෙන එන්න, එහි සඳහන් විය. ලිපිනය සොයා ගිය ඔහුට රතු වස්ත‍්‍රයකින් සැරසුණ කාන්තාවක් නිවසේ සාදන ලද දේවාලයකදී හමුවිය. පරල වූ ඇය, ‘‘දරුවාගේ වුවමනාව මොකක්දැයි” විමසුවාය. ‘‘මෑණියෝ, මට සල්ලි තියෙන කාන්තාවකගේ හිත දිනාගන්න ඕනේ’’ ඔහු පැවසීය. ‘‘දරුවෝ ඕක මට සුළු දෙයක් එයාගේ තොරතුරු කියන්න” ඇය පැවසූ විට ඔහු පිළිතුරු දෙමින්, ”එයා වැදගත් රක්ෂාවක් කරන්නේ, මහත්තයා මැරිලා, දරුවන් නැහැ වයස ටිකක් වැඩියි. මාත් එක්ක හිතවත්” යැයි කීය. ‘‘ඒ තැනැත්තියගේ නම ගෙනාවද?” ඇය විමසූ විට හෙතෙම කාන්තාවගේ නම ලියා ඇය අත තැබීය. ”මම මේ වැඬේ කරලා දෙන්නම්, ඔය වගේ දේවල් මම කොච්චර කරලා තියනවාද? දැන් රුපියල් පන්දාහක් දෙන්න. ඉතිරි පන්දහ වැඬේ කෙරුනාට පස්සේ,” ඇය කීවාය. ඔහු රුපියල් පන්දහසක් දුන්විට ඇය කුඩා සුරයක් ගෙලේ පැළඳුවාය. දින හතකින් ඉටුවන බව පැවසූවත් මාස තුනක් ගතවූවත් කාරණය ඉටුවුණේ නැත. ඔහු දේවාලයට දුරකතනයෙන් කතා කළවිට ඇය පැවසුවේ සුරය කිල්ලට අසුවී ඇති නිසා නැවත ජීවම් කළ යුතු බවය. නැවත ඉක්මණින්ම ඇය මූණ ගැසෙන බව ඔහු මෙම ලියුම්කරුට පැවසීය.
(ක‍්‍රිස්ටෝපර් සීපියන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වශී ගුරුකම් යනු ස්ත්‍රී දූෂණයට අනුබල දීමක්ලු. (හේ)
තවත් 5000/= මුදලක් ගෙවන්න වෙයි වගේ. අනික එයා හරියටම දන්නේ කොහොමද ඒක කිල්ලට අහුවෙලා කියලා. මේවා පිළිගන්න අය තවමත් ඉන්නවනෙ. (නි)
යන්තර මන්තර, ගුරුකම් හරියටම හරියනවානම් මේ ලෝකය කොපමණ සුන්දර තැනක්ද?? තමන් පතන ආකාරයේ සහකරුවෙක්, සහකාරියක් හොයා ගන්න රුපියල් පන්දාහක් නොවේ ලක්ෂයක් ගියත් මොකෝ?? මම හිතුවේ සුමනදාස යුගයත් සමග මේ අවිද්‍යාවත් ඉවර වුනා කියලා. බැලුවහම තවත් මෝඩ කම් කරන අය ඉන්නවා. (හේ)
එක්තරා නගරබද ආයතනයක, කාර්ය මණ්ඩලයේ තරුණියකට කඩවසම් තරුණ විධායක නිලධාරියෙක් වශී කරගන්න ඕනෑ වෙලා තිබුනලු. විධායක තරුණයා පොළොස් වලට කැමති බව දැනගෙන අර තරුණිය ඔහුට ඉනාවක් දමලා පොළොස් ඇඹුලක් ගෙනවිත් දීලා. කාර්ය මණ්ඩල කෑම කාමරයේදී ඒ වෙලාවේ එතනට කෑමට පැමිණ සිටි ගැබිණි සේවිකාවකට හිත හොඳ තරුණයා පොළොස් ඇඹුල පිරිනමලා. දැන් අර ගැබිණි කාන්තාව තමන් ඒ තරම් රස පොළොස් ඇඹුලක් කවදාවත් කාලා නැහැ කියමින් " අනේ නංගි මට තරහ නැතුව ආයෙත් ඒ පොළොස් ඇඹුල හදාගෙන ආවොත් ඔයාට පින්සිද්ධ වේවි " කියලා ඇවිටිලි කරමින් අර තරුණිය පසුපස යනවාලු. (නි)
ගම්බද පළාතක තරුණයෙක් වශී ගුරුකමක් කරගෙන තියෙන්නෙ බුලත් කොළේකට. ඉතින් ඒ කොළේ අදාළ තරුණිය කන බුලත්විටට සම්බන්ධ කරන්න මේ කොලුවා ඒක අරගෙන යද්දි පාර අයිනෙ සිටි වැස්සියෙක් මෙයාට අනින්න ඇවිල්ලා. මෙයා දුවද්දි අතේ තිබුණ බුලත් කොළය වැටිලා. පස්සෙන් ආපු වැස්සි ඒක කාලා, ඉතින් ඒ වැස්සි මැරෙනතුරු අර කොලුවගෙ පස්සෙන්මලු (නි)
එක්කෙනෙක් ඔහොම සාත්තර කියලා රටටම හොදක් කලේ. (හේ)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ඒ මහත්තයට ගුප්‍ත විද්‍යාව නිසා නැති වුණේ 5000යි. තව එක්කෙනෙක්ට රජ කමත් නැති වුණේ එක්තරා රටක. (අ)
විභාගයෙන් පාස්වෙන්න ඔක්කොම සම්මාන ගන්න රුපියල් පන්සීයක යන්ත්‍රයක් දැම්මා. වැඩ පහම අසමත් වුණා. අන්තිමේදී යන්ත්‍රකරු දුන් උත්තරයෙන් මට තරු පෙනුනා.මම කිල්ලට අහුවෙළාලු. යන්ත්‍රයේ බල නැතිවෙලාලු. ණයට ගත්ත පන්සියත් මට නැතිවුණා (නි)
සෑම් මහත්මයා සමග මමත් එකඟ වෙනවා. සුමනදාස යුගයේ මොන තරම් දේවල් උනාද පාඩමක් ඉගනගන්න මොලයක් තිබේනම්. (නදී)